ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත ‘වන්නිය, ජිනීවා සහ නිව්යෝක් : දෙමළ ඊළාම් මාර්ග සිතියම‘ කෘතිය එළිදැක්වීමේ උළෙල සහ සංවාදය අද පස්වරුවේ කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා උළෙලේ ප්‍රධාන ආරාධිතයා විය.
විමල් වීරවංශ තරුණයන් අතර සම්පතක් බවත්, දැන් සිටින මේ පාලටයි අරයටයි මෙයාටයි තමා බිය නැති බවද හිටපු අගවිනිසුරුවරයා උත්සව සභාව අමතමින් පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ විමල් මහත්තයාත් අහගන්න දේවල්! (නි)
ඩුබායි තිලක් කොමෙන්ට් දාන එකමයි වැඩේ (බ)
සරත් වගේ කෙනෙක් මේ රටේ නඩුකාරයා වුනානම්, රට ගැන මොන කතාද..මේ වගේ දිව දෙකේ අය දෙන තීන්දු ගෑන මොන කතාද..තව ටික කාලෙකින් මෙයාම ජෙල් විමල්ගේ රෙදි ගලවයි...පිස්සො එක්ක ඉන්නෙ පිස්සො මිසක් වෙන කවුද? (බ)
ඕනෑම දෙයක් විවේචනය කිරීමේ මගඟු හැකියාව විමල්ට තියනවා නමුත් ඔහුටත් රටටත් ඵලදායි නැහැ මුඛය නිසා ඔහු ජනප්‍රියයි . සරත් සිල්වා ගැන කියන්න දුකයි (අ)
කවුරු මොනව කීවත්, බය නැතිව පාර්ලිමේන්තුවේ විහිළු කරන්න දැන් ඉන්නෙ විමලෙයි ගම්මන්පිලයි විතරයි. (අ)
විමල් මහත්මයා ද දන්නෑ ඔය පොත ලීවේ .හුගක් දේශපාලකයන් තමන්ගෙ නමින් කුලියට පොත් පත් ලියව ගන්නවාලුනෙ. (අ)
මෙයාලගේ සද්දේ විතරයි. (ර)
මේ මනුස්සයාගැන අපේ ඇස්. බි .මහත්තය හොඳට දන්නවා. (අ)
කවුරු මොනවා කිවුවත් විමල්, ගම්මන්පිල කොන්ද පණ ඇති මිනිස්සු (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)
මෙයා තරුණයෙක්ද ? 50 කටත් ළගි. තරුයන්ට මොනවාද කියන්නේ. කට විතරි. වැඩ නැහැ. (ම)
තව තව ලියන්න විමල් (නි)
විමල් වැනි අය තව තවත් බිහිවේවා! (නි)
විමල් අපිට ආඩම්බරයක් (නි)
බොහොම ස්තූතියි විමල් මහතාණෙනි විමල් මහත්තයෝ,බාධක වලින් නොසැළී යන්න.(අ)
පාලු ගෙවල්වල වලන් බිඳින්න බලන් ඉන්න අයට ගම්මන්පිලයි මෙයයි ලොකු හිසරදයක්..වටකරන් ගහන්නේ මේ අයට. නමුත් මෝඩයින්ට තේරෙන්නේ නැහැ ඒ ගැහිල්ලෙන් වෙන්නේ මේ අයට ජනතාව අතර තව තවත් ජනප්‍රිය වීම පමණයි (අ)
විමල් කතා කරන්නේ එයාගේ මට්ටමේ හැමෝම කියල හිතල පසුගිය මැතිවරණ කලේ පුද්ගලයින්ට අපහස කරපු හැටි මතක් වෙද්දීත් හරිම දුකකයි (ම)
