විභාග වංචාකට අධ්‍යාපන අමාත්‍යංශ විනය පරීක්ෂණයකින් වැරදිකරු යැයි තීරණය වූ උතුරු මැද පළාත් අධ්‍යාපන නිලධරයකු දඩුවම් තුනකට යටත්ව යළි සේවයේ පිහිට වූ පසු ඔහුට අයිති නැති නිල නාමයක් වන සහකාර අධ්‍යක්ෂ තනතුර පාවිච්චි කරන බවත්, එය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකාව විසින් ලබා නොදුන් තනතුරක් බවත් උතුරුමැද පළාත් අධ්‍යාපන ආරංචි මාර්ග කියයි.
2004 වසරේ දෙසැම්බරයේ පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය වංචා සහත ලෙස තම පුත්‍රයාට ලබා දුන්නැයි කියන නඩුවක විත්තිකරු වන එච් ඒ ඩී එස් නේත්‍රාංජන නැවත සේවයේ පිහිටුවා ඒ ගැන තමාට නැවත දැනුම් දෙන්නැයි 2013 මාර්තු 13 වැනි දින ඊඩී/05/72/05/01/23 දරණ ලිපියෙන් අධ්‍යාපන ලේකම් එච් එම් ගෝඨාභය ජයරත්න මහතා උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියට දැනුම් දී ඇත.
පළාත් ලේකම්ට සහ රාජ්‍ය සේවා කොමිසමට පිටපත් සහිතව යොමු කර ඇති එම ලිපියෙන් අධ්‍යාපන ලේකම්වරයා දක්වා ඇත්තේ වැඩතහනම් වූ සුමනතිලක නේත්‍රාංජන ගැන රාජ්‍ය සේවා කොමිසමෙන් දුන් 2008 නොවැම්බර 17 දිනැති චෝදනා පත්‍රය අනුව විධිමත් විනය පරීක්ෂණයක් සිදු කළ බවයි.
එහිදී ලැබුණු ලිඛිත හා වාචික සාක්ෂිවලට අනුව චෝදනා හයෙන් චෝදනා පහකටම එච් ඒ ඩී එස් නේත්‍රාංජන වැරදිකරු බව තහවුරු වූ බවත්, එක් චෝදනාවකින් නිදහස් කැරුණු බවත්, ඊට දඩුවම් ලෙස ඔහුට හිමි වැටුප් වර්ධන පහක් අඩු කිරීම, වැඩ තහනම්ව සිටි වසර ගණනාවක කාලයට වැටුප් නොගෙවීම සහ 2011/29 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව මාස හයක් ඇතුළත ඔහුගේ වැටුපෙන් රුපියල් 30,000ක් කපා ගැනීම සිදුකරන ලෙසත්, ඊට යටත්ව නැවත සේවයේ පිහිටුවන ලෙසත් අධ්‍යාපන ලේකම්වරයා දන්වා තිබේ.
අධ්‍යාපන ලේකම්ගේ ලිපියට අනුව නැවත සේවය පිහිටුවන බවත්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට වර්තා කරන ලෙසත් උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය වැඩතහනම් වූ සුමනතිලක නේත්‍රාංජනට ලිඛිතව දන්වා ඇත.
ඒ අනුව මාර්තු 25 වැනිදා ඔහු නැවත සේවයට වාර්තා කර ඇත.
සුමනතිලක නේත්‍රාංජන දේශපාලන පළිගැනීම් මත අධි සේවක පදනමෙන් වැටුපට පමණක් හිමිකම් කියන පරිදි අධ්‍යාපන පරිපාලන 3 වැනි පන්තියට පත් කරනු ලැබුවෙකි. ඔහු වැඩ තහනම් වන විට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණ නිලධරයකු ලෙස වැඩ ආවරණය කරමින් සිට ඇත.
අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතාගේ ලිඛිත උපදෙස් පිට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය විසින් නැවත සේවයේ පිහිටවූ සුමනතිලක නේත්‍රාංජනට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරක් ලබා දෙන ලෙස ඉල්ලීමක් ලැබී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන්නැයි ඉල්ලමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඉකුත් අප්‍රේල් මාසයේ පළාත් අධ්‍යාපන ලේකම්ගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර මේ වන තෙක් නේත්‍රාංජන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ලෙස පත් කර නැතැයි උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචි කියයි.
ඔහු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස ලිපි යොමු කර ඇත්තේ තම අභිමතය පරිදි බව ද විශ්වාස කටයුතු ආරංචි කියයි.
උතුරු මැද පළාතේ අධ්‍යක්ෂ තනතුරු කිහිපයකම නුසුදුස්සන් කටයුතු කරන බව කියමින් ලංකා ගුරු සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට කළ පැමිණිල්ලක් අනුව 2009 වසරේ සැප්තැම්බර් පළමු වැනි දින මානව හිමිකම් කොමිසම තීන්දු කර ඇත්තේ අවිධිමත් පත්වීම් අවලංගු කර සුදුස්සන් එම තනතුරු වලට පත් කරන ලෙසයි.
එම තීන්දුව ඉටු නොවූ තැන ලංකා ගුරු සංගමය නැවත ඒ බව මානව හිමිකම් කොමිසමට දැන්වූ අතර ඒ අනුව 2011 මාර්තු 30 වැනිදා පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරීන් කොළඹ මානව හිමිකම් කොමිසන් සභා ප්‍රධාන කාර්යාලයට ගෙන්වා පුවත්පත් දැන්වීමක් පළ කර සමූඛ පරීක්ෂණ පවත්වා හැකි ඉක්මණින් නුසුදුස්සන් ඉවත් කර සුදුස්සන් පත් කරන්නැයි මානව හිමිකම් කොමිසම නියම කර තිබේ.
