රාජපක්ෂවරුන්ගේ සංගමය පෙනී සිටින්නේ ඔවුන්ගේ නැතිවූ වරප්‍රසාද යළි ලබා ගැනීමට මිස ජනතා වරප්‍රසාද වෙනුවෙන් නොවේ යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද සිරිකොතේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
සැබෑ විපක්ෂයේ කාර්ය භාරය විය යුත්තේ ජනතා අමාරුකම් හදුනාගෙන එම අයිතීන් ලබා ගැනීමට කටයුතු කිරීමට බව ද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ කාර්ය භාරය ගැනත් කතාකරන්නකෝ (නි)
විපක්ෂය ජනතා අයිතීන් ලබාගැනීමට කටයුතු කළයුත්තේ ආණ්ඩුව ඒවා නොදී ඉන්නවා නම් නේද? ආණ්ඩුව ජනතා අයිතීන් දෙනවා නම් විපක්ෂය ඉල්ලන්න ඕනෑ නැහැනේ. මේ නොකියා කියන්නේ අපි දෙන්නේ නැහැ, පුලුවන්නම් අරන් පෙන්නන්න කියලද? (නි)
ඉල්ලන් කනවා කියන එකේ ඉවරයක් නැහැ. ඔය රාජපක්ෂ රාජපක්ෂ කියන එක දැන්වත් නවත්තලා රටට මොනවාහරි වැඩක් කරලා පෙන්නන්න. මෙහෙම ගියොත් ඊළඟ පාර ජනතාව එළවන්නේ ඇපත් නැතුව ආයෙත් දියවන්නාව බලන්න එපාවෙන විදියට (නි)
මෙතුමා කලඑළි බැහැලනේ අායෙත්. පසුගිය දවස් වල පේන්නවත් හිටියේ නැහැ නේද? (නි)
ඔබතුමාගේ නිල ඇඳුම් වැඩේ නම් ගොඩක් හොඳයි. හැබැයි රට බේරාගත් නායකයන්ට දොස් කිය කියා ඉන්නේ නැතුව වැඩ කරන්න (නි)
තමන්ගේ වැඩ ටික ගැනවත් අවබෝධයක් නැතිව තව විපක්ෂයක් ගැනත් කියවනවා. අනේ අපේ ළමයින්ගේ අධ්‍යාපනේ. වැඩබැරිකම වහගන්න බදු ගහන එකයි මහින්ද මහත්තයාට බනින එකයි ඇරෙන්න මේ රජයෙන් ජනතාවට වාසි සැලසෙන් නෑ (ම)
ජයතු කියන්න බලන්න රු. 10000ක් පඩි වැඩිකළේ මහින්ද ගත් ණය වලින්ද? මහින්ද ගත් ණය ගෙවන්න මහින්ද ගත්තා වගේ දෙගුණයක් ණය ගත්තා නේද? එ්ත් තව මදි වෙලා (නි)
විපක්ෂයේ කාර්ය භාරය හොයනවට වඩා ආණ්ඩුවේ කාර්ය භාරය හරියට කරනවා නම් හොඳයි. ආ දවසේ ඉඳලම එකම මන්තරයමනේ මතුරන්නේ (නි)
ජනතාවට ගෙවීමට සිදුව ඇත්තේ වැට් බද්දක් නොව "රාජපක්‌ෂලාගේ වංචා බද්දක්" කියලත් කියනවනේ ඉතින් (නි)
මෙයාලට රාජපක්ෂ නම නොකියා කිසිම දෙයක් කළ නොහැකිද? (නි)
ඒකාබද්ධ විපක්ෂයේ කාර්ය බරය වියයුත්තේ ජවිපෙ කොහොමහරි මහන්සියෙන් කැපවෙලා හොයලා එළිකරන වත්මන් රජයේ වැරදි, මාධ්‍ය සාකච්ජා තිය තියා තමා හොයාගත්තා වගේ ඇදගෙන යන එකද? (නි)
ආණ්ඩුවේ කාර්ය භාර්ය රාජපක්ෂ සමාගමේ වැරදි, සහෝදර රාජපක්ෂ සමාගමේ වැරදි හොය හොයා පැය 24 ම කෑගහන එක. මහින්ද වචනෙ කිව්වෙ නැත්නම් මේ අයගෙ හුස්ම වැටෙන්නෙත් නැහැ වගේ දැන් පේන්නෙ (නි)
ඔබල අවුරුදු 22 කක් විපක්ෂයේ ඉදල ජනතාවගේ දුක තේරුම් අරගෙන නැහැ . බලයට ආවම ජනතාව ලැබූ වරප්‍රසාද කප්පාදුව හා බඩු මිල මේ ආකාරයට වැඩි කිරීම ඔබලාගේ යන ගමනට බාධාවක්. (ර)
ඔබ තුමන්ලාට ඕනෑම කතාවකට මහින්ද සම්බන්ධ නැතුව බැරිද (බ)
ඔබ තුමාගේ කාර්ය හරිහැටි හදුනා ගෙන මිට වඩා රටට සේවයක් කරනවා නම් හොදයි (බ)
සහෝදර සමාගම දැන් රාජපක්ෂවරුන්ගේ සංගමය වෙලාද. අනේ හැබෑට රාජපක්ෂවරුන්ගෙන් තොර ලෝකයක් ඔබලාට ඇත්තෙම නැද්ද? (බ)
එතකොට ආණ්ඩුවේ කාර්යභාරය මොකද්ද? අපිටනම් පෙන්නේ තමන්ටම වැඩි වැඩියෙන් බෙදාගැනීම සහ ජනතාව තව තවත් මිරිකා දැමීම දැන් ආණ්ඩුවේ කාර්යබාරය බවයි.(බ)
මගේ හිතට එන අදහස් මෙතන කියන්න අමාරුයි (නි)
මහින්ද නම් නැතුවම බැහැ නේද? (නි)
ඉතින් තිලක්-ඩුබායි, එහෙම කියන්නේ ඔහෙලා වගේ කුහකයොනේ (නි)
රාජපක්ෂ පවුල් පාලනය රට ණය බරකට අැද දැමුවාට පසු වර්තමාන අාණ්ඩුවට රට පාලනය කිරිමට මුදල් නැතිකමින් අනාථ වී අැත. රාජපක්ෂවරු මෙන් චිනයෙන් ණය අරගෙන ජනතාවට කන්න දී සහන සැළසුවා නම් මේ රජයටත් දිගු ගමනක් යා හැකියි. (නි)
ඒ කියන්නේ ජනතාව ජීවත්වෙන්නේ අමාරුවෙන් බව ඔබතුමන්ලාත් පිළිගන්නවා (නි)
ජනතාවට අමාරු බව ඔබේ කථාවෙන් පැහැදිලි වෙනවා. ඒ බව විපක්‍ෂය හඳුනාගත යුතු බවත් කියන්නෙ ඔබමයි. කරුණුු එසේ තිබියදී ඔබතුමන්ලාගේ තුන්වේලටම මහින්ද බයිට් කරගැනීම ඔබතුමන්ලාගේ තනතුරටත් හොඳ මදි බවයි අපේ හැඟීම.කරුණාකර දැන්වත් වැඩ පටන් ගන්න... (නි)