පසුගිය ඔක්තෝබරයේ මෙටට පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාව පසුගිය වසරේ ඔක්තෝබර් මාසය හා සැසඳීමේදී සියයට 8.8 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රීලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
2014 ඔක්තෝබර් මස මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 121576 කි.නමුත් පසුගිය ඔක්තෝබරයේ පැමිණ තිබෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව 132280 කි.
වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බව සඳහන් වන්නේ බටහිර යුරෝපා රටවලට අයත් එක්සත් රාජධානිය,ජර්මනිය හා ප්‍රංශය යන රටවලිනි.එම රටවල් වලින් පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 14.6 කින් ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd