ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ලබන 29 වන ඉරුදින ලන්ඩන් නුවරදී" සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව" නමින් විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.
මෙම දේශනය සංවිධානය කර ඇත්තේ "දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ" නම්වූ කණ්ඩායමක් විසිනි. රැස්වීම පැවැත්වෙන්නේ 29 වන ඉරිදා දහවල් 1 ට හවුන්ස්ලෝ ෆෙල්තම් පාසල් ශාලාවේදීය.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදය විසින් මෙදිනම පැවැත්වීමට සුදානම් කර ඇති "මාතෘ භුමි වන්දනා රණවිරු උපහාර උළෙල" සඳහා අවහිර තාවයක් ඇති නොවීම සඳහා මෙම රැස්වීම දහවල් 1 ට ආරම්භකිරීමට අදහස් කරන බව මේ පිළිබඳව නිකුත්කර ඇති නිවේදනයෙහි දක්වා ඇත.
29 වනදින දහවල් 3 ට කුවීන්ස්බරි සියලු ශාන්තු වරයන්ගේ දේවස්ථාන ශාලාවේදී පැවැත්වෙන "මාතෘ භුමි වන්දනා රණවිරු වැඩසටහන" සඳහා මෙවර ශ්‍රී ලංකාවේ සිට සුවිසේෂී රණවිරුවෙකු සහභාගී වීමට නියමිත බවද කියති.
වීරවංශ මහතා මීට පෙර විදෙස් ගත වීමට යද්දී විදෙස් ගමන් බලපත්‍ර ගැටළුවක් නිසා අත්අඩංගුවට පත් විය. දැන් ඔහු ඇප පිට සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය ශ්‍රී! (නි)
"දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ"... පදිංචිය එංගලන්තයේ!!!! (නි)
තම රටට ආදරයක් නැති කුහක මිනිසුන් සිටින අපේ රටේ, රටට ආදරේ ඔබ වගේ මිනිසුන් සිටීම අපට මහත් ආඩම්බරයක්. ඔබට සුභ ගමන්! (නි)
ඔබට අපේ උපරිම සහයෝගය ඉදිරියටත් ලැබෙනවා (නි)
ජාතික හැඟීමක් ඇති පුද්ගලයෙක්. ජයවේවා! (නි)
අදහස් පළකරන්න අපිට අවස්ථාව දෙන ලංකාදීපයට ස්තූතියි! (නි)
ඔබතුමා අප රටේ තීරණාත්මක සාධකයක්. විමල් මැතිතුමාට ජාතියේ ප්‍රණාමය! (නි)
ලියොන් ගුණවර්ධන වෙත කරුණාවෙනි. වීරවංශගේ රැස්වීමත් මාතෘ භුමි වන්දනා වැඩසටහනත් අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. මේ දෙක පැවැත්වෙන්නේ තැන දෙකක. මාතෘ භුමි වැඩසටහනට බාධාවක් නොවන ලෙසට වීරවංශ රැස්වීම කලින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතිබව එම සංවිධායකයින් පවසනවා. (නි)
ඔබට සුබ පැතුම්! (නි)
සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව ගැන කියන්න එංගලන්තයට එන්න ඉඩදීම ගැන මෙතුමා පළමුව සතුටු වියයුතුයි. ලංකාවේ උසාවිය ගැන කියන්න සුද්දෙක් ලංකාවට එන්න හැදුවා නම් මෙතුමා විරුද්ධ වෙනවා නිසැකයි. (නි)
ඔබට ජයවේවා!
