උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල්හි එම කාලයේ උත්සව තහනම් කර තිබිය දී ලබන 08 වැනි දා කොළඹ ඉසිපතන විදුහලේ උත්සවයක් පැවැත්වීමට යතියි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි.
පිහිනුම් තටාකයක් ඉදි කිරීමට මංගල පස් පිඩැල්ල කැපීමේ එම උත්සවය එදින පෙරවරු 8.00ට රජයේ දේශපාලනඥයකුගේ හා අධ්‍යාපන බලධාරීන් කිහිප දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට යයි.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ විභාගය අතරතුර එවැනි උත්සව තැබීමෙන් විභාගයට බාධා මතු වන බවයි. නීතිය සෑමට සාධාරණ විය යුතු බවත්, ගමේ පාසලට බලපාන නීතිය කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වලට ද අදාළ බවත් කියන ස්ටාලින් මහතා විභාග අතරතුර පැවැත්වීම යන උත්සවය නවත්වන ලෙස විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලයි.
විභාග මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරන පාසලක ලබන 08 වැනි දා උදේ අටට උත්සව පැවැත්වීම නීති විරෝධී බව විභාග කොමසාරිස් ඩබ්ලිව් එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි. මෙම පාසලේ එවැනි උත්සවයක් පැවැත්වේදැයි නොදන්නා නමුත් එවැනි උත්සවයක් ඇත්නම් ඇය වැරදි බවත් ඔහු කීවේය.
පාසලේ පිහිනුම් තටාකයට මංගල පස් පිඩැල්ල කැපීමේ උත්සවය කවදාදැයි විදුහල්පතිගෙන් විමසූවිට ඔහු පැවසුවේ ලබන අට වැනි දා එය පැවැත්වෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උත්සවය යොදා ගන්න විභාග වලට බාධා නොවන වෙන දවසක් තිබුනේ නැති එකෙන් තේරෙන්නේ මුල් ගල තියන වැඩේට නැකත පවා හදලා තියෙන්නේ අදාළ දේශපාලකයාගේ ඩයරියේ ඇති වැටසටහන් වල ට අනුව බව. අනේ අපේ පාසල් දරුවන්ට ගිය කලක්. (නදී)
දේශපාලකයන් පාසල් වල එදිනෙදා වැඩ කටයුතු වල බාධා වෙන විදියට තමන්ගේ බලය පාවිච්චි කරන එක හරිම කනගාටුදායකයි. (නදී)
මේක ඉසිපතනයට විතරක් බලපාන ප්‍රස්නයක් නෙමේ. මුන් මැට්ටෝ වෙලා අපිව කන්න එ්වි. එතකොට ඉසිපතනේ කියල නැහැ. විධායක වටිනාකම දන්නේ නැති විදුහල්පතිලා ඉන්න ඉස්කෝලවලට දෙවියන්ගේම පිහිට තමා.(නදී)
විදුහල්පතිවරු වැඩි දෙනෙක් දැන් කරන්නේ දේශපාලකයින් පස්සෙන් යන එක තමයි. ඒවා කොච්චර දුගඳ වුනත් දැනෙන්නේ බොහොම සුවදයි කියලා.(දී)
බලාගෙන දේශපාලුවට තදවෙයි.(නදී)
දේශපාලුවන්ගේ උත්සවේට විදුහල්පති විරුද්ධ විය යුතුයි (නදී)
අධ්‍යාපනයට ඇති තැන තේරෙනවද දැන්වත් (දී)
මතක නැද්ද විභාගයක් අස්සේ හෝමාගම පාසලක උත්සවයක් තිබ්බා (දී)
කොලඹ ඉසිපතන විද්‍යාලයට හැම රජයයකින්ම තිබුනේ අඩු සැලකිල්ලක් මේ රජයෙන් මෙවැනි දෙයක් කිරීම සතුටට කරුණක්. විශාල දරු පිරිසක් ඉගනගන්න මෙවැනි කොලඹ ප්‍රදාන පාසලක් රැකගෙන දයුණු කිරීම ඉතා වැදගත් කරුණක්. ගොඩක් උගතුන් භිහිකල මුලික පාසලක්. (නදී) .