විමල් ගැන යහපත් හැගීමක් පසුගිය පාලනය විවේචනය කරන විට ඇති වුණත් පසුව එය වෙනස් කරගෙන ඔවුන්ට කඩේ යාම පටන් ගත් විට ඇති වුණේ පිළිකුලක්. නමුත් ඔහු දක්ෂයෙක් රටට අවශ්‍ය පුද්ගලයෙක් නමුත් එ් සදහා නායකයින් වෙනුවෙන් කඩේ යාම නවතා ජාතිවාදී සංකල්ප වලින් මිදිය යුතුයි. (ම)
අනේ ඉතින් අර පවුලෙ අයට අඩුවට ආණ්ඩුවේ ගෙවල් බෙදලා දුන්න එක මදෑ මෙයාව සම්පතක් කියල කියන්න හ්ම්ම් (බ)
නිර්ධන පන්ති දේශපාලනය සඳහා කලඑළි බට විමල් නම් කොලු ගැටයා මේ මොහොතේ රැඳී සිටින ස්ථානය ගැන නොසිතා ඔහු රටට සම්පතක් සේ හැඳින්වීම අවස්ථාවාදී දේශපාලනයෙන් ගිනිකන වැටුණ වන්දි භට්ටයන්ගේ ප්‍රශක්ති ගායනයක් මිස විචාරශීලි ඇගයීමක් නොවේ. තමා නියෝජනය කළ ජවිපෙ තුළ ඔහු දකින මතවාදී විකෘතිය නිවැරදි කර ගැනීමේ අරගලයක නොයෙදී වෙනම පහුරක් අටවා ගෙන ධනවාදී කඳවුරක් වෙත හබල් ගා පැමිණ එම ධනවාදී කඳවුරේ ඉදිරිපෙළ මුඛරි ආරක්ෂකයකු වෙමින් " රාජා හෝ මා හෝ ගංගා හෝ " කියූ අරිට්ට කි වෙන්ඩු චරිතය ප්‍රති නිර්මාණය කරමින් සිටියි. (ම)
ඔය කොයි රජවරුත් ,කුමාරවරුත් දහදිය හෙලමින් වැඩ කරලා පොහොසත් වුණේ නැහැ . රටේ ජනතාවගේ මහන්සියේ ප්‍රතිපල වල වලින් ගත්තු බදු වලින් තමයි පොහොසත් වුණේ.රජකම් කළේ. එත් දැන් එහෙමද? (ම)
ඔවු ඔවු ඒක සහතික ඇත්ත (නි)
කවුරු මොනව කීවත්, බය නැතිව ආණ්ඩුව විවේචනය කරන්න දැන් ඉන්නෙ විමලෙයි ගම්මන්පිලයි විතරයි. (රේ)
සීගිරියයි, සිරිපාදෙයි ගැනයි තවත් පොතක් ලියපන්... (ම)
2015 වර්ෂයේ හොඳම විහිළුව (ම)
මේකේ ඉන්න එවුන් මරාගන්නවා අදහස්වලට. මේ මැති ඇමැතිලා ඔක්කෝම එකයි. විමල් මහත්තයාට දැන් තියෙන්නේ ඒ ශෝකේ. ඉතින් මැරෙනකන් ඔහොම තමයි (බ)
පොතකින් කරන්න පුළුවන් වැඩ බොහොමයි (බ)
අපේ හිටපු සී ජේ කියන කතා ගැන කවුරුත් දන්නවා. ඒවා එතරම් ගණන් ගන්න කලබල විය යුතු නැහැ. (බ)
තරුණයින් අතර නරුමයෙක් පොත ළඟදීම එළිදක්වනවා.ඇමති තනතුරකට පෙර අපොස සමත් වෙමු. හෙට සිගිරිය නගමු. (ම)
මේ මොහොතේ පක්ෂ සහ ජාති භේද වලින් තොරව හැමෝම රට වෙනුවෙන් නැගී සිටින්න ඕනේ. (බ)
අවුරුදු 50 තරුණයා. මාරු කතාව. ඔය ලොක්කා නේද මීට කලින් හිටපු ලොක්කා ගැනත් අර දරුණු කතාවක් කියල කෑවේ ? (ම)
බොහොම ස්තූතියි විමල් මහතාණෙන.(රේ)
