IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විභාග විතරක් මදි : හැකියාවත් ඕනෑ

රටේ විවිධ ක්ෂේත්‍රයන් හි රැකියා කරන තරුණ පෙළ සදහා  ජාතික මට්ටමේ වෘත්තීය සුදුසුකම් ඇති කැර ඔවුන්ගේ ජීවිතවලට  නව වටිනාකමක් එක් කරන්නට සමත් වී ඇතැයි අධ්‍යාපන  නියෝජය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා  පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කැර සිටියේ  මොහාන් ලාල් ග්‍රේරු පදනම මගින්  නොමිලේ පවත්වන රූපලාවන්‍ය පුහුණු පාඨමාලාව යටතේ  රූපලාවන්‍ය පාඨමාලාව හැදැරූ  ශිල්පිනියන් විසින් ඉදිරිපත් කැරැණු මානාලියන් දැක්මකට එක් වෙමිනි.

අදහස් දැක් වු මොහාන් ලාල් ග්‍රේරු මහතා

‘පාසල් අධ්‍යාපනයෙන් විභාග සමත් වීම මදි .ජීවීතය ගොඩ නඟා ගන්නට නම් සිය හැකියාවෙන් ජීවිතය දිනිය යුතුයි.එයින් තමයි ජීවීතයට අර්ථයක් එකතු වෙන්නේ.රූපලාවන්‍ය කියන්නේ ජාත්‍යන්තර මට්ටමින්  විශාල කීර්තියක් ලබා ගෙන ඇති වෘත්තීය මට්ටමේ රැකියාවක් ඒ එමගින් ජත්‍යන්තර මට්ටමින් පිළිගන්නා අධ්‍යාපනයක් ද ගත හැකියි.

මෙවැනි  වෘත්තීයන් තෝරා ගනිද්දී  නිකම්ම නිකම් රූපලාවන්‍ය ශිල්පිනියක් වෙනවට වඩා ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් වෘත්තීයම ශිල්පිනියක් වන්නට ලැබී තිබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න.  ‘

 

 

 



අදහස් (0)

විභාග විතරක් මදි : හැකියාවත් ඕනෑ

කුසුමාවතී Thursday, 26 December 2013 02:50 AM

අනේ මහත්තයෝ රුවන් වැකි කිය කිය හිටියා දැන් හොඳටෝම ඇති. අඩුම වශයෙන් එක වැඩක් ක්‍රියාවට නංවාල පෙන්වන්න. නැත්නම් ඔබත් තවත් එක දේශපාලුවෙක් කියල ජනතාව තේරුම් ගනීවි.(නදී)

:       0       0

කුමාරි Wednesday, 25 December 2013 03:08 PM

ඔබ තුමාගේ අදහස්,හැකියාවන් වගේම ක්‍රියා කලාපයන් බොහොම අගෙයි. මුළු රට තුලම ඔය දේවල් ව්‍යාප්ත කරන අපි බලා ඉන්නවා (දිල්)

:       0       0

තුසිත අබේකෝන් Wednesday, 25 December 2013 04:26 PM

ඔබගේ කතාව සතික ඇත්ත . ඉතා හොද ක්‍රියාවක්. මගේ සුබපැතුම්.(දිල්)

:       0       0

අලහකෝන් Wednesday, 25 December 2013 05:33 PM

නියෝජ්‍ය ඇමැතිතුමනි, රටට කරන ඔබතුමන්ගේ සේවාවන් ගැන අප්‍රමාණ සතුටුවෙමු. (දිල්)

:       0       0

කල්ප Wednesday, 25 December 2013 06:45 PM

ඇමතිතුමා හරි ගණිතයට සම්මාන නැති වුනත් උපාධි ගන්න පුළුවන්. උපාධියට ඉහල වැටුපක් සහිත රජයේ රැකියාවක් ගන්න පුළුවන්. නමුත් ගණිතයට සම්මාන ලබන අයට ගන්න පුළුවන් ඉහලම රජයේ රැකියාව කලමනාකාර සහකාර සේවය පමනයි. ගණිතයට හපන් අයට ඕනෑම වැඩක් කරන්න පුළුවන් බව උගතුන්ගේ පිළිගැනීම. ඔවුන්ට ලැබෙන්නේ හිඟන වැටුපක් මෙම අසාධාරණය නැති කළ යුතුයි.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 25 December 2013 09:48 PM

මානුෂික පැත්තෙන් බැලුවහම ඇමති තුමා තෝරා ගත්ත ක්ෂේත්‍රයේ විශාල කාලීන වටිනා කමක් තියෙනවා. "නිකම් ඉන්න අපට අහල ගියත් ලොකු දෙයක්" කිව්වා වාගේ ආර්ථික අග හිඟකම් නිසා කිසිදාක මනමාලියක් වෙන්න බැරුව ඉන්න බඳින වයසේ ඉන්න ලක්ෂ සංඛ්‍යයාත තරුණියන්ට පුහුණුවේදී හෝ මනාලියක් වී අහිංසක සතුටක් ලබන්න පුළුවන්. ඇමති තුමා ට පිං.(නදී)

:       0       0

උත්තරා Wednesday, 25 December 2013 09:50 PM

තමන්ගේ ළමයින් සල්ලි දීල හරි දොස්තරලා ඉංජිනේරුවෝ කරනවා. අනුන්ගේ ළමයින්ට වෘතිය සුදුසුකම් , වඩු වැඩ, පෙදරෙරුවෝ, රුපලාවන්‍ය, මෝටර් කාර්මිකයෝ, බාබර්ලා. අපිත් ඉතින් මල් මාලා දාලා පිලිගන්නවා.9නදී)

:       0       0

අනුත්තරා Wednesday, 25 December 2013 09:55 PM

අධ්‍යාපනය ගැන නම් කතා නොකර ඉම්මු (දී)

:       0       0

අල්විස් Wednesday, 25 December 2013 11:01 PM

ඔබතුමා කියන දේ කියවනකොට පසුගියදා උසස්පෙළ සමත් දරුවන්ට මුදල් තෑගි දුන්නු අවස්ථාව ගැන වචනයක් කියන්ට හිතුනා. විභාගෙට මහන්සි වෙලා පාස්වෙච්ච ළමයින්ව පස්සෙන් හිටවල ලොක්කෝ ඉස්සරහ ඉඳගෙන ෆොටෝ අරගත්තා. ජනාධිපතිතුමා පමණක් අසුනක වාඩිකරවල ළමයින්ව හොඳට පෙනෙන්ට එතුමා ළඟින් තියල ඇමතිවරු පසුපසින් හිටියනම් ඒ පින්තුරේ ගොඩාක් වටිනවා කියල මට හිතෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site