ඉසිපතනෙට නොලැබුන දේ ලැබෙන දවසක් සතුටු වෙන්න ඕනි පාසල දයුණු කරන්න ව්දුහල් පති තුමා හරි උත්සහයක් දරනවා !!!(අ)
ඉසිපතන විදුහලේ පිහිනුම් තටාකයක් ඉදි කිරීම හොදයි. නමුත් උසස් පෙළ විභාග මධ්‍යස්ථානක්නේ. විභාගයට බාධා වෙන බව තේරුම් ගන්න තරම් මොලයක් නැද්ද? (නදී)
සිල්වා,කුමාර මහත්තයෝ, ඒ කියන්නේ ඔය වැඩේ හරිය කියලනේ. හොදයි බලාගන්න උගතුන් බිහිවෙන හැටි තටාකේ කරණමක් ගහලා. දැන් ඔච්චරණේ අඩු (නදී)
"අනුවනයින් වටා බලය ඒකරාශී කිරීමේ වරදට ජනතාව සහ අනාගත දරු පරම්පරාව දඩුවම් විදිය යුතුය". (දී)
මෙතන අදහස් ඉදිරිපත්කරලා තියෙන සමහර අය ඉගෙන ගෙන තියෙන්නෙ අකුරු විතරද කියල හිතෙනවා. ඒවගේම මේ උත්සවය සංවිධානය කරන අයත් මොනම විභාගයකට වත් ලියපු අය වෙන්න බැහැ. නැත්නම් ළමයින්ගේ අනාගතය තීරණය කරන මේ වගේ දවසකදී මෙහෙම දෙයක් යොදාගනීද? මේක පාසලක වැඩක් නෙවේ. (දී)
බොහොම කනගාටුයි සමහර ආදී ශිෂ්‍යින්ගේ අදහස් දැක්කම. තීරණයක් ගන්න අපිට අවශ්‍ය බුද්දිමත් ජනතාවද නැත්නම් සමහර කට්ටියගේ මන දොළ පුරවන්න පිහිනුම් තටාක උත්සවද කියල. (දී)
ඉසිපතනෙ මගෙත් පාසැල . එ්ක අනිවාර්යයෙන්ම දියුණු වෙන්න ඕනා. පිහිනුම් තටාකයක් ගන්න අපි කොච්චර මහන්සි වුනාද. දැන් එ්කට කට්ටිය අකුල් හෙලනවා. පාසලේ උසස් පෙළ ලියන ළමයි අනාගතේ පාසලේ ඉගෙනගන්න ළමයි වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්න දැනගන්න ඕන. අනික මොන සද්දේ තිබ්බත් ඉගෙනගත්තු ළමය විභාගේ ලියල සමත් වෙනවා (නදී)
මේක මගෙත් පාසැල. හැබැයි මේ වැඩේ නම් වැරදියි. මේකට වෙනත් දිනයක් දාගන්න. (නදී)
උපජීව සොයුර ,මගෙත් පාසැල ඉසිපතනය. පිහිනුම් තටාකයක් ලබා ගැනීම වෙනුවෙන් ඉස්සර අපිත් මහන්සි උනා. නමුත් ඔබේ අදහස සමග කිසිසේත් එකග වෙන්න අමාරුයි. මේ දරුවන්ට කරදරයක් නැතුව විබාගය ලියන්න දෙමු. ටික දවසක් ඉවසමු .ඊට පස්සේ උත්සවය තියමු.(නදී)
මගේ ඉස්කෝලේ නම් ඉසිපතනෙ නෙමේ එත් උපජීව ඔයා කොච්චර ආත්මාර්ථකාමී කතාවක්ද කරන්නේ. ඔයා කියන්නේ සද්දේ මැද්දේ ගණන් හදන්න පුළුවන් කියලද? එ්ක අර මහන්සි වෙලා පාඩම් කරපු අසරණ ළමයිට කරන අසාදාරනයක්. ඔයා කියන විදිහට ඔයා ස්වසින් පූල් එක හදන එකට අර ළමයා අවුරුදු ගානක් මහන්සි උන එක කැප කරන්න ඕනේ කියලද? (නදී)