සියලු දෙයට වන්දිභට්ටකම් කිරීමට වඩා විකල්පමතවාද උතුම්ය (ම)
පිවිතුරු යහපාල හෙන ගහන කොට එළීයට එහෙම යන්න එපා. (ම)
සමහරුන්ගෙන් රටට සිද්ධවෙන හානිය අප්‍රමාණයි. (නි)
මම නම් මෙය කියන ඒවා වැඩිය ගණන් ගන්නේ නැහැ. හෙට කියාවි එහෙම කළ එක ගැන පසුතැවිලි වෙනවා කියල.(අ)
සරත් නන්ද සිල්වා කියන්නේ 'තවත් කොමිඩි පීස් එකක් ' විතරයි. එයා වගේම එයා කියන දෙවල් වලිනුත් හිනා යනවා ඇරෙන්න හිතට ගන්න දෙයක් නැහැ. උගත්කමට නිගා කරන්නේ නැතුව, තමන්ගේ පෞද්ගලික ලාභ අලාභ ගැන නොහිතා රට වෙනුවෙන් යමක් කරන්න මහත්තයෝ. (ම)
අපිට අධිරාජ්‍යවාදය ගැන කියන ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ දරුවන් ඉගෙන ගන්න යවල තියෙන්නේ අධිරාජ්‍යවාදී රටවලටනේ.තවමත් මේ අය පස්සේ යන හරක් ඉන්නවද?(අ)
අපිට අධිරාජ්‍යවාදය ගැන කියන ගමන් ඒකාධිපතියත් එක්ක එකතු වෙලා හොදට ගසා කෑවා.අද වෙනකොට විමල් කියන්නේ රුපියල් කෝටි 2000 කට වත්කම් කියන සුපිරි ගනයේ කෝටිපතියෙක්.උගත්කමෙන් හරි හම්බ කලා කියලද?(අ)
කථිකත්වය කියන්නේ කටට එන දේ කියන එක නොවෙයි. (ත)
හරි හමන් වුගත් කමකුත් නැතිව(8 ශ්‍රේණිය සමත්),පරම්පරාවෙන් කියල බුදලයකට හිමිකම් කියන්නෙත් නැතිව,ජීවිතේටම රැකියාවක් කියල දෙයක් කරන්නෙත් නැතිව,..පසු ගිය අවරුදු 5-7 තුලදී ප්‍රකෝටිපතියෙක් වුනේ කොහොමද?(රේ)
යකා හැටියටලු විමාන...(රේ)
අධිරාජ්‍යවාදය ගැන අපිට කියල දෙන්න එකතු වෙලා ඉන්න "සෙට් එක" ගැන හිතනකොට තනි ඇහැට ඇඬෙනවා. (රේ)
ජයවික්‍රම මහතාගේ ප්‍රකාශය නිවැරදිය. ඔය වගේ නීති පොතකුත් පසුගිය දිනවල දකින්නට ලැබුණා.(ම)
විමල්ට කෝටී 2000 ක් වත්කම් තියේනම් මෙලහකටත් කුඩුවට දමල. එහෙම කරගන්න බැරිකමට තමයි, එයාගේ නෝනගේ පාස්පෝර්ට් එකයි අයි.ඩී එකයි අල්ලාගෙන නඩුු දැම්මේ විමල් තරුණයන් අතරේ සම්පතක් කතාවට එකඟයි...(රේ)
පොත් ලියන හෙටි අපි දන්නවා , මෙයට තියෙන වැඩ වල හැටියට කොහෙද පොත් ලියන්න වෙලාවක් වෙන කෙනෙක්ට කියල ලියාගෙන මෙයාල පබ්ලිෂ් කරනවා අපේ අය ඉතින් ගොඩක්ම මේවා දන්නේ නැහැ, (ම)
ඔබට ජය නියතයි. (ර)
අපේ සල්ලි හොරකම් කරලා ගෙවල් හදපු ඒවා ගැනත් පොතක් ලිව්වොත් නරකද? මේ යකා හැමදාම සෝබන වැඩ තමා කලේ.(ම)
මේ නාකි හැතිකරය රට වනසනවා...(රේ)
