කැසිනෝ සූදුවට, මාධ්‍ය මර්දනයට හා රජය ගෙන යන ජන පීඩාකාරී තත්ත්වයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජනතා උද්ඝෝෂණය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද සවස පැවැත්විණි.
සමගි බලවේගය නමැති පක්ෂ එකමුතුව මගින් මෙය සංවිධානය කළ අතර කොළඹ ලේක්හවුස් වටරවුම, බාන් ඔරලෝසු කණුව සහ මරදාන ටෙක්නිකල් හංදිය යන ස්ථානවලින් වෙනම ජනතා පෙළපාලි තුනකින් පැමිණ සියල්ලෝම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස් විය.
විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් කරූ ජයසූරිය, මංගල සමරවීර, තිස්ස අත්තනායක, රුවන් විජයවර්ධන ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.
කැසිනෝ ව්‍යාපාරයේ මලගම යැයි සඳහන් මිනී පෙට්ටියක් ද මෙහිදී පාක්ෂිකයන් විසින් රැගෙන විත් පුළුස්සා දමන ලදී.
තුන්දහස් පන්සියයකට අධික පරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඕල්කට් මාවතේ රැස්වී සිටීම නිසා කොළඹ කොටුව, මරදාන ඇතුළු ප්‍රධාන නගර කීපයකම දැඩි රථවාහන තදබදයක් ඇතිවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමල්ජිත්, එක නම් ඇත්ත. (ස)
ලොක්කගේ චුයින්ගම හින්දානේ මොකවත් කරන්න බැරි උනේ අපරාදේ .... (ස)
විකාර වැඩ මිනිස්සු වැඩ ඇරිලා දුවනවා මම දැක්කා මේ වැඩේට බයේ (දී)
පෙරහැර ගියාට පස්සෙනේ රනිල් ලොක්ක ඇහැරිලා තියෙන්නේ. සෙනඟ නම් බොහොම මදි ලොක්කා. (ස)
අනුර ශාන්ත, ඔයා හරියට හරි. (ස)
මිනිස්සු කොයි තරම් නම් අසරණ උනාද අද (දී)
මහජනයා ගැවසෙන හා රථවාහන තදබදය ඇති ස්ථාන වල පෙළපාලි හා රැස්වීම තහනම් කල යුතුව ඇති අතර සෑම පක්ෂයකටම රැස්වීම,පෙළපාලි පැවැත්වීමට පොදු ස්ථානයක් ලබා දිය යුතුය.මෙවැනි ක්‍රියාකාර කම් වලින් දැඩි පිඩාවට පත්වෙන්නේ සාමාන්‍ය මහජනතාවයි. ජනතාව දේශපාලකයින්ට වැඩිය උගත්ය ඒ නිසා මෙවැනි දේවලින් මහජනයාගේ චන්ද බලය ලබා ගන්න පුළුවන් නම් එය මුසාවකි. (දී)
එක්සත් ජාතික පක්ෂය දැන්නම් දිනන මාවතට ඇවිදින්. මේ අවස්ථාවේත් පස්සට අදින අය ඉන්නවා නම් ඔවුන් පක්ෂ ද්‍රෝහියෝ. (ස)
ඔහොම යන්. සෙනග වැඩි වේවි වෙලාවට (දී)
කැසිනෝ වලට යන්නේ සල්ලි කාරයෝ තමයි. ඉතින් ලංකාවේ ඉන්න ඔක්කොම සල්ලිකාරයෝ හිඟන්නෝ වෙනවා. කැසිනෝ කාරයා ඒ සල්ලි ඒ රටට අරන් යනවා. සෙතක් වෙයි කියල නම් හිතන්න එපා. (නදී)