මට තියන ප්‍රශ්නය , පිනුම් තටාකය සාදන්න තියන මුල්ගල වෙනුවෙන්, පවත්වන චාම් උත්සවයක්ද? ඩි ජේ පාටියක්ද? (දී)
මමත් ඉසිපතනයේ ඉගෙන ගත්තේ. පිහිනුම් තටාකය කියන්නේ 1980 ඉඳල තිබුන හීනයක්. එ්ත් මොකටද දේශපාලකයෙක් ගෙන්න්නනේ මංගල පස්පිඩැල්ල කපන්න. ඔවුන් අාවහම ළමයිනුත් මැටි හරක් වෙනවා. අපේ පාසලේ නැද්ද හොඳට ඉගෙනගත්ත ළමයෙක්. කොහොම උනත් විබාගයක් අස්සේ ඕක තියෙන එකනම් සුදුසු නැහැ. උත්සවය ටිකක් කල් දැම්මා නම් හොඳයි (නදී)
උපජීව මහතාගේ දරුවෙක් මේ පාර විබාගේ ගන් නැතුව ඇති නේද ? (නදී)
රජයේ ඉස්කෝලයක රජයේ දේශපාලනඥයකුගේ හා අධ්‍යාපන බලධාරීන් කිහිප දෙනකුට උත්සවයක් තියන්න බැරිනම් ඉස්කෝලේ රජයට අයිතිවීමේ තේරුම මොකක්ද?(නදී)
මා දන්නා තරමින් මෙහි වත්මන් විදුහල්පතිතුමා ඉතා හොඳ, දරුවන් ගැන බොහෝ හිතන කෙනෙක්. මෙහෙම මෝඩ වැඩක් කරයි කියලා හිතන්නත් අමාරුයි (නදී)
බිමල් හිතන විදිහට රජයේ පාසලක් අයිති වෙන්නේ මහජනතාවට ද නැත්නම් රජයේ දේශපාලඥයන්ටද? (නදී)
මම දැනගෙන හිටියේ නැහැනේ බන්දුල ඉසිපතනයට ගියා කියලා.මෙතන දාන අදහස් වල හැටියටයි, කඩේ යන හැටියටයි,පෙන්නේ නම්, ඉස්කෝලේ ගිහිල්ලා නෑ වගේ..... (දී)
මෙතන ප්‍රශ්නය ඉස්කෝලේ දියුණු කිරීමට එරෙහිව නෙමෙයිනේ. උත්සවයක් නුසුදුසු දවසක යොදා ගැනීමනේ. ඒක නීතියෙනුත් තහනම් නම් ආයෙත් මොන කතාද? බලන්න මතුවෙන ප්‍රායෝගික ගැටළු. දේශපාලඥයෙක් එනවා නම් අනිවාර්යයෙන්ම රථවාහන පාලනයක් සිද්ධ කරනවා. තද බදයක් ඇතිවෙනවා. ළමයින්ට වෙලාවට ඉස්කෝලෙට එන්න බැරි වෙන්න තියන ඉඩකඩ වැඩියි. මේවාට සාමාන්‍යයෙන් ශබ්ද විකාශන භාවිතා වෙනවා. පාසල තුල ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වෙනවා. මේ සියළු දේම විභාග මධ්‍යස්ථානයකට බාධාවක්.(නදී)
දැන් ඉන්නේ නිලධාරීන් නෙවෙයි දේශපාලක ගොට්ටන් විතරයි. (නදී)
පාසලට අද වෙනකම් ලැබුණු පහසුකම් වලින් බොහෝ දේ ලැබුනේ දීප්තිමත් අාදි සිසුන්ගේ පරිත්‍යාග වලින්. පාසලට බොහෝ සේ උදව්කල සරත් කොස්තා මහතා අතින්ම මේකත් විවෘත කරන්න. (නදී)