මේ වගේ අගවිනිසුරුවරයෙක් ශ්‍රී ලංකාවේ සිටිය එක ගැන අපි කණගාටු වෙමු. ගෞරවනීය පුද්ගලයන් මේ වගේ තත්ත්වයට ඇද දමන දේශපාලකයන් ගැනද අප කණගාටු විය යුතුය...(රේ)
දැන් මේ අයට මාතෘකා නැහැ. දැන් ඉතින් ආයෙමත් පාරවල්වල බුදියෙල, උපවාස කරලා දහන්ගැට 18 ක් විතර ගහල තමයි ආයේ ඇමති පට්ටමක් ගහගන්න වෙන්නේ. මේ අයගේ දරුවෝ ඔක්කොම අධිරාජ්ජවල. මේ අයත් මේ රටවලට ඇවිල්ල සුපිරි හොටෙල්වල ඉඳල කාල බීල රවුන් ගහල යනවා. රටේ දුප්පත් අහිංසක ජනතාවට කොකා පෙන්වල, ජනතාව ගොනාට අන්දලා ආයේ නම් බයිලා ගහල ඇමතිකම් ගන්න බැරිවෙයි වගෙයි. එත් ඉතින් මේ අය හොඳට කළොත් තමා. නැතිනම් ඉතින් මේ අයටත් ඔය ටිකම තමා වෙන්නේ.(රේ)
බලය නැතිඋනාට පස්සේ නම් එයා සම්පතක් මොකද අර නෑදෑයන්ට බෙදල දුන්න අති සුකොපබෝගී නිවාස 6 න 5 ක් ම බාරදුන්නලු. බයවෙන්න ඇතී වීරවංස වීර බලුවෙයි කියල (රේ)
එතකොට අර පහුගිය භීෂණ සමයේ තරුණයන් නොමග යවල මිනි මරවන්න අනුබලදුන්න අය අතරේ මෙයා හිටියේ නැද්ද? ඒ කාලේ මියගිය තරුණයන්ගේ ජිවිත වලට වගකියන්නේ කවුද? (අ)
මෙයා ලියන්නේ ජාතියේ චෝර වංශය. (අ)
ඔබ වැනි එඩිතර පුතුන් රට ජාතියට සම්පතක්.!!!ඔබට තෙරුවන් සරණ වේවා !(අ)
විමල් ඉඳලා හිටලා මෙහෙම දේවලුත් කරනවා එහෙනම් (නි)
මුළු රටටම ඔබ ආභරණයක් (නි)
ඔබ රටටම සම්පතකි,,සුබ පැතුම් (ම)
ඩුබායි තිලක්ගේ මොළයේ මොකක්හරි ප්‍රශ්නයක් වගෙයි (නි)
තිලක් ඩුබායිට පිස්සුව තදවෙලා වගේ.අංගොඩ පැත්තේ ගියේ නැද්ද ළඟදී? (නි)
විමල්ට ජයවේවා! (නි)
විමල් හොරකම් කලානම් එෆ්සීඅයිඩී එක නිදිද? රටවෙනුවෙන් වැඩ කරන මිනිසුන්ට අපහාස කරනවනේ තවත් ලජ්ජා නැතුව. කොහොමත් අපේ මිනිස්සු යටත් වෙලා ජීවත් වෙන එක හරි ආඩම්බරයි එකනේ ධර්මපාල තුමාවත් එලව ගත්තේ. (බ)
බලන්නකෝ මෙයාට තියෙන ප්‍රතිචාර ගොඩ! (නි)
පීඩිත පන්තියේ කරමතින් දේශපාලනයට පිවිස එය අමතක කරදමා, දුෂිතයන් වෙනුවෙන් දේශප්‍රේමය හිස තබාගත් සම්පතක් අද අපට දකින්නට ඇත. (අ)
හොර හැඳුණුම්පත්, හොර උප්පැන්න, හොර කසාද සහතික හදපු හැටි එක ගැන පොතක් ලියන්නත් ඔබතුමාට පුළුවන් වේවා (අ)
සරත් අයියා වෙග් මනුෂ්සයකු ඒල්ලන්න ඔ්න (අ)
ඔය වයස මතක්වෙද්දී නම් අපිටත් තව තව දේවල් මතක්වෙනවා (නි)
මේවා දකිනකොට මටත් හිතෙනවා පොතක් ලියන්න "පොත් පෙරළන හැටි" ගැන. (නි)
