
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විපක්ෂය මැතිසබය වර්ජනය කළේ කොළඹ මහ නගර සභාවේ පරාජය දරා ගත නොහැකි වීම නිසා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ක්‍රීඩාවේදී තහනම් උත්තේජක භාවිතය වැළැක්වීම පිළිබඳ පනත් කෙටුම්පතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.
කොළඹ මහ නගර සභාවට රහස් ඡන්දය පැවැත්වූයේ සියලු දෙනාගේ අනුමැතිය බවද ඔහු සඳහන් කළේය.
පළාත් පාලන කොමසාරිස්වරිය ඇතුළු සියලු රාජ්‍යතන්ත්‍රය ආරක්ෂා කරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා කොමසාරිස්වරිය පළාත් පාලන පනත ප්‍රකාරව නිත්‍යානුකූලව කටයුතු කළ බවද සඳහන් කළේය.
හැට දෙකේ ලේඛනය කොහේදැයි තමා මුජිබර් රහුමාන් මහතාගෙන් විමසන බවත් ඔහු තවමත් දුවන බවත් හෙතෙම පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිඥයෙක් කියලා දන්නා දේ සහ නොදන්නා දේ යන සෑම කාරණාවකදීම කට අරින මේ ආන්ඩුවට ඉක්මණින්ම කෙලවන්න ඉන්න පිරිසේ උඩින්ම ඉන්නා කෙනෙක්. මේ සෙට් එක නිසා ආන්ඩුව අවසන් ගමන් ගියදාට අනුරට තමා ඔක්කෝම පව් කරගහන්න වෙන්නේ...
ඔබ බොරු කියන බව අපි දන්නවා. මමත් අපි දුටු දේ බොරු කරන්න හදන්නා එපා. හොරුත් සුන් බුන් එපා නේද? ලැජ්ජයි. අරුනුත්, උනුත් මුනුත් එකමයි...
ඔව් රටම දැක්කා දිනපු හැටි...
කොළබ ජිල්මාට් සීතාවක කරගන්න බැරි වුණා නේද? ලැජ්ජයි එපා කියපු විපක්ෂේ අයගේ ඡන්දේ දැන් මුදලට ගන්න එක...!
ඇත්තටම විපක්ෂය කියන විදියට මහා මැතිවරණය, ජනපතිවරණය දෙනෝ දාහක් ඉදිරියේ තමන්ගේ නම, හැඳුනුම්පත එක්ක තමන් දාන මනාපය හැමෝම දැනගන්න ඕනේලු. මාර විහිළු මේවා... ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ රහස් ඡන්ද තමයි. බොරු නම් දියුණු රටවල ගිහිං බලන්න. ඇමරිකාවේ සෙනෙට් සභික ඡන්ද විමසුමක් තිබ්බා... ළඟදී එකත් රහස් ඡන්දයක්. කව්ද මන්ද දන්නේ නෑ, ආරක්ෂවටත් හොඳයි. අන්න රටවල්. නැත්තං අප්‍රිකාවේ වගේ විරුද්ධ ඡන්ද දාපු අයව උස්සන් ගිහින් මරනවා. එහෙම සංස්කෘතිකට කැමැති වගේ විපක්ෂය.
පිල් මාරු කරන මන්ත්‍රීලගේ මන්ත්‍රීකම් අහෝසි කරන්න පනත් ගේනවා කියලා කයිවාරු ගහපු අය දැන් මන්ත්‍රීලව සල්ලි වලට අරන් රහස්‍ය චන්ද වලට යන තත්වෙට වැටිලා ඒක ගැන උජාරුවෙන් කතාත් කරනවා.
AKD සහ කණ්ඩායම ගැන කිසිම විශ්වාසයක් නැහැ. අපි එතන වෙච්ච හැම දෙයක්ම නිරීක්ෂණය කළා. වටවා තවමත් විකාර කතා කරමින් ඔහුගේ කීර්ති නාමය නැති කර ගන්නවා.