මේ පෙලපාලිය ගැන පාක්ෂිකයන්ව දැනුවත් කරලා නැහැ.අපි දන්නෙත් නැහැ. අනේ දන්නවා නම් අපේ ගමේ කට්ටිය ගොඩක් යනවනේ. (ස)
කෝ, සෙනග? මීටවඩා සෙනග සති පොලට එනවා. (දී)
බෝම්බ බයකුත් නැහැනේ (දී)
මොකද්ද දැන් උනේ අන්තිමේ (දී)
චන්දන, මටත් හිතෙනවා එහෙම. මොකද දැන් පක්ෂය වටේ එකතු වෙන්නේ අනිත් පක්ෂ වල පහත් වෙච්ච අය. ඉතින් අනිවාර්යයෙන්ම දිනන්න එපැයි !!!! (ස)
කෝලිත අවුරුදු තිහක් නම් යන එකක් නැහැ. මොකද මී හරක් එච්චර කල් ජීවත් වෙන්නේ නැහැ මගේ හිතේ. (ස)
මේකත් හරියට කැහී ගෑණි දිලා හොටු ගෑණි ඉල්ලනවා වගේ වැඩක් මට නම් ? (ස)
මෙතන පෙළපාලි යන්නේ උද්ද්‍යා කාලේ විහිළු කතා කියලා. කොටියට විරුද්ධව එක වචනයක් වත් කතා නොකරපු, අපිට කරදර කරන ලොකු රටවල් වලට (ස)
ගොඩයට සංවර්දන මැජික් . රනිල්ට ජය. අපිට ජය. (නදී)
වැරදි වැඩේ වැරදි මයි .....අයේ කතා මොකටද ...... (දී)
ජයවේවා අපේ උපහාරය (දී)
කොහොම කිඋවත් ආණ්ඩුව පෙරලන්න තව වසර තිහක් විතර යනවා ... (දී)
ජයවේව.. පිටරට වල සිටින අපේ ශක්තියත් ඔබ සැමටයි. (ස)
මොනවා නැතත් ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය පෝස්ටර ටික ලියල දීල තියනවා. උදාසීන ලෙස තවත් "සමගි බලවේගයක" නිමාවක්! මේ තේමා එක්ක නම් යන්නේ මාධ්‍ය ඒකකය වහල දමන එක හොඳයි. මේවට මිනිස්සු රැවටුන කාලේ ගියා.(දී)
සත්‍ය, ඔබගේ චෝදනාවට වග කිව යුතු පිරිස තමයි පාරට බැස සිටින්නේ
යුද්දේ නැති නිසා බය නැතුව පෙළපාලි යනවා (දී)
අශාන්..මීහරක්ගේත් ඡන්දෙ නැතුව ඔයාලට දිනන්න බැරි බව මතක තියා ගන්න. (ස)
කතා කරන්න එපා ඒ ගැන (දී)
ගල් රෝද යන්නේ හිමින් තමයි. හැබැයි යන්නේ මුළු පලාතම තලාගෙන පොඩි පට්ටන් කරගෙන.(නදී)
මේ රටේ මෝඩ මිනිස්සු ඉන්නකන් ආණ්ඩුවට ජොලි, දැන්වත් අවදි වන්න. (නදී)
යු.එන්.පී එක දැන් ජේ.වී.පී එක වගේ කොටුව දුම්රිය ස්ථානයෙන් පිට පෙළපාලියක් තියන්න බැහැ වගේ.(නදී)
රට ජාතිය බේරාගත් අභීත වීරයා වන සරත් ෆොන්සේකා දිනවමු. (නි)
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තිබෙන කාලයේ, විදේශික සංචාරකයන් සතුටු කිරීමට සීගිරි ගල ලඟ අපේ ගෑණු ළමුන් සීගිරි අප්සරාවන් ලෙස සැරසී නැටුමේ යෙදීමට කළ යෝජනාව නතර කර ගත්තේ ජනතාවගේ විරෝධය නිසයි. එදා අපේ සංස්කෘතිය ගැන මතක් උනේ නැත්තේ ඇයි? (ස)
ඔය පරණ මුණු වැහෙන්න ඔලුබක්කොටිකක්වත් දාගෙන ගියානම් සමහරවිට මිනිස්සුන්ට අර පරණ කතා එහෙම අමතක වෙලා ගියාම ට්‍රයි එකක් දෙන්න තිබුන.