නන්ද මහත්තයා තීරුවට අලුත් වගේ.පිවිතුරු යහපාල ඔහොම "පිවිතුරු යහපාල 2015-10-22 01:33:29" වගේ අදහස් දාන්නේ නැහැ.පිවිතුරු යහපාලව දිරවන්නේ නැති වුණාම පිවිතුරු යහපාලලා පැටව් ගස්සනවා.. (නි)
මුළු ලංකාවටම තරුණයන් කියලා කියවාගන්න තිරිහන්වෙන ක්‍රමය මොකද්ද කියලා, කියලා දුන්නේ මෙතුමා නේද? (නි)
විමල් සහ ගම්මන්පිල ගැන විශ්වාස කළහැකියි. ඩුබායි උපාලි බැරිද රජයේ පාර්ශවයේ සාක්කිකාරයෙක් වෙලා ඔබ කියන කරුණු ඔප්පු කරන්න. ඒක ජාතික යුතුකමක් ඉටුකළා වගේ වේවි. (නි)
අදයි අපි දන්නේ ඩුබායි පිස්සන් කොටුවේ තිලක්ලා වගේ ලංකාවේ අයත් ඉන්නවා කියලා. (නි)
අනේ අපි නොදන්නවායැ? (නි)
දැන් ප්‍රවෘත්ති වල යනවනේ විදේශ බැංකුවල ඩොලර් මිලියන 170 ඒවා , 50 ඒවා වෙනත් වෙනත් ඒවා තියෙනවා කියලා. පසුගිය රජය කාලේ රටේ ධනවතුන් බිහිවීම ගැන අපි ආඩම්බර වියයුතුයි. හොඳින් හම්බ කළත් නරකින් හම්බ කළත් කවුරුහරි හොඳින් ඉන්නවා නම් අපි ඊර්ෂ්‍යා නොකළ යුතුයි. ඉස්සරත් ලංකාවේ රජපවුල් තිබුනා සුඛෝපභෝගී ජීවිත ගතකළ. මිනිස්සු දැන් වගේ කුහකවෙලා විරුද්ධ වුණේ නැහැ. (නි)
තරුණයින් අතර...? (නි)
අධිරාජ්‍යවාදය කියල රටේ මිනිස්සු ගොනාට අන්දන්න ඉඩ දෙන්න එපා. (බ)
තිලක් ඩුබායිට අනුන්ගේ දේවල් වලට හොටදාන්නේ නැතුව ඉන්නම බැහැ වගේ (නි)
පිවිතුරු යහපාලට කුමාර පවුල් වලට ආවඩන්න ඕනෑකම තිබුනට මේ රටේ 99.99% කට එහෙම උවමනාවක් නැහැ. (නි)
හොඳක් කළත් හොඳක් නොකියන මිනිස්සු ඉන්න රටක් මේක (නි)
පිවිතුරු යහපාල මහත්තයෝ ඔය නන්ද ගැන කිව්වත් නැතත් මෙතන ඉන්න සේරම දන්නවා ඔයා රෙදි නැතුව එක පැත්තකට කඩේ යන වන්දි බට්ටෙක් බව ඒ හින්ද අපිට ඔය අටුවා ටීකා ටිප්පනි වෙඩක් නැහැ එ්ක ඒ විදිහටම කරගන යන්න නිකන් මේ එක පාරටම මැද මාවතේ අදහස් දරන කෙනෙක් කියල පෙන්නනට හදන්නේ නැතුව. කොහොමත් වවුලෝ හිතන්නේ උන් කෙලින් හිටගෙන ඉන්නේ කියල (බ)
විමල් සහ ගම්මන්පිල රටට සම්පතක් කියන එක කෙළින්ම කියනවා. වාසියට පිල් මාරුකරන්නේ නැහැ. ඒගොල්ලෝ හැමදාම රට වෙනුවෙන් කතාකළා. කියන දෙය හරි හෝ වැරදි හෝ කතාකරන්නේ රට වෙනුවන්. (නි)
දුෂණ ගැන පරීක්ෂණ කරන්න එපා කියලා පිවිතුරු යහපාලගේ කට්ටිය උද්ඝෝෂණය කළේ තියෙන වහල් මානසිකත්වය නිසා කියලා අපිට දැන් පැහැදිලියි. (නි)
