(දයාරත්න ඇඹෝගම)
කැකිරාව අධ්‍යාපන කලාපයේ කඩාටුගම,ජයා මුස්ලිම් පාසලේ අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටිමට පාසල් නිල ඇදුමින් සැරසි ගිය සිසුවියන් පිරිසක් විභාග මධ්‍යස්ථානාධිපතිවරයා විසින් අද (02)දින ආපසු හරවා යවා ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.
පාසල් නිල ඇදුමට ෆර්දාව පැළද මෙම සිසුවියන් විභාග මධ්‍යස්ථානයට ඇතුලු විම නිසා පර්දාව ඉවත් කර පැමිණෙන ලෙස දන්වා මොවුන් ආපසු හරවා යවා ඇති බව ලංකා ගුරු සංගමය සදහන් කරයි.පසුව එම සිසුවියන් ෆර්දාව ඉවත් කර නැවත හිස සෝල් එකකින් ආවරණය කර ගෙන විභාගයට පෙනිසිට තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසිය.
කැකිරාව අධ්‍යාපන කලාපයේ කඩාටුගම, ජයා මුස්ලිම් විද්‍යාලයේ සිසුවියන් අසු දෙනෙකු පමණ ඉස්ලාම් ආගම ප්‍රශ්න පත්‍රයට පෙනි සිටීමට අද (02) එම විභාග මධ්‍යස්ථානයට උදේම ගොස් තිබුණි.
එහිදි විභාග මධ්‍යස්ථානාධිපතිවරයා මෙම සිසුවියන් ෆර්දාව පැළද සිටි බව පවසා ආපසු හරවා යවා තිබෙනවා.
මේක වැරදි ක්‍රියාවක් එම සිසුවියන් පැමිණ සිටියේ පාසල් නිල ඇදුමින් සැරසිලා. මෙහිදි මෙම සිසුවියන්ගේ මානසිකත්වය පහලා වැටිලා.මේක ඔවුන්ට කළ අසාධාරණයක්.ඒ නිසා මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තමන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට පැමිණිලි කළ බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් නිල ඇඳුමට ෆර්දාවත් අඩංගුද?
පාසල් ශිෂ්‍යාවන් කියන්නේ යමක් දන්නා අය. නිල ඇඳුමට අමතර දේවල් ඇදගෙන යන්න තිබුනේ නැහැ. ප්‍රශ්න ඇතිවෙන ආකාරයට කටයුතු කරලා කාටවත් දෝෂාරෝපණය කිරීම සුදුසු නැහැනේ. ගැටළුවක් මතුවෙන බව දැනගෙනම තමා කල් ඇතිව ගිහින් තියෙන්නේ.
නොදන්න අය අදහස් නොදක්වා ඉන්නවනම් හොදයි. ඇයි අපි තවමත් කුහක විදියට හිතන්නේ ? අපි දන්නවා අතීතයේ සිට මුස්ලිම් පාසල්වල සිසුවියන් අදින ඇදුම. ඇයි එයාලා තවත් අපි රිද්දන්නේ. ජාතිවාදය නවත්තලා අපි එකට එක ගමනක් යමු. මේ අදහස් බලන සමහර අයට රිදෙයි. ඒවා අපිට අදාළ නෑ.
එක නිලඇඳුමක් සෑම පාසල් ශිෂ්‍ය ප්‍රජාවට නම් කරා නම් ඉවරයිනේ...
සියලුම්දෙනා "ෆර්දාව " යනු කුමක් දැයි නොදැනුවත්ව අදහස් දැක්වීමෙන් වළකින්න. ෆර්දාව තමාගේ මුහුණ හැර අනෙකුත් අවයව වසාගෙන සිටීම ෆර්දාව (කණ, කොණ්ඩය (වරලස), ඔලුව) නිකාබ් - තමාගේ මුහුණේ සියලුම දේ වසාගෙන සිටීම. (ඉස්ලාම් ආගමට අනුව -ආරක්ෂක කටයුතු සඳහා අවස්ථාවක් වූ විට තමාගේ මුහුණ පෙන්වීම අනිවාර්ය වේ.)
මිෂල් මාතර, හොඳ විස්තර කිරීමක්...