සොපි, ඔයා හරියටම හරි.........."මොහු ලංකා දේශපාලනයට අත්‍යාවශ්‍යයි". මොකද දන්නවද? අච්චර අමාරු යුද්දයක් දිනලා මුළු රටේම ජනතාවගේ ආදරය දිනාගත්තු ජන නායකයෙක් හොම්බෙන් යන තැනට වැඩසිද්දවෙන්න කතාකරපු ජාතික වීරයෙක් තමා මෙයා.(රේ)
ඔය මාතෘකාව "නෝනලට හොර පාස්පෝට් හදාදීම සහ උසාවියෙන් ගැලවීම" කියල වෙනස් කලොත් නරකද?.(රේ)
ලුම්බිණි, ඔයා හරියටම හරි..(රේ)
මහින්ද සහ නිහාල් වෙත, කරුණාකර කතිකත්වයේ සහ වාචාල කමේ වෙනස හොයාගන්න. මොහු ඔහොම කතිකයෙක්නම්, එන්. එම්. පෙරේරලා , බණ්ඩාරනායක මහත්තය එහෙම තියන්නේ කොහෙද?.(රේ)
බයවෙන්න එපා විමල් මන්ත්‍රීතුමා. (ර)
හොඳ වැඩක්. (ර)
සුබ ගමන්. (ර)
මාගේ සුබ පැතුම්.! (ර)
යනකන් ෂුවර් නෑ. (ර)
ඔබට ජය ශක්තිය !!!.(රේ)
හොද සංචාරයක් වේවා.(හේ)
අනේ මේ පාර හරි යන්න දෙන්න.අසාවනේ කොල්ලගේ.(හේ)
සහභාගි වන අය ගමන් බලප්‍රත්‍ර දෙකක් හෝ උප්පැන්න සහතික දෙකක් සමග පැමිනීම අනිවාර්යවේ (හේ)
පොඩි ගැටලුවක් තිබෙනවා. දැන් මේකට සහභාගිවෙන " දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ" ජීවත්වෙන්නෙ මේ කියන සුද්දන්ගේ රටේද? (නි)
කපිල ඔයාට වැඩිය ලංකාව ගෙන කැක්කුමක් තියෙන මිනිස්සු පිටරටවල ඉන්නව. (බ)
ඩුබායි රටට ආවෙත් ඔහොම කියලා තමයි. (ර)
"දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ" කියනකොට මට හිනත් යනවා. දැන් කොහෙද එහෙම අය ඉන්නේ? (ර)
සුද්දන්ගේ උසාවියක් තිබුනානම් මේ වෙනකොට... (ර)
ඊළගට දේශනය තියන්නේ කොහේද දන‍්නෙ නැහැ (නි)
එතුමා විතරනේ එහෙමවත් දෙයක් කරන්නේ (නි)
විමල්, අපි ඔබ සමඟයි (නි)
ෂෙහාන්, කැක්කුමක් තියෙනවා නම් ඇයි ලංකාවට ඇවිල්ලා පදිංචිවෙලා අඩුගානේ තිබෙන ප්‍රශ්න ගැන කතා නොකරන්නෙ? (නි)
ලංකාවේ දේශප්‍රේමී කියන අයට ගමන් බලපත්‍ර 2-3 ක් තිබෙන්න ඕනෑ ඇති. හැඳුනුම්පත් 2-3 කුත් තිබෙන්න ඕනෑ ඇති. එහෙම නෙමෙයිද? (නි)
මේ වගේ නීතියට ගරු නොකරන අය කියන දේවල් අහන අය එහේ ඉන්නවද? (නි)
ජයවේවා! (නි)
මැදපෙරදිග වැඩකරන මිනිසුන්ට තමයි ඇත්ත දේශප්‍රේමය තිබෙන්නෙ. ඒ මිනිසුන්ට මොකුත් කවුරුත් දෙන්නෙ නැහැ. මේ වගේ අය ඒ මිනිස්සු ගැන කතාත් නැහැ (නි)
පිටරට ඉන්න අයටද ඕක කියන්න යන්නේ? (නි)