එජාපය මේ කපේදී මේ රටේ බලයට එන්නේ නැහැ. රට පාවා දෙන ගමන් කොටින්ට හුලන් ගහල පුම්බන කම් . ඔය කැසිනෝ වල එල්ලිලා ගියාට . අනික් එක පක්ෂයේ එකමුතු කමක් නැහැ. තනතුරු වලට පමණක් සටන් කරන්නේ. (ස)
මෙතන මුස්ලිම් කට්ටියත් කැසිනෝ එපා කියල යනවා. හැබැයි කුඩු එපා කියන්නේ නැහැ. (ස)
බුරුපිටිය ගමේ සුදු. කැසිනෝ සුද්දගේ සුදු. පොලිසිය අල්ලන්නේ ගමේ සුදු විතරයි (නි)
කැසිනෝ නිසා සක්විතිගේ පවුලම අනාථ වුණා. අහිංසක දරුපවුල් කීයක් සක්විති අනාථ කරලා දැම්මද? සක්විති කැසිනෝ ගැහුවේ සල්ලිකාරයන්ගේ සල්ලි වලින්ද? (නි)
මෙම ජනතා උද්ඝෝෂණයට හේතුවූ කරුණු දෙකම බටහිරයන්ගෙන් අපට ලැබුනු දේවල්.ඔවුන් මේවාට කැමතියි. ඉතින් සමුඵවක් පැවැත්වීමට ආසන්න මෙවන් අවස්ථාවක ඔවුන්ට මේවා පෙන්වීම අනුවණ මෝඩ ක්‍රියාවකි .පරමාර්ථය, රට අපකීර්තියට පත්කර හෝ කම් නැත බලය ලැබෙනවා නම් යන්න නොවේද? (නි)
රූපා, ලබන මැතිවරණය වෙනකම් ඉන්න බැහැ මේ තියෙන තත්වය උඩ. (ස)
මට නම් මේක දැක්කහම හිතෙනේ ලෝකයේ තිබෙන භයානකම උවදුර කැසිනෝ කියලා. ඒකනේ මේකට ඔයතරම් විරුද්ධ (නි)
මේකෙන් වෙන්නේ අපේ රට අවමානයට ලක්වෙන එකයි. (නි)
මම ඉන්නේ ලංකාවේ නෙමෙයි. එත් ලංකාවේ වෙන දේ ගැන සෙවිල්ලෙන් තමා ඉන්නේ හැම වෙලේම. ලංකාවේ අපේ අය ඉන්නේ මොන විකාරෙන්ද කියලා හිතා ගන්න බැහැ. දෙයියනේ අපේ ළමයින්ට දරුවන්ට ඉතුරු වෙන්නේ මොනවද කියලා ටිකක් හිතන්න බැරි ඇයි? (නි)
අද සල්ලි කාරයෝ කැසිනෝ ගහයි. තව අවුරුදු 5ක් යනකොට රටේ සමාන මිනිස්සුත් කැසිනෝ වලට පුරුදු වෙනවා.එතාකොට මොකද වෙන්නේ රටේ අපරාධ වැඩි වෙනවා. හොරකම් මිනිමරුන් එන්ඩ එන්ඩ වැඩි වෙනවා ..?ඉතින් තව කතා මොකටද අපි කැසිනෝ වලට විරුද්ධයි. කැසිනෝ අපේ රහටට එපා. (ස)
සරත් පොන්සේකා අභීත වීරයෙක් උනෙත් අපේ ජනාධිපති තුමා ඒමනුස්සයව ඒ නිලයට පත්කුරපු නිසා. කෝ රනිල් ගේ කාලේදී අපි සරත්පොන්සේකා කෙනෙක් ගැන දැනන් හිටියද ? (අ)
වෙනසක් වෙන්නේ නැද්ද?... (ස)
