පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලයයේ හය ශ්‍රේණිය සඳහා ළමයින් ඇතුළත් කිරීමට ඉරිදා (15) පැවැත්වීමට නියමිතව තිබූ විභාගයේ ගණිතය හා සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර රුපියල් විසි දහසකට විකුණමින් සිටි බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත්, තවත් සැකකරුවන් සොයන බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අවුරුදු පහ හයක විතර ඉඳල මුදලට යටවෙලා පන්තියෙන් වැඩි හරියක් ඉන්නේ හොරට ආපු ළමයි. දැන් විභාග ප්‍රතිපල බලපුවාම වෙනස තේරෙනවා.(නදී)
ලංකාවේ ලොකු ලොකු පාසැල්වලට දරුවන් ඇතුලත්කරන මෙවැනි විභාග වල ඔවැනි දේවල් සිදුවෙනවා. (නදී)
හැම විභාගයකම වෙන්නේ මේක නේ. දන්නේ අද ද ? (නදී)
සාමා, මෙය ඉතා හොද පාසලක්. ලංකාවේ අප්‍රසිද්ධ නමුත් අධ්‍යාපන මට්ටම උසස් පාසල් බොහෝ තිබෙන බව ඔයා නොදන්නවා ඇති. (නි)
මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පොලිසිය විසින් නිසි ක්‍රියාමාර්ගයක් ගනී යැයි අපි බලාපොරොත්තු වෙමු. (නි)
ඒක අමුතු විභාගයක් ශිෂ්‍යත්ව විභාගෙන් නෙවෛයිද ලමයි ඇතුලත් කර ගන්නේ.(නදී)
මම රණබිම රාජකීය විදුහලේ ආදී ශිෂ්‍යයෙක්. 1996 දී මෙම විද්‍යාලය ආරම්භ කලේ පළාත් සභා යටතේ පාලනය වන (ජාතික පාසල් නොවන ) ආදර්ශ පාසලක් ලෙසින්. මෙම පාසලට ඇතුලත් වීම සදහා එකම මාර්ගය වුයේ මෙම පාසලට ඇතුලත් වීම සදහාම වෙන් වූ විශේෂ කඩ ඉම් විභාගයක්. 5 වසර ශිෂ්‍යත්ව විභාගය මේ සදහා කිසිදු අදාලත්වයක් නැත. මෙම විභාගය පවත් වන්නේ පාසලින් නොව මධ්‍යම පළාත් සභාවෙනි. සිංහල සහ දෙමල මාද්‍ය දෙකින් ම ළමයින් එක වහලක් යට අධ්‍යාපනය ලබති. ශිෂ්‍යයන්ගේ හික්මීම සහ විනය වර්ධනය කිරීම මෙන්ම සෑම ළමයෙක් ම බාහිර ක්‍රියාකාරකම් වලට (ක්‍රීඩා සහ සමාජ ක්‍රියා / සංවිදාන) වලට යොමු කිරීම තුලින් ගුණවත් සහ නැණවත් ළමයින් බිහි කිරීම අත් වින්දෙමි. උසස් පෙළ ජීව විද්‍යා, ගණිත, වානිජ්‍ය යන අංශයන්ගෙන් දිවයිනෙන් දිවයිනෙන් ඉහලම ස්ථාන වෙත පැමිණෙනවා මෙන්ම ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් විශ්ව විද්‍යාල වලට ඇතුලත් වේ (මාගේ පන්තියේ සිටි මිත්‍රයින් 40 න් 25 ක් පමණ අද වෛද්‍ය වරුන් ඉංජිනේරුවන් වේ). මා පෞද්ගලිකව මෙම විද්‍යාලයේ ආරම්භක කාණ්ඩයෙන් (1996) ඇතුලත් වී ඉංජිනේරුවෙක් ලෙසින් දැනට සේවය කරමි. කින්ග්ස්වූඩ් , ධර්මරාජ වැනි පාසල් වලිනුත් අපේ පාසලෙන් මෙන්ම සමාජයට වැඩදායි යහපත් ළමයින් බිහි කරයි. මට එම පාසල් වලින් සිටින්නේ මිත්‍රයින් මිසක් තරග කරුවන් නොවේ. "සාමා‘‘ ගේ ප්‍රකාශයෙන් එවැනි භේදයක් සදහන් කිරීම පිලිබදව මම අසතුටු වෙමි. (නදී)
අපි අහල තියෙන විදිහට මේ වැඩේ සාමාන්‍ය දෙයක්. කලබල වෙන්න එපා ඒවා එහෙම තමයි.(නදී)