විමල් විරවංශව අවතක්සේරුවට ලක්කරන්න එපා.ඔහු කියන දේවල් බොරු යැයි සිතන්න ඉක්මන් වීම අනුවණකමක් . මොහු ලංකා දේශපාලනයට අත්‍යාවශ්‍යයි (රේ)
එතුමාගේ එම ගමන සාර්ථක වේවා! (නි)
ශාලාව පිරෙන්න කට්ටිය එයි නේද? (නි)
එනතුරු තමයි අපිත් බලාගෙන ඉන්නේ. මෙදාපාර දෙනවා බැටේ (නි)
ඔබට අවශ්‍ය හොර උප්පැන්න,හොර පාස්පෝර්ට්, හොර ජාතික හැඳුනුම් පත්,සඳහා වහාම විමසන්න.(අ)
නියමයිනේ! (නි)
මට මතක්වුණා පරණ සිද්ධියක්. කලකට පෙර බංගලිදේශයට ගිය අපේ දේශපාලකයෙක් එහිදී බෙංගාලි බසින් කතාවක් කළා. ඊළඟ සති අන්තයේ මුද්‍රිත පුවත්පතක මුල් පිටුවේ එම කතාව සිංහල අකුරින් බෙංගාලි බසින් පළවුණා. එම කතාව (බෙංගාලි වචන නිසා ) සිංහල අයටවත් (සිංහල අකුරින් පළවූ නිසා ) බෙංගාලි අයටවත් කියවන්න බැරිවුණා (නි)
මේ වගේ අය ගෙන්වන අය ගැනත් මට හිතා ගන්න බැ.අඩුගානේ ඉගෙන ගත්තු මිනිහෙක් ගෙන්න ගන්න ඕනි (හේ)
අපි ඔබ සමඟයි (නි)
මෙය හොඳ ආරම්භයක් (නි)
ඔහු බොහෝ බුද්ධිමත් පුද්ගලයෙකි (නි)
මහා බ්‍රිතාන්‍යයේ වසන අප වීර හෙළයන්ගේ දේශප්‍රේමි සංවිධානය විසින් සංවිධාන කර ඇති ඉහත සදහන් මාතෘභුමි වන්දනා උත්සවයට සභාගිවී කුරිරු ත්‍රස්තවාදයෙන් පීඩා විඳි අප රට වැසියන් අද මුහුණපා ඇති ව්‍යාකුල තත්වය ලොවට හෙළිකිරීමට අපේ වීරවංස මහතාගේ ප්‍රයත්නය ආදර්ශයකි (බ)
මා දන්නා තරමින් විමල්ට පළපුරුද්ද තිබෙන්නේ නම් හොර පාස්පෝට් හොර උප්පැන්න සැදීම පිළිබද දේශනා පැවැත්වීමටයි .කොහොම වුනත් 9 වන ශ්‍රේණිය සමත් මොහුගේ දේශනා අහන්න එන්නේ මොන්ටිසෝරි කට්ටියක්ද (බ)
බීරි අලින්ට වීනා ගායනා වැඩක් නැති වුවද ....රටට උදාවෙන ....අපට නොපෙනෙන, වාචාලයන්ට නොදැනෙන ,අමිහිරි අනාගතය පිළිබඳ.... හදවතින්ම ශ්‍රී ලාංකීය මිනිසුන් දැනුවත් කිරීම උදෙසා කට ඇති පුතෙකු ....යන ගමන ගැන සිහලුනේ කුහක සිතින් නොබලනු මැන .....(බ)
රට ඉන්න කට්ටිය රටට වෙන දේවල් ගැන කැක්කුම දැන් තමා. අවුරුද්දකට විතර කලින් හොඳට තියෙන්න ඇති. ඔය වගේ දේශප්‍රේමියෝ ඕස්ට්‍රේලියාවෙත්, ඇමෙරිකාවෙත් කිඹුල් කදුළු හළමින් ඉන්නවා. (නි)
විමල් වීරවංශ උපතින් සහජ හැකියාවක් තිබෙන, තර්කානුකූලව කතා කළ හැකි, රට ජාතිය ගැන හිතන පුද්ගලයෙක් නිසයි විශාල මනාප සංඛ්‍යාවක් ලැබුනේ. මෙහෙම අය ඊර්ෂ්‍යාවට ලක්වෙන එකත් පුදුමයක් නොවෙයි. (නි)