මගෙත් පාසැල ඉසිපතනය. පිහිනුම් තටාකය කියන්නේ 1980 ඉඳල තිබුන හීනයක්. මේ වෙනුවෙන් ඉස්සර අපිත් මහන්සි උනා. අනිවාර්යයෙන්ම පාසැල දියුණු වෙන්න ඕනා. නමුත් මේ දරුවන්ට කරදරයක් නැතුව විබාගය ලියන්න දෙමු. ටික දවසක් ඉවසමු (නදී)
උපජීව- කේන්ති ගියේ ගෙදර ප්‍රශ්නයක්වත්ද? (නදී)
පළමු පස් පිඩැල්ල කපන්න ඔයවගේ පොඩි උත්සවයක් තියලා මදි අඩුමගානේ කානිවල් එක්කක්වත් තියන්න ඕනේ , නැතිනම් සබාපති තුමාට කේන්ති යයි (නදී)
මුලිකත්වය දෙන්න දරුවන්ට ඉගෙනගෙන එලියට යන්න . ඉස්කෝලෙට එකක් හදා ගන්නා තුරු නාන්න තටාක ඕන තරම් තියෙනවා රටේ. (නදී)
ආණ්ඩුවේ ඉන්නේ උගතුන් නම් විභාගයක වැදගත්කම තේරුම් ගනීවි. මේවාට චාම් විදියට උත්සව පවත්තලා බැහැනේ. අහල පහල ගම් හතකට ඇහෙන්න බෙර ගහලා ලවුඩ් ස්පීකර් දාලා වන්දි භට්ට ගීතිකා නැටුම් සංදර්ශන පවත්තලා මුල් ගල තියනකොට අර විභාගෙට ලියන දරුවන්ට දෙවියන්ගේම පිහිටයි. (නදී)
බිමල් නිකම් කුලියට කහින්නේ නැතිව ඉන්න. ඔයා කියන විදියට තව ටික කලකින් රජයේ පාසල් වල චන්ද රැස්වීම් තියන්නත් ඉඩ දෙන්න සිද්ධ වේවි. පාසලක් කියන්නේ ඉගෙන ගන්න තැනක් මිසක් දේශපාලනය කරන අයගේ ශ්‍රී විභූතිය පෙන්වන තැනක් නෙවෙයි. (නදී)
රජයේ පාසල් දැන් දේශපාලකයන්ට හිතේ හැටියට පිනුම් ගහන්න හදපු පිට්ටනි ගානට වැටිලා. (නදී)
පාසැල් කියන තැන් දේශපාලනයෙන් ඈත් කරලා තියන තරමට හොඳයි. (නදී)
බිමල්, යම් කිසි ස්ථානයක් අයත් වෙන්නේ රජයට කියල මහජන දේපල පුද්ගලික බුදල් ගානට දාන්න බැහැ. විශේෂයෙන් පාසලක්. මේක තේරුම් ගන්න බැරි උදවියට අධ්‍යාපනය සම්බන්ධ තනතුරු ලැබීමත් වැරද්දක්. (නදී)
සමහර අයගේ අදහස් දැක්කාම දුකත් හිතෙනවා ඉසිපතන විද්‍යාලය ගැන. ඒ අය දන්නේ නැතුවද මන්දා ඉසිපතන විදුහලේ ලබන 8 වෙනිදාට උසස්පෙළ විභාගයට ලියන්නේ තමන්ගේම පාසලේ මල්ලිලා බව. වසර 13 ක් දුක් මහන්සිවෙලා ලබාගත් දේ එක මොහොතකින් විනාශ වෙලා යනවා. බලාගෙන සතුටු වෙන්න මේ අයට පුලුවන්ද ?ඉසිපතනෙන් මේ අය ලැබූ අධ්‍යාපනේ,ශික්ෂණය මේකද ?මෙවැනි වැරදි බොහෝ විට වෙන්නේ ආදී ශිෂ්‍ය සංගම් හා පාසල් සංවර්ධන සමිති වලට පත්වන ඔලමොට්ටල පුද්ගලයන් නිසා (නදී)