IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


විපක්ෂයේ මුල් පුටු පෙරළේ

(සුජිත් හේවාජුලිගේ )

සමගි ජන බලවේගය සහ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මුල් පුටු ගණනාවක් ඉදිරියේදී   වෙනස් කිරීමට සාකච්ඡා ආරම්භ වී ඇතැයි වාර්තාවේ.

ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සඳහා පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු හෙයින් විපක්ෂයේ සියලුම පක්ෂවල ප්‍රතිසංවිධානයක් කළ යුතු බවට දැනටමත් යෝජනා ඉදිරිපත්ව ඇත. මෙම තනතුරු වෙනස්කම් සිදුවන්නේ එම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ යැයි  දැනගන්නට ඇත.

මේ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂවල අඩුපාඩුකම් පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටු පත්කිරීමටද ඒ ඒ පක්ෂ නායකයෝ අදහස් කරගෙන සිටිති.

පක්ෂයේ  කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමටද බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සමග ජන බලවේගයේ නායකයෙකු පැවසුවේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඉතා ඉක්මනින්ම අරඹන බවයි.

ඉදිරි මැතිවරණ වලදී ශක්තිමත්ව මුහුණ දීම සඳහා පක්ෂ යාන්ත්‍රණය  ශක්තිමත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවද ඔහු කීවේය.

මේ අතර පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලදී  තරුණයින්ට වැඩි අවස්ථාව ලබාදීමටද පක්ෂ නායකයන් තීරණය කර ඇත.



අදහස් (8)

විපක්ෂයේ මුල් පුටු පෙරළේ

පිටරටවැසියා Saturday, 30 November 2024 02:56 PM

තරුණයින්ට වැඩි අවස්ථාවක් විතරක් නෙමෙයි, අද-ඊයේ ඉපදිච්චි අයව දාලාවත් ගොඩගන්න බෑ. පරණ තක්කඩි එහෙම්මම ඉන්න තාක්කල්.

:       14       97

සේදිරිස්Saturday, 30 November 2024 03:43 PM

අනේ පිටරැටියෝ, ඔහේ මාලිමාවට ඡන්දෙ දුන්නා නම් නිධානයක් හාරගෙන කොටියෙක් සමරගෙන පැත්තකට වෙලා ඉන්න පව් දෙන්නේ නැතුව. ඔවුන් ඒක කර ගනී ඔවුන්ට ඕනෑ විදියට...

:       109       42

විපරමා Saturday, 30 November 2024 04:29 PM

සමගි ජන බලවේගයේ අසමගිකම් නැති කරලා, ජාතික ලැයිස්තුවේ හතර දෙනාව පත් කරලා වැඩ පටන් ගත්තොත් හොඳ නැද්ද?

:       5       52

කර්තේලිස් Saturday, 30 November 2024 04:32 PM

සේදිරිස් වගේ ගවයින් හිටපු හින්ද තමයි, මේ රටට මෙච්චරටම කෙළවුණේ. දේශපාලුවන් සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන් රටට කරපු හානියට වඩා හානියක්, විපතක් මෙවැනි අය රටට කළා...!

:       15       84

සිල්වා Saturday, 30 November 2024 05:01 PM

ලාංකීය සමාජය බොරුවලට හොඳටම රැවටෙන පිරිසක්. එබැවින් ඉදිරි පෙලට ගතයුත්තේ බොරුවවට පිළිතුරු දිය හැකි පිරිසක් නැති නම් තරගෙට බොරු කීමට දක්ෂ පිරිසක්...

:       3       42

රුවන් Saturday, 30 November 2024 05:42 PM

සෙදිරිස් උන්නැහේ කොමා තත්වයෙන් අවදිවෙලාද?

:       8       41

වික්‍රම විදුර Saturday, 30 November 2024 05:52 PM

තරුණයින්ට උස නම් සිකුරිටි මිටිනම් කම්කරු.. මේ පාර උස නම් කම්කරු මිටි නම් සිකුරිටි වෙයි... ඕක තමයි වෙනස් වෙන්නේ.. නාකි ලොක්කන්ගේ පුටු ඔවුන්ගේ විනාශ කාර දරුවන්ගේ පුටු හැමදාම රජපුටු.. පුළුවන්නම් රජ පුටුව තරුණයෙකුට දීපල්ලකෝ බලන්න...

:       5       54

Nimal 1 Sunday, 01 December 2024 07:02 AM

දැන් ගොඩක් පැහැදිලියි. විපක්ෂයේ අරමුණ නැවත රට හදන්න තමයි.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1542 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1673 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site