පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය තමන්ට හිමිවිය යුතු බවට දෙමළ ජාතික සන්ධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ මැතිවරණය ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂය සහ දෙවනුව වැඩිම මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවකට එක්වීමට සූදානම් වන බවයි.
මේ හේතුව නිසා ඉදිරි පාර්ලිමේන්තුවේ එම පක්ෂ දෙකටම පැවරෙන්නේ සාමුහික වගකීමක් බවත් විපක්ෂයේ වගකීම ඉටු කිරීමට දෙමළ ජාතික සන්ධානයට පැහැදිලි මන්ත්‍රී නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ පවතින බවත්
එයින් පෙන්වා දී ඇත.
රජය ගනු ලබන ඕනෑම ප්‍රශස්ත ක්‍රියාමාර්ගයකට සහයෝගය දැක්වීමට සූදානම් බවත් රජය මේ සඳහා ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුකළ යුතු බවත් දෙමළ ජාතික සන්ධානය සිය නිවේදනයේ සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප‍්‍රජාතන්ත්‍රවාදය අනුව සාධාරණ ඉල්ලීමක්. නමුත් ඔවුන් එක් වර්ගයකට කොටුවූ හා ජාතික තලයේ නොවන විපක්ෂයක් බවද කිවයුතුයි (බ)
කතාවට නම් කියන්නේ සිංහල බෞද්ධයින් ජාතිවාදී නැහැ හරිම සාදාරන කට්ටියක් කියලා. ඔන්න ප්‍රායෝගිකව ඔප්පු කරලම පෙන්වන්න අවස්තාවක්. ජාතික ගීය දෙමලෙන් වයන්න නොදෙන එකේ මේක දෙයි කියල මන් නම් හිතන්නේ නැහැ.(නදී)
මෙවන් තත්වයක් එළඹෙන බව පාලකයින් නොදැන සිටියා කියන්න බැහැ. කතිරේ ගහනකොට අපට මෙහෙම දෙයක් නිකමටවත් හිතුනේ නැහැ. අනේ අපි වගේ මෝඩයෝ.(නදී)
මේ රටේ එක ප්‍රදේශයක් පමණක් නියෝජනය කරන පක්ෂයක් කොහොමද විපක්ෂ නායක කමක් අරගෙන රටේ ජාතික ගැටලු හඳුනාගන්නේ. එයාලට ඕනි වෙන දෙයක්.(ම)
ඕවා වෙන බව අපි දැනම් හිටියා (අ)
වෙනසක් දැන් සනීපද ? (අ)
දෙවන බහුතරේ කාටද?(ම)
නරක අනාගතයක ආරම්භය, දුන්නොත්. (ම)
ජාතික ආණ්ඩුවක් ගෙනෙන්නට හේතුව වශයෙන් එයාලා කියන්නේ රට ගැන හිතා රටේ දියුණුව වෙනුවෙන් මෙවැන්නක් කරනවා කියලානේ. දැන් මේ වෙන්න යන්නේ රටේ දියුණුවට වැඩක්ද ? දැන් අනාගෙන තියෙන්නේ කන්න විතරයි ඉතුරුවෙලා තියෙන්නේ. කන්න නෙවෙයි ලඟදීම කවයි (නදී)
අනේ දෙවියනේ අපි ඉවරයි. මෙයාලට නම් විපක්ෂ නායකකම දෙන්න එපා (නි)
ප්‍රජාතන්ත්‍රවාදයට අනුව නම් ඔවුන්ට එය දිය යුතුයි. මෙවන් තත්වයක් එළඹෙන බව පාලකයින් නොදැන සිටියා කියන්න බැහැ.(ම)
ධම්ම ඔව් ඔව් ඔවුන්ට හැම දේම දිය යුතුයි ....නැත්නම් හරි නෑනේ ....ඊට පස්සේ මන්නාරමෙන් ඉන්දියාවට යන්න හදන පාලමත් හදල දුන්නම ....ඉතිරි වැඩ ටික කරගෙන පහලට ව්‍යාප්ත වෙන එක සිම්පල් .....අද ටිකක් හෙට ගොඩක්....එක තමා එයාලගේ අධිෂ්ඨානය....ඊළාම් නොවේ එල්ලාම් යනු ..ඔක්කොම යන්නයි....අපේ මැටි මොළ වලට මේවා තේරෙන කොට පිළිකාව ඔඩු දුවල ඉවරයි...දැන් ඉතින් කට්ටිය එක එක ලේබල් ගහවි....යුද්දෙන් පස්සේ කොපමණ දේවල් කලාද මිනිස්සුන්ටයි එම පෙදෙස් වලටයි ...ඒ පැත්තේ කව්ද කියන්නේ ...කව්ද කතාකරන්නේ...කරපු එක හොඳ දෙයක් ගැන ....කව්රු කොපමනදේ කළත් ඔවුන්ගෙන් හොඳක් අහන්න ලැබෙන්නේ නෑ. (බ)