මේ අයුරින් කොතරම් පෙළපාලි ගියත් වැඩක් නැහැ. පක්ෂ මෙවැනි අවස්ථාවකදී එකාාමෙන් අත්වැල් බැදගත යුතුයි.සංවිධනයක් හැටියට ඒකරාෂි වී අාගම් කුලමල බේද පසෙකලා මෙවැනි බටහිර අාක්‍රමණයන්ට විරුද්ධව සටන් වැදිය යුතුයි.එවිටයි ජයග්‍රහනය සත්සුදක් සේ ළගාවෙන්නේ (නි)
අපේ රටේ සමහරක් ඉන්නවා හැම දේටම එපා කියන හරියට jvp කාරයෝ වගේ මුන්ගේ කිසිම දියුණුවක් නැහැ .අනුන්ට දියුණු වෙන්ඩ දෙන්නෙත් නෑ හරියට අරවික්ක්‍රමබාහු වගේ මුන්ගේ ගෙවල් වලට ගිහින් බැලුවොත් හරියට ඉඳගන්ඩ පුටුවක් වත් නැහැ(අ)
කැසිනෝ ව්‍යාපාරය ලංකාවට මුලින්ම 1980 වේ හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂය , දැන් ඊට විරුද්ධව වැඩ කරන එක ලොකු විහිළුවක්. 2003 රනිල් අගමැති වුණ වෙලේ හොංකොං වල ජෝයි සිම්ට නැවත ආරාධනා කළා අලුත් කැසිනෝ ව්‍යාපාරයක් අරඹන්න. නමුත් ආණ්ඩුව විසිරවපු නිසා එය හරි ගියේ නැහැ.දැන් මේ ආණ්ඩුව ඒ දේම කරන්න යන නිසා ඊට විරුද්ධ වෙනවා. (නි)
ඡන්දයදී පක්ෂග්‍රාහී වූ අය නම් කියන්නේ කැසිනෝවත් රටේ සංවර්ධනයට ගෙනා එකක් කියලයි. ඒත් බුද්ධිමත් ජනාතව තවත් රට විනාශ කරන්න ඉඩදෙන්නේ නැහැ. අපේ වටිනා ඡන්දය ප්‍රකාශකර අපිටත් වෙනස්කළ නොහැකි රජවරුන් නොව අපේ රට අපට අවශ්‍ය පරිදි පාලනය කිරීමට පාලකයින් පත් කර ගත යුතුයි. ප්‍රජාතන්ත්‍රීය රටක රජවරුන් ජනතාවයි.අප පක්ෂග්‍රාහී නොවී අපේ රටේ අනාගතය ආරක්ෂා කරමු. (නි)
රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටි අවුරුදු දෙකේදී ඔහු විසින්ම ආරම්භ කරපු කැසිනෝ ව්‍යාපාර තමා තාම තියෙන්නේ. එදා මේවා ගැන නරකක් සිතුනේ නැද්ද ? කැසිනෝ තිබ්බත් නැතත් අද ලංකාවේ සුදුව පිරිලා රේස් බුකි හොර සුදු පොළවල්. මේවා වැඩියෙන් කරන්නේ ලොකු ලොක්කන්. (ස)
රටම හිනස්සනවා මදිවට ලෝකෙත් හිනස්සන්න තමයි ඔය අර අදින්නේ. (නි)
කෝ ඉතින් සෙනග වැඩිය නැහැනේ (නි)
කෝ අපේ අහවල් පුතා පෙළපාලියට නැතුවා වගෙයි. සද්දයක්වත් නැහැ. මොකද වුණේ? (නි)
ඔහොම යමු. ඕක තමා වෙන්න ඕනෑ (නි)
කැසිනෝ පොජ්ජට විරුද්ධ වෙන්න එපා.ඕවා සුදු උත්තමයන්ගේ සෙල්ලම් (නි)
