දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් විපක්ෂ නායක ලෙස පත්කිරීමට කථානායක කරු ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර තීරණය කළේය.
නව පාර්ලිමේන්තුව අද (3) පෙරවරු 9.30ට දෙවැනි දිනට යළි රැස්විය.
රාජ වරෝදියන් සම්පන්ධන් 1933 පෙබරවාරි 5 වැනිදා උපන්නේය. ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙකි. ඔහු වසර 2001 සිට දෙමළ ජාතික සන්ධානයට නායකත්වය දෙයි. 1971 දී මුලින්ම පාර්ලිමේන්තුවට පත්විය.
යාපනයේ ශාන්ත පැට්‍රික් විදුහල කුරුණෑගල ශාන්ත ඈන්ස් විදුහල ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝසප් විදුහල හා මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ආදි සිසුවෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසුව නීති විද්‍යාලයට බැඳී නීතිඥවරයෙක් විය.
ත්‍රිකුණාමල උසාවියේ නීතිඥවරයකු වශයෙන් කටයුතු කරයි. 1956 සිට ෆෙඩරල් පක්ෂයේ සාමාජිකයෙකි. සම්පන්දන් 2004/2010 හා 2015 ඡන්ද ජයගත්තේය.
ලීලා දේවි මහත්මිය සමඟ විවාහ වූ ඔහු පුතුන් දෙදෙනකු හා දියණියකගේ පියෙකි.
මීට පෙර දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම් 1977 සිට 1983 දක්වා විපක්ෂ නායක ධූරයේ කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්.සිංහල දෙමළ අපි දෙගොල්ලොම මේ තීරණය ආත්මාර්ථකාමී ඇසෙන් බලන්න එපා. අපි එකමුතුව මේ අපේ රට ගොඩනඟමු. (නි)
මෙතුමාට ජය ශ්‍රී! (නි)
සුබ පැතුම් අපෙන්! (නි)
මතක තියාගන්න දැන් එතුමා බොරුවක් කිව්වත් ඇත්තක් කිව්වත් ලෝකය පිළිගන්නවා. මොකද ඒක කියන්නේ විපක්ෂ නායක. (නි)
විපක්ෂ නායක කමට හිටපු ඒකාධිපතිය නැතිව කව්රු ආවත් කමක් නැහැ.(ම)
අහවලාගේ අන්තිම තුරුම්බුවත් සුනේ සුන්.හරිම සතුටුයි. (බ)
රුවන්ට පිස්සු එකමුතු වැඩිනිසා ඔක්කොම ඒක පක්ෂෙක විපක්සෙ නැති උනේ මේවාට මෛත්‍රී වගකිව යුතුයි (බ)
බොහොම හොඳයි. සුබ පැතුම්! (නි)
වතුර නටනකල් කකුළුවෝ දිය කෙළියි .කවදා හෝ ඉතිරිවනුයේ කලකිරීම පමණි (බ)
අහවලා විපක්ෂ නායකයා වුනානම් ඒ බලතල යොදල දැනට කෙරීගෙන යන පරීක්ෂණත් "අංජ බජල්" කරන්න ඉඩ තිබුන.දැන් ඉතින් දෙවියනේ කියල සියලු පරීක්ෂණ විධිමත්ව කර ගන්න ලැබේවි. (බ)
ගෝනි නැතුව කරේ යයි (බ)
විපක්ෂ නායකයා යනු ආණ්ඩු පක්ෂයට ප්‍රතිවිරුද්ධව සිටින ප්‍රබලම පුද්ගලයා වේ. යහපාලනය සැමවිටම අගය කළයුතු වුවත් සිංහලයාට ලංකාව මිස ලොව වෙන රටක් නැති බව සිතිය යුතුද වන්නේය. (නි)
චම්පික ,රතන හිමි, ආසයි ඔබලාගේ අදහස් දැන ගන්න (බ)
ඔය වලිගය .මාස 60 අලුත් රටක්නේ ..කැමැති නිසානේ අලියට කතිරේ ගැහුවේ (බ)
විපක්ෂය නියෝජනය කරන උදය ගම්මන්පිල වගේ මහින්ද පිලේ අය දැන් නිහඬ මොකද? ඇයි ඒගොල්ලෝ විපක්ෂ නායකකම ඉල්ලුවේ නැත්තේ? කරු මහත්තයා මෙයාට දුන්නේ විපක්ෂයේ වෙන කවුරුත් ඉල්ලපු නැති නිසාලු. ඇයි මහින්ද පිලේ අයට සම්පන්දන්ව විපක්ෂ නායක කරන්න ඕනෑ වුණේ? (ම)