මම රණබිම රාජකීය විද්‍යාලයේ 2011 උසස් පෙළ කණ්ඩායමේ සිසුවෙක්. ආදී සිසුවෙක් ලෙස සිදු වී ඇති මෙම අපරාධය මම දැඩි ලෙස හෙලා දකිමි. අවසන් මොහොතේදී හෝ මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම සතුටට කරුණකි. රණබිම රාජකීය විද්‍යාලය වසර 17ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්කර දී ඇති ජයග්‍රහණ අති විශාලය. මෙම විද්‍යාලය ගැන දන්නෝ නුවර පාසල් වල සිසුහුය. විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මේ සම්බන්ධයෙන් දැනටමත් ක්‍රියාත්මක වී ඇති අතර ඒ සම්බන්ධ කරුණු ඔබට ඉදිරියේදී මාධ්‍ය මගින් දැනගත හැක. (නදී)
සාමා" ඔබ නොදන්නා දේ ගැන කථා නොකර සිටින්න. මාගේ පාසල විශේෂ අරමුණක් සඳහා පිහිටුවන ලද්දකි. එනම්, මධ්‍යම පළාතේ අඩු ආදායම් ලබන දෙමාපියන්ගේ ඉගෙන ගැනීමට දක්ෂ දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දීමයි. මෙම විභාගය පවත්වන්නේ එම දක්ෂයන් තෝරා ගැනීමට වන අතර ශිෂ්‍යත්වයට පිළිතුරු ලියන තරම් ලේසියෙන් මෙම ප්‍රශ්න පත්‍ර 3 ට පිළිතුරු ලිවීමද කළ නොහැක. රණබිම රාජකීය විදුහල යනු තවත් එක් ජාතික පාසලක් නොවේ. එමෙන්ම අපට අනෙක් පාසල් සමඟ භේදයක් ද නොමැත. ඔබ රණබිම රාජකීය විදුහල ගැන දන්නේ නම් ඔබ පළ කල අදහස පළ නොකරනු ද ඇත. (නදී)
ඇමතිවරු වැඩි උනහම මෙහෙමත් වෙනවා.(නදී)
රණබිම රාජකීය එදත් අදත් ලංකාවේ ඉහළම සාධනීය මට්ටමක් පවත්වා ගත් පාසලක්. රණබිම රාජකීයෙන් 2008 උසස්පෙළ කඩඉම පසුකල මමද අද ඉංජිනේරුවෙක් ලෙස සේවය කරමි. ඔබ රටේ විශ්ව විද්‍යාල පද්ධතිය ගැන දැනුවත් නම් කොතරම් සිසුන් පිරිසක් රණබිම රාජකීයෙන් විශ්ව විද්‍යාල වරම් ලබාගෙන තිබේද පෙනේවි. බුද්ධිමත් අයෙක් යමක් ප්‍රසිද්දියේ ප්‍රකාශ කිරීමට පෙර කරුණු හරි හැටි හොයබැලීම සිදුකරන බව මා දනිමි. කෙසේ වුවත් සිදු වී ඇති මෙම අපරාධය මම ද දැඩි ලෙස හෙලා දකිමි. (නදී)
හය වසරට ගන්නේ ශිෂ්‍යත්වය සමත් අයනේ. පාසලෙන් විභාග තියලා කොහොමද හය වසරට සිසුන් ගන්නේ. කොහොම උනත් නුවර තියෙන කින්ග්ස්වූඩ්, ධර්මරාජ වගේ පාසල් එක්ක බලනකොට මේ පාසලේ ප්‍රශ්න පත්රයක් රුපියල් විසිදහසකට ගන්න ගොනා කව්ද?(දිල්)
කවුද දැන් වග කියන්නේ (දිල්)
මේක අවුරුදු 3ක් 4ක් තිස්සේ වෙන ජාවාරමක්. මීට පෙර විභාග වලදීත් මේ ප්‍රශ්ණ පත්‍රය හොරෙන් විකුණලා තිබුන බව ප්‍රසිද්ධ කරුණක්. පාසලේ ආදී සිසුන්, පාසලේ නිර්මාතෘ වරු මධ්‍යම පළාත් සභාවේ ඉන්න අයට මේවා ගැන පැමිණිලි කලාට ගණන් ගත්තේ නැහැ.(නදී)
ඔයා කියනමේ ඉස්කෝලවලට ලක්ෂ ගණන් දෙන්නැතුව ඒ ගානටවත් ළමයෙක් ඉස්කෝලේ දාගන්න මිනිස්සු බලනවනේ. අනික මේක ඉතාම හොද පාසලක්. ප්‍රතිපල ඉහලයි.(දිල්)
ලක්මල් බංඩාර අයියා කියපු කතාව ඇත්ත. මම රණබිම පාසැලේ පුතෙක්. අපේ පාසැල අද වෙනකොට ලංකාවේ හොද තැනකට ඇවිත් තියෙනවා. ඒකට බාදා කරපු අය ගොඩක් ඉන්නවා ඒත් උදව් කරපු අය ඉන්නේ ටිකයි. මගේ පාසැලට මගේ ප්‍රණාමය.(නදී)
නියමයි, ඔහොම යන්.(නදී)