විමුක්ති. ජනතාව දැන්වත් අවදි විය යුතුය. ව්‍යාපාර වැටි ඇත. දුප්පතා හිඟන්නා වී තිබේ. (නි)
රට ජාතිය බේරාගත් අභීත වීරයා වන සරත් ෆොන්සේකා දිනවමු. (නි)
සල්ලිකාරයෝ කැසිනෝ ගැහුවම කාටවත් මොකද? (නි)
කැසිනෝ නෙමේ මේ රට මිනීකන දේශයක් වුණත් මිනිස්සු පාට කණ්ණාඩි දාගෙන මේවා දිහා බලනකන් කවදාවත් මේ රට යහ මගට ගන්න බැහැ. අපේ අනාගත පරපුරට අභිමානෙන් කතා කරන්න රටක් නැති වෙයි. අපිටත් මේවට දඩුවම් විදින්න සිදු වේවි (නි)
මේවා නියම උද්ගෝෂණ නොවේ. කැසිනෝ පනත ගෙනෙන්නේ නැහැ කියලත් කියා තිබෙනවානේ. (නි)
කුමරනලා ගෙදර වකුටු වෙලා නිදා ඉන්නකොට සෙනග කොයින්ද? (නි)
තව වැඩ පෙන්වමු. ඊළඟ ඡන්දෙදී මොකද කියලා බලමුකෝ. ටිකක් ඉන්නකෝ (නි)
කුමරන.සෙනග වැඩිය නැහැ නේද? හරිම සතුටුයි. අනේ අනේ! රටේ නරක දෙයක් සිද්ධ වෙනවා නම් මිනිස්සු එකා වගේ එකතු වෙලා වැඩ කරන්න ඕනෑ නේද. අනිවාර්යෙන්ම ඔබලා කැමති අපේ දුප්පත් කෙල්ලෝ ටික ගණිකාවෝ කරන්න.ඒක කවදා කොතැනද කියන එක ඔබලාට දවසක දැකගන්න පුළුවන්. (නි)
ලක්ෂ තුනක් ගැනීමට පස් දෙනෙක් මරණ භයානක තත්වයට මේ වනවිට රට පත් කර හමාරයි.බදු සහන දී කැසිනෝ ඇතුළු දුරාචාර ව්‍යාප්ත කළ පසු මුදල් සොයා උමතුවෙන් තව තවත් ඝාතන අපරාධ දෙගුණ තෙගුණ ලෙස සිදු කිරීම නොවැළැක්විය හැක.මේවා දැන්වත් නවතා දැමීමට සියලු දෙනාම පෙළ ගැසීම අගය කළ යුතුය. (නි)
ඔයාලා විකාර කරනවා.අරෙහේ මිනිස්සු පක්ෂය හැරයනවා (නි)
කෝ, සෙනග නැහැනේ..! (නි)
පෙළපාලි වලට නම් පුදුම සෙනග. ඡන්දයක් තිබ්බොත් ඡන්දෙ දෙන්න කෙනෙක් නම් නැහැ (නි)
ලංකාවේ මෙච්චර කාලයක් තිබුණු ලොතරැයි එකත් සුදුවක්.ඇයි ඒවාට පෙළපාලි නැත්තේ? (නි)
මේ කට්ටිය හදවතින්මද දන්නෙ නැහැ කැසිනෝ එපා කියන්නෙ? ලෝකයා හිනස්සනවා කියන්නෙ මේ වගේ දේවල් වලට තමා. (නි)
රටේ සංවර්ධයන දැක්කේ නැද්ද (දී)
විපක්ෂය විනාශ කරන්න හදන්නේ විපක්ෂය ඇතුළෙම ඉන්න ටිකදෙනෙක් බව දැන් ජනතාව දන්නවා (නි)
ජයවේවා.....ජයවේවා.....ජයවේවා..... (දී)
ඒ කට්ටිය නිසා අසරණ මිනිස්සු දුක් වින්දා අද (දී)