මහින්ද පිලෙන් විපක්ෂ නායක කෙනෙක් නම් නොකළේ සම්පන්දන් විපක්ෂ නායක කරන්න හිතා ගෙනේ. අද මට මහින්ද පිලත් එපාම වුණා.(ම)
දැන් ඉතින් බලාගෙන ඉන්නකෝ කොයි කවුරුත්. අඩුවට තිබුනේ මෙච්චරනේ නේද? (නි)
ඉතාමත් කාලෝචිත සහ නිවැරදි තීරණයක්.(ම)
මේ පෙරනිමිති පහළ වන්නේ කුමක් සම්බන්ධයෙන්ද? (නි)
ප්‍රජාතන්ත්‍රවාදය යනු මෙයයි.ආණ්ඩුවයි , විපක්ෂයයි දෙකම බදාගන්න බැහැ. (නි)
රාජපක්ෂවරුන්ගේ අන්තිම තුරුම්පුවත් ඉවරයි.එවරෙටම එවරයි.(ම)
අපක්ෂපාති සාධාරණ තීන්දුවක් ! සම්පන්දන් මහත්තයාට සුබ පැතුම්! (ම)
රුවන් ගේ අදහස අනුමත කරමි. එයම තමයි සත්‍යය.(හේ)
අපේ විපක්ෂේ හිටපු මහින්ද පිලේ අය මොකද කාවවත් යෝජනා කලේ නැත්තේ ?(හේ)
හොද තීරණයක්.(හේ)
ඉතා හොද වැඩක් බලමු මෙතුමා වගකීම් කොහොමද ඉටු කරන්නේ දැන් ඔහු සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විපක්ෂ නායක දැන් ඔහුට එක පිලකට වැඩ කරන්න බැහැ ඔහු පෙනී සිටය යුතුයි සිංහල දෙමල මුස්ලිම් බර්ගර් යන හැම කෙනා වෙනුවෙන් සුබ පතනවා හොදින් වැඩ කරගෙන යන්න.(හේ)
වෙනසකටත් එක්ක ඒක හොදයි.(හේ)
දැන් සිද්ධ වෙන දේ ගැන හිතා ගන්න බෑ.(හේ)
දැන් ටී එන් ඒ එකට රට තුල සහ ජාත්‍යන්තරයේ විශාල හඬක් නගන්න පුළුවනි.(හේ)
පුදුම සතුටක‍් දැනෙනවා. මේ තරං ඉක්‍මනට.......(ම)
තිලක් - ධුබයි රාජපක්ෂ වරු නැති කරන්න ගිහින් රටම නැති වුණා එක ගැන සතුටු වෙන්න (ම)
අනේ මන්ද මටනම් අපි ගැනම දුකයි (ම)
කතානායක ට රටේ විනාසය කර දිය නොහැක මේ සිංහලයන්ගේ රටේ (ම)
ඇමරිකාවේ ජනාධිපති කළු ජාතිකයෙක් වුණාට ඇමරිකන් පුරවැසියෙක්. සම්පන්දන් දෙමළ වුණාට ලාංකියෙක්. එකතුවෙමු රට හදමු. ජාතිවාදය නම් කොයි ආකාරයෙන් වත් එපා.(ම)
ගම්මන්පිල මහතාගේ අලුත් පක්ෂය හදලා, විරුද්ද පක්ෂයේ නායක්කම වාසුට දෙමු. (ම)
දෙමල හෝ මුස්ලිම් කෙනෙක් රටේ විපක්ෂනායක නෙමේ අගමැති වුණත් ප්‍රශ්නයක් නැහැ ගැටලුව තිබෙන්නේ එම පුද්ගලයා පෙනී සිටින ප්‍රතිපත්තියයි. සම්පන්දන් මහතා හැම විටම පෙනී සිටින්නේ දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් එයයි මෙතන තිබෙන ගැටලුව, (ම)
කවුරු කොහොම කිව්වත් විපක්ෂ නායක තේරීම හරි. ජනාධිපති තුමා ඇති කරන ලද නියම ප්‍රජාතන්ත්‍රවාදය මෙයයි (ම)
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා. රටකට යන කල (ම)
මෙහෙම තමයි වෙන්න ඕනෑ. හොඳ වැඩේ අපේ අයට (නි)
අසුබවාදීව හිතන්න එපා හැමවිටම. තැනක් දීලා බලමු, ඊටපස්සෙවත් රට ගැන හිතලා වැඩක් කරාවිද කියලා.මොකද ඒ අයත් මහජන ඡන්දෙන් තේරීපත්වුණ අයනේ. (නි)
ප්‍රජතන්ත්රයට ගරු කරන පුර වැසියෙකු හැටියට පළමුව ප්‍රජාතන්ත්‍රවාදිව පාර්ලිමේන්තුවට පත් වූ විපක්ස නායක ආර්. සම්පන්දන් මහතාට මගේ උණුසුම් සුබපැතුම් , (ම)
අපේ අය මෙතන සමාන අයිතිවාසිකම් ගැන කතා කරනවා. සිංහලයා එහෙම වුණාට වෙන කිසිම ජාතියක් එහෙම කරන් නෑ කියල මතක තියා ගන්න. (ම)
දැන් හිතෙනවා අපේ ගලබොඩ අත්තේ ඥානසාර හාමුදුරුවෝ පරාදවුණේ අපේ කරුමෙට කියලා (නි)