ඒ අනුව කළ සමූඛ පරීක්ෂණයකින් පසු අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරිනියක වන නිර්මලා ඒකනායක මහත්මිය 2011 ජූලි මස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ලෙස පත් කර ඇත.
ලංකා ගුරු සංගමය කියනුයේ දේශපාලන පළිගැනීමේ කමිටු මගින් අධි සේවක පදනම මත පරිපාලන සේවයට බඳවා ගත් නිලධාරීන්ට වැටුප පමණක් හිමිවන බවයි. ඔවුන්ට තනතුරු දැරිය නොහැකි බව ද ගුරුසංගමය කියයි.
එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුවේ අපරාධ නඩුවක විත්තිකරුවකු එම නඩුව ඉවර වන්නටත් පෙර නැවත සේවයේ පිහිටු වන ලෙස අධ්‍යාපන ලේකම්වරයා කළ නියෝගය සදාචාර සම්පන්න නොවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තානාපතිකමකට නියම සුදුස්සෙක්.... (නි)
රටට ගිය කලක්
සිංහල ජාතියට වින කරන පෙත්සම් කාරයො තමන්ට නොලැබෙන දෙය අනුන්ට ලැබෙනවට තියන ඉරිසියාවයි කුහක කමයි කවදා තුරන් වෙයිද? රටේ නිතිය,පරිපාලන නිලදාරී දඩුවමක් තියනවනම් ලබා දෙයි. මේවට විරුද්දව පැත්තක ඉදලා පෙත්සම් ගහන උන්ව සේවයෙන් නෙරපන්නයි තියෙන්නේ.(නදී)
චී ...චී මේවා සුනඛ වැඩ. අහෝ ! අපේ අනාගත පරපුර (නි)
රනිල්ගේ කතාව සම්පුර්ණ ඇත්ත. හැම වතාවකම ඔය විභාගේ ගැන චෝදනා එල්ල වුනා. ඒවා පරීක්ෂණයකින් තොරවම යටගියා. කරුමේ කියන්නේ මේවා හොයන්න ඉන්න ලොක්කනුත් ඒ ගණයටම වැටෙන එකයි. ගුරු සංගමය හැම වෙලාවකම මේවා පෙන්නලත් දුන් බව අපි දැක්ක. හැබැයි අධ්‍යාපනයේ දුෂණ ඔඩු දුවල තියෙන හැටියට ජෝසප් ස්ටාලින් නෙමෙයි ව්ලදීමීර් ලෙනින්ම එන්න වෙයි ඒවා නැති කරන්න. (නදී)
මොනවා කිවුවත් නේත්‍රාංජන වැඩකාරයා. පිළිවෙලකට ප්ලෑන් එකකට වැඩක් කරන්න දන්න මිනිහෙක් (නි)
අද ලංකාවේ උසස් තැන් වල ඉන්න නම් වංචාව තිබිය යුතු සුදුසුකමක්. (නි)
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැටිකිරිය ගැනනම් කියලා වැඩක් නැහැ. පක්ෂ බේදයකින් තොරව සමස්තයක් ලෙස ලංකාවේ තනතුරු බදාගෙන ඉන්න බහුතරය වැඩකට නැති පඹයෝ බව රටේ පොදු ජනජීවිත දිහා බැලුවහම පැහැදිලියි. (නි)
කොහොමද.... කොහොමද.... ආශ්චර්යය? (නි)
මේ අර කලින් කරපු කෙනාගේ බාප්පවත්ද ???? (ස)
රටේ ඉහලම බුද්ධි මණ්ඩලය ඔහොමනම් අන් ආයතන ගැන මොන කතාද සුසුස්සට සුදුසු තැන දෙන්නේ කවදද හැමදෙයක්ම දේශපාලනීකරණය වෙලා. (ස)
මෙවැනි පුද්ගලයන්ව වැදගත් දෙපර්තුමෙන්තුවල තබාගැනීම ඉතා භයානකි, මෙයාව වෙන මොකේට හරි දාමු.(ත)
අනිත් කට්ටිය මෙහෙම අයව එලවල දාන්නකෝ. ඔක්කොම එක වගේ සතපහකට ගණන් නොගෙන ඉන්නකෝ.(අ)
නාලන්දාව රැක ගනිමු.(ස)
ඉහලම ඉන්න අයත් තමන්ට අයත්නැති නිළ නාම,පට්ටම් පැලඳගෙන ඉන්න මේ රටේ අනෙක් අය ගැන කවර කතාද? ඔන්න ඔහේ එල්ලගත්තාවේ.(නදී)
දුරාචාර්ය පට්ටමක් මෙයාගේ නමට ඉදිරියෙන් දාමු. (ස)
වැරදි කරලා අහුවුනාම තව තියාගෙන ඉන්නේ නායකයගේ නෑදෑයොද?(නදී)
අධ්‍යාපන පරිපාලනයේ ඉන්නේ බහුතරයක් දුෂිත නිළධාරීන්. ඔක සාමාන්‍ය දෙයක්. පසුගිය වසර වල පැවැත් වු අධ්‍යාපන පරිපාලන විභාග සියල්ල දුෂිත ලෙස පැවැත් වු අතර පත්වීමි දුන්නෙත් දුෂිත ලෙසටය. ඒවගේ අය අධ්‍යාපන පරිපාලනට ඇවිල්ල වෙච්ච වින්නැහි එසැන නිවිස් වලිනුත් දැක්කනේ.පාසල් විනාසයි.(නදී)
මේ වගේ අය අඩු තරමෙ විදුහල්පති කෙනෙකුවත් තුට්ටුවකට සලකන්නේ නැහැ. අහිංසක මිනිහෙක් වැඩක් කර ගන්න ගියාම කට ඇරලා සද්දේ දානවා. (නි)