IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වම දකුණ මාරුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක්

කළුතර නාගොඩ මහ රෝහලේදී පසුගිය 20 වැනිදා කාන්තාවකගේ දකුණු පියයුරේ ගැටිත්තක් ඉවත් කිරීමට ඇගේ වම් පියයුර ශල්‍යකර්මයකට භාජනය කළ පසුව දකුණු පියයුර ද ශල්‍යකර්මයකට භාජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් පරීක්ෂණය සිදුකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්ථාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප‍්‍රදීප් විජේසිංහ මහතාට නියෝගකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලීසිය ද පරීක්ෂණයක් ආරම්භකර ඇත.



අදහස් (0)

වම දකුණ මාරුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක්

ජගත් Monday, 07 December 2015 03:39 PM

කොහොමටත් මේ අයවැයෙන් පසුව ඉහළ වරදාන ලබන රාජ්‍ය විධායක ඇතුළු ඉහළ වෘත්තිකයන්ගේ වම දකුණ මාරුවෙලා වගේ පෙනෙන්නේ. හරියට අර පැණි වරකෙට හෙණ වැදුණා වගේ..! (නි)

:       0       0

සුමිත් Tuesday, 08 December 2015 04:19 AM

ජයත් ඔය කිව්වට වන්දි ගෙව්වේ නැ. අභියාචනයක් දාලා නිදහස් වුණා.අහිංසක මිනිස්සු හැමදාම පරාජිතයෝ (ම)

:       0       0

උදිත් Monday, 07 December 2015 04:18 PM

බලමු දැන් රාජිත මහත්තයාගේ කෙරුවාව. (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Monday, 07 December 2015 04:36 PM

ඔව් උත්තරය දීලත් තිබුනේ පියයුරු දෙකේම ගැටිති තිබුනා කියලා. (නි)

:       0       0

කැළුම් Monday, 07 December 2015 11:02 PM

අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

මොහමඩ් Monday, 07 December 2015 11:10 PM

අගතියටපත් පාර්ශවයට සාධාරණයක් ඉටුවේවා! (නි)

:       0       0

සුනිල් Monday, 07 December 2015 11:33 PM

අනේ! මෙතුමා ඡන්දෙට ඉල්ලුවා නම් හොඳ ගමනක් යන්න තිබුනා (නි)

:       0       0

ජයාත් Monday, 07 December 2015 01:45 PM

මේ රටේ නීතිය අපි දන්නා නිසා ඔය වාර්තා පරීක්ෂණ වල ප්‍රතිඵලත් දැන්මම කියන්න පුළුවන්. මම දන්නා තරමට මේ රටේ වෛද්‍ය අත්වැරදීමක් නිසා රෝගියෙකුට වන්දි ලැබිලා තිබෙන්නේ එකම එක වතාවයි. ඒකත් අර පැමිණිලි පාර්ශවයේ තිබුන ශක්තිමත් බව හින්දා. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 08 December 2015 12:22 AM

මේ දොස්තර අනෙක් වැඩවලදීත් පැති මාරු කරගන්නවද දන්නේ නැහැ (නි)

:       0       0

ජයාත් Tuesday, 08 December 2015 01:19 AM

එහෙම වුණත් ඒක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ බමුණු මේ වගේ අයට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site