IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


’’විපක්ෂ නායක වචනයක් ඉල්ලා අස් අස්කර ගනියි’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා අමතමින් පාර්ලිමේන්තුවේදී කී වචනයක් පසුව ආණ්ඩු පක්ෂයෙන් එල්ල වූ විරෝධය නිසා ඉල්ලා අස්කර ගත්තේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට පෙර අතුරු කාරණයක් මතු කරමින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය පරීක්ෂණ  ගැන රජය ගන්නා පියවර කුමක්දැයි විමසීමක් කළේය.

ඒ අවස්ථාවේ නියෝජ්‍ය කතානායකවරයා විපක්ෂ නායක අමතමින් යමක් කී අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතා 'ඔබතුමා මැද්දට පනින්නේ නැතුව ඉන්නැයි" කීය.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා නැඟී සිට එම ප්‍රකාශය නුසුදුසු බවත් ඉල්ලා අස්කර ගත යුතු බවත් දැඩිව ප්‍රකාශ කළේය.

අනතුරුව නැගී සිටි විපක්ෂ නායකවරයා තමාට මහන්තත්ත කමක් නැති බවත් නුසුදුසු වචනයක් ප්‍රකාශ වී නම් එය ඉල්ලා අස්කර ගන්නා බවත් කීය.



අදහස් (3)

’’විපක්ෂ නායක වචනයක් ඉල්ලා අස් අස්කර ගනියි’’

යෝගා Thursday, 06 February 2025 12:01 PM

මේ වගේ විපක්ෂ නායකයෙක් පහුගිය අවුරුදු 76ටම ඉඳලා නෑ. ජනතාවගේ හාල්, පොල්, බදු ගැන මීක් නෑ. ආණ්ඩුව මෙහෙයවන බලවේගම තමා මෙයාව නටවන්නේ. කටට ඩොලර් ටිකක් ඔබලා නිශ්ශබ්ද කරලා වගේ.

:       33       107

Duplicate Ralahami Thursday, 06 February 2025 03:10 PM

ඔයාට ඔන විදියට එතුමාව නටවන්න බැහැ හාල් පොල් බදු ගැන ඡන්දෙ දීපු ජනතාව උද්ඝෝෂණ කළ යුතුයි එතුමා මොකටද ඉක්මන් වෙන්නේ...

:       58       9

Dahanayaka Friday, 07 February 2025 07:40 AM

වැරදීම මනුෂ්‍ය ගතියකි. සමාවදීම දේව ගතියකි කියලා නොදන්නා අයට ඔහොම දේවල් හිමාලෙට වඩා උසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site