කළුතර නාගොඩ මහ රෝහලේදී පසුගිය 20 වැනිදා කාන්තාවකගේ දකුණු පියයුරේ ගැටිත්තක් ඉවත් කිරීමට ඇගේ වම් පියයුර ශල්‍යකර්මයකට භාජනය කළ පසුව දකුණු පියයුර ද ශල්‍යකර්මයකට භාජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් පරීක්ෂණය සිදුකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්ථාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප‍්‍රදීප් විජේසිංහ මහතාට නියෝගකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලීසිය ද පරීක්ෂණයක් ආරම්භකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමටත් මේ අයවැයෙන් පසුව ඉහළ වරදාන ලබන රාජ්‍ය විධායක ඇතුළු ඉහළ වෘත්තිකයන්ගේ වම දකුණ මාරුවෙලා වගේ පෙනෙන්නේ. හරියට අර පැණි වරකෙට හෙණ වැදුණා වගේ..! (නි)
ජයත් ඔය කිව්වට වන්දි ගෙව්වේ නැ. අභියාචනයක් දාලා නිදහස් වුණා.අහිංසක මිනිස්සු හැමදාම පරාජිතයෝ (ම)
බලමු දැන් රාජිත මහත්තයාගේ කෙරුවාව. (නි)
ඔව් උත්තරය දීලත් තිබුනේ පියයුරු දෙකේම ගැටිති තිබුනා කියලා. (නි)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
අගතියටපත් පාර්ශවයට සාධාරණයක් ඉටුවේවා! (නි)
අනේ! මෙතුමා ඡන්දෙට ඉල්ලුවා නම් හොඳ ගමනක් යන්න තිබුනා (නි)
මේ රටේ නීතිය අපි දන්නා නිසා ඔය වාර්තා පරීක්ෂණ වල ප්‍රතිඵලත් දැන්මම කියන්න පුළුවන්. මම දන්නා තරමට මේ රටේ වෛද්‍ය අත්වැරදීමක් නිසා රෝගියෙකුට වන්දි ලැබිලා තිබෙන්නේ එකම එක වතාවයි. ඒකත් අර පැමිණිලි පාර්ශවයේ තිබුන ශක්තිමත් බව හින්දා. (නි)
මේ දොස්තර අනෙක් වැඩවලදීත් පැති මාරු කරගන්නවද දන්නේ නැහැ (නි)
එහෙම වුණත් ඒක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ බමුණු මේ වගේ අයට (නි)