ඇත්තටම වෙන කෙනෙක් නැද්ද විපක්ෂයේ? නියමයිනේ! ජනතාව ගොඩ! (නි)
දෙමළ ජාතික සන්ධානයට ජයවේවා! (හේ)
ජාතිවාදයට තිත තැබිය යුතුය. ජනමතයට හා යහපාලනයට අනුව කටයුතු කිරීමට සැවොම එක්විය යුතුය. ලද අවස්ථාව පටු පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට භාවිත නොකළ යුතුය. ජාත්‍යන්තරය හමුවේ නැඟී සිටීමට මෙය අවියක් කරගත යුතුය. (නි)
ශ්‍රී ලාංකිකයින්ට අන්තිමේදී විපක්ෂයත් නැතිවුණා (නි)
අයියෝ අපේ ඡන්දේ! (නි)
මදැයි අපි කරගත් දෙයක්! (නි)
ඇයි ඉතින් අර පැත්තේ හිටපු ගොඩක් දෙනා ඇමතිකම් ගන්න ආණ්ඩුවට ගියානේ... (නි)
දැන් හරිනේ. වුණ දේ දැක්කනේ, මහා ලොකු කතා දාපු අයට. අපිට තියෙන්නේ ලංකාව විතරයි. සිහළුන් ගැන එපාවෙන්නේ ඕක නිසයි. ආපහු නැගිටලා බලන්න. තවම පරක්කු නැහැ. (නි)
අපි ඔවුන් ගැන හිතුවාට ඔවුන් අපි ගැන සිතයිද? (නි)
පළමුව සම්බන්දන් මහතාට සුබපතමි. මා ජාතිවාදියෙකුවත් ආගම්වාදියෙකුවත් නොවෙමි.ජාතියත් ආගමත් ලැබුනේ මිනිසෙකුවී උපන් පසුය.එබැවින් සැමදෙනාම මිනිසුන් ලෙස මානව අවශ්‍යතා වැඩිදියුණු කිරීම සදහා කටයුතු කළයුතුය. විපක්ෂ නායක ධූරය ලැබිම එය ඉටුකරලීමට හොඳ අවස්ථාවකි. (නි)
පද්මිණී, කන්න ඕනෑ වෙනකොට කබරයත් තලගොයා වෙනවා කියන්නෙ මේවට තමයි (නි)
සිංහල විපක්ෂයකට වැඩ දමිළ විපක්ෂයක් ලංකාවට වටිනවා. සිංහල එකමුතුව සමඟ දමිළ විපක්ෂය මව්රට පෙරට ගෙනයනු ඇතැයි මම සිතනවා. (නි)
සදුන් ,වසන්ජය ,පාර්ලිමේන්තුවේදී සන්ධානයෙන් විපක්ෂ නායක ලෙස කාව නම් කළේදැයි සොයාබලා අදහස් ලියන්න. (නි)
සන්දානයට ආණ්ඩුවද නැතිවිය විපක්ෂයද නැතිවිය 62 ලක්ෂයක ඡන්දයෙන් 47 ලක්ෂයක ඡන්දය පාගා සුනුවිසුනුකර 543944 ඡන්ද ද ගණන් නොගෙන 515963 ලබාගත් සම්පන්දන් රජකර ඇත. මැතිවරණයට පෙර සම්පන්දන් කියූ ලෙසම ඔහු රජුන් තනා යුවරජු වී ඇත මෙයට සම්පුර්ණයෙන් මෛත්‍රී රනිල් රතන හිමි චම්පික සමග ජනතා විමුක්ති පෙරමුන වගකිව යුතුය (බ)
කපිල විපක්ෂය නොවේ රටත් නැතිවනවා විපක්ෂ නායකයා තමා රටේ දෙවනිය ඊලග නායකයා හෙලු සිහලුනේ මෝඩකම වැඩිනිසා මුහුදට පැනපල්ලා (බ)
සම්පන්දන් මහත්තයාට සුබ පැතුම්! (නි)
මෙතන වැඩි හරියක් අදහස් දාලා තියෙන්නේ ජාතිවාදයට බර අය කියලයි මට හිතෙන්නේ. විපක්ෂ නායකතුමා දෙමළ කියලා එය ඉපදිලා තියෙන්නේ ලංකාවේ නෙමෙයිද? හැම ජාතියකට සම අයිතිවාසිකමක් දෙන්න ඕනෑ. එතකොටයි රටේ කිසිම ප්‍රශ්නයක් නැතුව සමගියෙන් සිටිය හැක්කේ (නි)
මේකටද අපි ඡන්දෙ දුන්නේ? මහින්ද මහත්තයෝ, දැන්වත් නැගිටින්නකෝ (නි)
ඔයාල හිතට ගන්න ඕනෑ අපි සිංහල අය එකමුතු නැති බව. එහෙම එකමුතුවෙලා ඉන්නේ නැතුව අනිත් ජාතින් වලට දොස් කියන එක වැරදියි. අපි එකතු වුණොත් කාටවත් අපිට මොකුත් කරන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අපි හැමෝම එකට ඉන්න එක. අපි හැමෝම ලාංකිකයෝ. එහෙත් සිංහල අපි දැනගන්න ඕනෑ අපේ තැන රැකගන්න. එකමුතුවෙන්න හොඳම වෙලාව දැන්. (නි)