රටේ විවිධ ක්ෂේත්‍රයන් හි රැකියා කරන තරුණ පෙළ සදහා ජාතික මට්ටමේ වෘත්තීය සුදුසුකම් ඇති කැර ඔවුන්ගේ ජීවිතවලට නව වටිනාකමක් එක් කරන්නට සමත් වී ඇතැයි අධ්‍යාපන නියෝජය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කැර සිටියේ මොහාන් ලාල් ග්‍රේරු පදනම මගින් නොමිලේ පවත්වන රූපලාවන්‍ය පුහුණු පාඨමාලාව යටතේ රූපලාවන්‍ය පාඨමාලාව හැදැරූ ශිල්පිනියන් විසින් ඉදිරිපත් කැරැණු මානාලියන් දැක්මකට එක් වෙමිනි.
අදහස් දැක් වු මොහාන් ලාල් ග්‍රේරු මහතා
‘පාසල් අධ්‍යාපනයෙන් විභාග සමත් වීම මදි .ජීවීතය ගොඩ නඟා ගන්නට නම් සිය හැකියාවෙන් ජීවිතය දිනිය යුතුයි.එයින් තමයි ජීවීතයට අර්ථයක් එකතු වෙන්නේ.රූපලාවන්‍ය කියන්නේ ජාත්‍යන්තර මට්ටමින් විශාල කීර්තියක් ලබා ගෙන ඇති වෘත්තීය මට්ටමේ රැකියාවක් ඒ එමගින් ජත්‍යන්තර මට්ටමින් පිළිගන්නා අධ්‍යාපනයක් ද ගත හැකියි.
මෙවැනි වෘත්තීයන් තෝරා ගනිද්දී නිකම්ම නිකම් රූපලාවන්‍ය ශිල්පිනියක් වෙනවට වඩා ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් වෘත්තීයම ශිල්පිනියක් වන්නට ලැබී තිබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ රුවන් වැකි කිය කිය හිටියා දැන් හොඳටෝම ඇති. අඩුම වශයෙන් එක වැඩක් ක්‍රියාවට නංවාල පෙන්වන්න. නැත්නම් ඔබත් තවත් එක දේශපාලුවෙක් කියල ජනතාව තේරුම් ගනීවි.(නදී)
ඔබ තුමාගේ අදහස්,හැකියාවන් වගේම ක්‍රියා කලාපයන් බොහොම අගෙයි. මුළු රට තුලම ඔය දේවල් ව්‍යාප්ත කරන අපි බලා ඉන්නවා (දිල්)
ඔබගේ කතාව සතික ඇත්ත . ඉතා හොද ක්‍රියාවක්. මගේ සුබපැතුම්.(දිල්)
නියෝජ්‍ය ඇමැතිතුමනි, රටට කරන ඔබතුමන්ගේ සේවාවන් ගැන අප්‍රමාණ සතුටුවෙමු. (දිල්)
ඇමතිතුමා හරි ගණිතයට සම්මාන නැති වුනත් උපාධි ගන්න පුළුවන්. උපාධියට ඉහල වැටුපක් සහිත රජයේ රැකියාවක් ගන්න පුළුවන්. නමුත් ගණිතයට සම්මාන ලබන අයට ගන්න පුළුවන් ඉහලම රජයේ රැකියාව කලමනාකාර සහකාර සේවය පමනයි. ගණිතයට හපන් අයට ඕනෑම වැඩක් කරන්න පුළුවන් බව උගතුන්ගේ පිළිගැනීම. ඔවුන්ට ලැබෙන්නේ හිඟන වැටුපක් මෙම අසාධාරණය නැති කළ යුතුයි.(නදී)
මානුෂික පැත්තෙන් බැලුවහම ඇමති තුමා තෝරා ගත්ත ක්ෂේත්‍රයේ විශාල කාලීන වටිනා කමක් තියෙනවා. "නිකම් ඉන්න අපට අහල ගියත් ලොකු දෙයක්" කිව්වා වාගේ ආර්ථික අග හිඟකම් නිසා කිසිදාක මනමාලියක් වෙන්න බැරුව ඉන්න බඳින වයසේ ඉන්න ලක්ෂ සංඛ්‍යයාත තරුණියන්ට පුහුණුවේදී හෝ මනාලියක් වී අහිංසක සතුටක් ලබන්න පුළුවන්. ඇමති තුමා ට පිං.(නදී)
තමන්ගේ ළමයින් සල්ලි දීල හරි දොස්තරලා ඉංජිනේරුවෝ කරනවා. අනුන්ගේ ළමයින්ට වෘතිය සුදුසුකම් , වඩු වැඩ, පෙදරෙරුවෝ, රුපලාවන්‍ය, මෝටර් කාර්මිකයෝ, බාබර්ලා. අපිත් ඉතින් මල් මාලා දාලා පිලිගන්නවා.9නදී)
අධ්‍යාපනය ගැන නම් කතා නොකර ඉම්මු (දී)
ඔබතුමා කියන දේ කියවනකොට පසුගියදා උසස්පෙළ සමත් දරුවන්ට මුදල් තෑගි දුන්නු අවස්ථාව ගැන වචනයක් කියන්ට හිතුනා. විභාගෙට මහන්සි වෙලා පාස්වෙච්ච ළමයින්ව පස්සෙන් හිටවල ලොක්කෝ ඉස්සරහ ඉඳගෙන ෆොටෝ අරගත්තා. ජනාධිපතිතුමා පමණක් අසුනක වාඩිකරවල ළමයින්ව හොඳට පෙනෙන්ට එතුමා ළඟින් තියල ඇමතිවරු පසුපසින් හිටියනම් ඒ පින්තුරේ ගොඩාක් වටිනවා කියල මට හිතෙනවා. (නදී)