ජාතික ආරක්ෂාවට හා ජාතික ආර්ථිකයට හානිකර ආයෝජකයන්ට ශ්‍රි ලංකාව තුළ අයෝජන අවස්ථා වලට ඉඩ දිමට තමන් අකැමැති යැයි අද (03) විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පැවසිය.
ත්‍රිකුණාමල වරාය සතු ඉඩම්වල පදිංචි ජනතාවට එම ඉඩම් අයිතිය ලබාදිම සම්බන්ධයෙන් ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයයේ වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්විමේදී විපක්ෂ නායකවරයා ජාතික නිදහස් පෙරමුණේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත විජේසේකර මහතා කළ ප්‍රකාශයක් පදනම කරගෙනය.
‘ආයෝජන අවස්ථා සඳහා දැනට තිබෙන වරාය සතු ඉඩම් විදේශිය ආයෝජකයන්ට ලබාදෙන්නේ නම් වරාය, තෙල් ටැංකි, නාවික හමුදා කදවුර හා යුද හමුදා කදවුර අවට වරාය සතු ඉඩම් විදේශිය ආයෝජකයන්ට නොදෙන්නැයි ජයන්ත විජේසේකර මහතා ඉල්ලිමක් කළේය. විපක්ෂ නායක සම්බන්ධන් මහතා කිවේ ජාතික ආරක්ෂාවට හා ජාතික ආර්ථීකයට හානියක් නොවන විදේශිය ආයෝජකයන්ට ඕනෑම තැනකින් ඉඩම් ලබාදිමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය. එහිදි සභාව උණුසුම් වි ගිය අතර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ ජාතික ආරක්ෂාවට මුල් තැන දී ආයෝජනයට ඉඩ දෙන බවත් ජාතිවාදය අවුස්සන්න එයා යැයි’ද කිය.
සභාවෙන් පිටවි යාමට නැඟී සිටි ජයන්ත විජේසේකර මහතා යළි සිය අසුන් ගනිමින් කිවේ තමන් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරයකු වුවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ හෝ තම නායක විමල් විරවංශගේ ජාතිවාදී අදහස් ප්‍රතික්ෂේප කරන බවයි. සිත් රිද වුයේ නම් සමාව ද ඉල්ලුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදය සහ ජාතිකවාදය පටලවාගෙන (බ)
ජාතිවාදය හෝ ජාතිකවාදය යනු එකම කාසියේ දෙපැත්තකි ,දුමින්ද මහතාට තේරෙනවද දන්නේ නෙහැ , සමාවන්න පැහැදිලි කරාට. (ර)