මෙච්චර සෙනග ඉදලත් මදිද? (නි)
ජනතාව දැන්වත් අවදි විය යුතුය. බිස්නස් වැටි ඇත. දුප්පතා හිඟන්නා වී තිබේ. (ස)
වැඩි ඈතක නෙවෙයි මේ ලගදි දැක්කෙ නැද්ද සෙනග නුවර සහ කුරුණෑගල දී. ඔයත් සෙනගක්ද? 3500ක් ? කූඹියගෙ මුත්‍රා උනාට මහා ගංගාවක්ලු (දී)
කෝ සෙනග? අස්ස රේස් නීත්‍යානුකූල නම් කැසිනෝ වල වරද මොකක්ද? (නි)
ආණ්ඩුව පෙරළෙනවා නම් ඕනෑම දෙයක් කරන්න. (නි)
අනේ මන්දා! මේවා කළා කියලා මේවට කන්දෙන්නවත් උත්තර දෙන්නවත් මේ රටේ කවුරුත් නැති එකේ මොන ප්‍රතිඵලයක්ද? (නි)
දෙගොල්ලොම එකයි. එකම වෙනස පාට විතරයි. දෙගොල්ලෝ එකතු වෙලා අපිට හැමදාම රිද්දනකොට පාරට බැහැලා රිදෙනවෝ රිදෙනවෝ කියලා කෑ ගහන එක තමයි අපි කරන්නේ. රට ගැන හිතන, හරි ප්‍රතිපත්තියක් තිබෙන එක් කෙනෙක් ඉන්නවද අද ලංකාවේ?රටකට ගිය කලක්. (නි)
සමන්ත ඔව් එහෙම හිතල හරි අපි හිතේ අමාරුව නැති කරගමු නේද ?
කැසිනෝ වලට විරුද්ධ වෙන එක හොදයි. හැබැයි ඔය කැසිනෝ ඇමෙරිකාව , ඕස්ට්‍රේලියාව , එංගලන්තය , ප්‍රංශය, ජර්මනිය, චීනය, ජපානය, කොරියාව වගේ අපේ කට්ටිය යන්න පොරකන හැම රටකම තියෙනවා. එතකොට ඕකට විරුද්ධව කෑ ගහන කට්ටියට ඔය රටවල් වලට යන්න ලැබුනොත් යන්නේ නැද්ද කැසිනෝ තියෙන නිසා. හැමදේටම බොරුවට කෑ ගහන්නේ නැතුව , මෙහි තිබෙන අපට අහිතකර දේවල් අඩු කරන ක්‍රමයක් හොයන්න. ඕනෑම දෙයක හොද වගේම නරකත් නරක වගේම හොදකුත් තිබෙනවා. බස් වල දුම සහ හෝදන්නෙ නැති නිසා අපිට ගොන් කරත්ත වල යන්න බැහැනේ. ලෝකය වෙනස් වෙනකොට අපිටත් ඒ අනුව වෙනස් වෙන්න වෙනවා. (නි)
අපරාදේ සල්ලි සහ මිනිසුන්ගේ වටිනා කාලය (දී)
කට්ටියට බ්රේස්ලට්, මාල, චුවින්ගම් එහෙම ලැබුණේ නැද්ද? (නි)
සජිත් ඉදිරියට එනවට ඔය හැමෝම බයයි. (නි)
මේ රට හදන්න බැහැ (දී)
හ්ම්, චෝගම් නැත්නම් දන්නවා කරන දේ (දී)
කැසිනෝ ගහන්නේ සල්ලිකාරයෝ. ලොතරැයි හුරන්නේ දුප්පත් මිනිහා. අපි කවුරු බේරාගන්නද උද්ගෝෂණ කරන්න ඕනෑ? (නි)
කොටුවේ උද්ඝෝෂණ තිබෙන්නේ බංකොලොත් දේශපාලනයේ පමණයි. මොකද එයාලා දන්නවා සහභාගි වෙන අයට වැඩිය බලන අය වැඩිය කියලා. (නි)