නැති ප්‍රශ්න ඇති කරනවා මිසක ඒවාට විසඳුම් හොයන්න සහයෝගය දෙන්නේ නැහැනේ.රටේ තව කොච්චර දැවෙන ප්‍රශ්න තියෙනවද.ඒවා ගැනත් පොත් ලියන්නකෝ. (නි)
ඩුබායි තිලක් කියන්නේ කෝටිපතියන් වෙන්න විශ්ව විද්‍යාලයකට යන්නම ඕනෑ, උපාධියක් ගන්නම ඕනෑ කියලද? (නි)
ඔබට මාගේ සුබපැතුම්.! (ර)
හැමදාම ඩුබායි තිලක් කතාව මාතෘකාවෙන් පිටට කොහොමහරි අරගෙන යනවා (නි)
ජනවාරි 8න් පසුවත්, අගෝස්තු 17න් පසුවත් බලය ලබාගත්තවුන් කළ බොහෝ දෑ පුරවැසියන් සමග පෙර එකඟ වූ න්‍යාය පත‍්‍රයෙන් පිටත බව පැහැදිලි ය. ඒවා එකිනෙක හුවා දක්වන්නට මේ අවස්ථාව නොවන නමුත්, ඒ සියල්ල දෙස පුරවැසියෝ බලා සිටියෝ, විවේචනාත්මක ව නමුත්, ආණ්ඩුවට කාලයක් දීමේ අදහසිනි. ඕනෑ ම ආණ්ඩුවක් බලයට පත් වී කිසියම් කාලයක් ක‍්‍රීඩාපිටියට හුරු වන්නට අවස්ථාවක් දිය යුතු නිසා ය. ඒ කාලය තුළ, රටට පෙර පක්‍ෂය ඉදිරියට ගැනීම, දූෂිතයන්ට නාමයෝජනා හිමිකර දීම, අතිවිශාල ඇමති මණ්ඩලයක් පත් කිරීම, තර්කානුකූල නැති ලෙස අමාත්‍යාංශ බෙදා වෙන් කිරීම, පරාජයවූවන්ට මැතිඇමතිකම් හිමිකර දීම, අන්ත දූෂිතයන් ලෙස සමාජයේ ගර්හා ලද්දවුන් ඇමතිවරුන් වශයෙන් පත් කිරීම, අමාත්‍යාංශ තුළ ම ගැටුම් ඇති වන පරිදි ඇමතිකම් රිසි සේ බෙදා දීම ආදි පිළිකුල් සහගත නොයෙක් දේ සිදුවිය. මේ කාලය තුළ පෙනෙන්නට තිබුණේ, ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පහළ බලා යන දියපහරට හසු වී ගඟ පහළටම ගලා යන බවක් මිස උඩු ගං පිහිනන්නට වෙර දරන බවක් නොවේ. එහෙත්, දැන් ඒ කාලය අවසන් වෙමින් තිබේ. ඉන් අදහස් වන්නේ, පුරවැසියන් සමග එකඟ වූ න්‍යාය පත‍්‍රය ඉදිරියට ගන්නට ආණ්ඩුවට කාලය පැමිණ තිබෙන බව මිසක් පොත් හෝ දේශනා නොවේ (බ)
සමහරුන්ට විමල් ගැන පුදුම තරහක් තියෙන බව මේ සමහර අදහස් වලින් පෙනෙනවා (නි)
දුෂණ ගැන හොයන්න එපා කියල පාර්ලිමේන්තුවේ නිදා ගත්ත ලෝකේ එකම කණ්ඩායම විමල්ගේ කණ්ඩායම වෙන්න ඇති (රේ)
...මහාචාර්ය විමල් විරවංශ ගේ අලුත්ම පොත මුද්‍රණයෙන් පිටවුනා. '' චවුර රාජයා සහ හොර රැළ (රේ)
විමල් මහත්තයෝ,බාධක වලින් නොසැළී යන්න ඉදිරියටම (නි)