අපේ රට ගැන නම් කතා කරන්න එපා (දී)
ඕවට උද්ගෝෂණ නොකර චැනල් 4 කොටියා ලංකාවට එන එකට විරුද්ධව පෙළපාලි යන්නකෝ. (නි)
අපිට ලංකාවේ නිදහසේ සාධාරණ ව්‍යාපාරයක් කරන්න ඉඩ දෙන්නේ නැහැ.හැම පැත්තෙන්ම බදු ගහනවා.ඔලුව උස්සන්න දෙන්නේම නැහැ.මේ නිසා අපිට වෙනත් රට වල පිහිට පතන්න සිදුවෙලා.කුඩු,එතනෝල්,කැසිනෝ,මේ ව්යාපරකයන්ට බදුනැහැ .බදු සහන ,කැපිලි කෙටිලි මොනවත් නැහැ.සුරාවට සුදුවට ගණිකා සේවයට සහ වෙනත් අපරාධ වලට තමා දැන් රටේ මුල් තැන හිමි වී තිබෙන්නේ.මුදලට,අරක්කු බෝතලේට ,බත් පැකට් ගෙන්වා ගන්නා ජනය මෙන් නොව ,ස්වේච්චාවෙන් මේ සදහා සහභාගී වුන ජනතාවට අපේ උපහාරය! (දී)
ජූඩ්, ඔයාගේ තර්කය නම් හරිම මෝඩයි. සක්විති කැසිනෝ ගැහුවේ එයා මොන ක්‍රමයට හරි හම්බ කළ සල්ලි වලින්. ඒ එයාගේ සල්ලි. මෝඩ මිනිස්සු එයාට සල්ලි දුන්නට අනිත් අය පළිද? (නි)
එජාපයට ජය වේවා (දී)
එජාප ආවොත් මේ ක්‍රමය වෙනස් වෙනවද.මේගොල්ලෝ ආවත් මෙච්චර තමයි (දී)
පෙළපාලි වලින් වැඩක් නැහැ (දී)
ජනතාව බේරා ගන්න ඕවා කරලා හරියන්නේ නැහැ (දී)
මෙයාලා මේ කැසිනෝ වලට වලට විරුද්ධව පෙළපාලි යන්නේ අවංකවමද? මෙයාලා පස්සෙන් යන අය නම් හරිම මෝඩයෝ. මේ මිනිස්සු මෝඩ වේවි පස්සෙන් යනතාක් මේ රටට යහපතක් නම් වෙන්නේ නැහැ (නි)
මේ දේශපාලන ලොක්කන්ට සංස්කෘතිය, රට, වැරදි වැඩ, ජනතාව මේ ඔක්කොම මතක් වෙන්නේ බලය නැති දාට. බලය තිනෙන දාට මොකුත් මතක නැහැ. ජනතාව හැටියට අපි මේවා හොඳට අවබොධ කර ගන්න ඕනේ. කැසීනෝ වලින් හරි බලයට එන්න පුලුවන්ද කියලා බලන්න හිතෙන්න ඇති. හැබැයි මේවා මුලින් හදුන්වලා දෙන කොට ඒවා හොඳයි. ඔය ම්නිපෙට්ටි උස්සගෙන පස්සේ යන අයට මේක තේරෙන්නේ නැති හැටි. (ස)
මට එපා උනා අද කොළඹදී (දී)
මේ අය කැසිනෝ වලට විරුද්ධ වෙන්නේ අවංකවමද කියන එක තමා අපිට තියන ගැටලුව.. (ස)
අපේ අහවලාගේ පුතා දැක්කෙ නෑ. එයා කැසිනෝ වලට පක්ෂද? (ස)
ඕනෑම පක්ෂයක පෙළපාලියක් යන්න සෙනඟ එකතු කර ගන්න අමාරු නෑ ..ඡන්දෙ දාන මිනිස්සු තමා හොයා ගන්න අමාරු. (ස)