විමල්ගේ නෑදයිනුත් ගොඩක් දක්ෂ අය වෙන්න ඕනේ. එතුමා නිවාස ඇමතිව ඉන්න කාලේ සුකොපභෝගී නිවාස 6 න් 5 කටම සුදුසුකම් ලැබුවේ මේ අය.ඇති දක්ෂ පරම්පරාවක්. (රේ)
ඔවු ඔවු තරුණ අපි එයාට අපේ උපරිම සහයෝගය දෙනවා
J V P එක පාවල දීපු එක ගැන පොතක් ලීවේ නැද්ද ...? නිර්දන පන්තියෙන් දේසපාලනයට ඇවිත් ...දානපති පන්තියට කඩේ යන එක ගැනත් ලියමු පොතක්., 88/89 අහිංසක තරුණයන් ගේ ජීවිත ගැනත් ලියමු පොතක....(රේ)
ජ්ව්ප් කාරයෝ දැන් ඉරිසියාවේ දගලනවා (රේ)
පහුගිය කාලේ නම් ටිකක් පෙන්න බැරිව හිටියේ. මහින්ද මහත්තයලගේ වැරදි පෙන්නල නොදුන්නට දැන් රටේ වෙන විනාශය ගැන බය නැතිව කථා කරන කෙනෙක් විමල් එදත් අදත් රටේ වැදගත් අවස්ථාවල ඉදිරියට අපු නියම සිංහල කොල්ලේක්. ජය වෙිවා!! (රේ)
මරු තරුණයා (රේ)
සංජිව මහත්තයෝ..එහෙම ලියනවනම් ඔය දැන් ඉන්න ජේ වී පි හාල්පාරු නායකයො ගැන පොත් දාහක් ලියන්න වේවි.88/89 ඒ තරුණ ජිවිත දැනුවත්ව හෝ නොදැනුවත්ව කල ඒ ජිවිත පරිත්‍යාගය අමු අමුවේ පාවල දෙමින් පක්ෂයේ නිර්මාතෘ වරුන් වන පැරණි නායකයින්ගේ මිනි වලවල් වලටත් කෙල ගසමින් වර්තමාන ජේ විපිය යන ගමන් මගෙන් ඉවත් වීම පාවල දීමක් වෙන්නේ කොහොමද?..ජුදාස්ලගෙන් පිරුණු වර්තමාන ජේ වී පියෙන් ඉවත් වෙලා ඔහු ඔහුගේ ගමන ගියා..ජේ වී පිය අමු අමුවේ යු අන් පියට පාවල දුන්නේ වර්තමාන ඔය සමහර නායකයෝ.. විමල් මහත්තයාගේ කට ගැන කට්ටියට හිතට අමාරුයි කියල තේරෙනවා..විදගන්න බැහැ කියල තේරෙනවා..පාලු ගෙවල් වල වලන් බිදින්න බලන් ඉන්න එව්වන්ට ගම්මන්පිලයි මෙතුමයි ලොකු හිසරදයක්..වටකරන් ගහන්නේ මෙතුමන්ලට..නමුත් මෝඩයින්ට තේරෙන්නේ නැහැ ඒ ගැහිල්ලෙන් වෙන්නේ මෙතුමන්ලා ජනතාව අතර තව තවත් ජනප්‍රිය වීම පමණයි කියල.(රේ)
දෙන්නම බර කරත්තයකට ගැලපෙන බානක් නිසා අපිනම් ඔය කියන කතා ගණන් ගන්නේ නැහැ. (ම)
අනුර මහත්තය පාර්ලිමේන්තුවෙදි කියවපු ලිවුම අහගෙන හිටියා නේද? (ත)
අනේ පිවිතුරු යහපාල, ඔයාගේ අදහස් අප්‍රසන්නයි. "හොඳින් හම්බ කළත් නරකින් හම්බ කළත් කවුරුහරි හොඳින් ඉන්නවා නම් අපි ඊර්ෂ්‍යා නොකළ යුතුයි. " හරි ලස්සනයි කතාව නම් (නි)
හොඳ අර්ථකථනක්නේ කරලා තියෙන්නේ (නි)
එදා රජය හා පාලකයන්ව විවේචනය කරන්න කා අතරත් බයක් තිබුනා. දැන් එහෙම නැහැ. වර්තමාන පාලකයන්ට ස්තුතියි..!! දෙවි පිහිටයි..!!! (නි)