(අංජුල මහික වීරරත්න)
වන්දනා මාන කරන්නට දේශපාලකයන් රටට අවශ්‍ය නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීම් ඇරැඹීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
" පාර්ලිමේන්තුවේ නීතියත් සම්මත කළාම ඊට සමච්චල් කරන නායකයන් ඉන්නවා.ගතානුගතික, හිස් පුම්බා අතහරින ලද චරිත වෙනුවෙන් අපේ ජනතාව වැය බරක් දැරිය යුතු නැහැ.අපට අවශ්‍ය දියුණු දේශපාලකයන්.වන්දනා කරන්න දේශපාලකයන් අපට අවශ්‍ය නෑ.දේශපාලකයන්ට වැඳගෙන ඉන්න පුරවැසියන්ගෙන් රටක් ඉදිරියට ගෙන යන්න බෑ.ලෝකයේ දියුණුම ජාතිය ශ්‍රී ලංකාවේ ගොඩනැගීමේ අභියෝගය අප බාර ගෙන තිබෙනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වන්දනාමාන කරන්න දේශපාලකයන් අවශ්‍ය නෑ
අන්_ර Wednesday, 17 September 2025 12:00 PM
මට තියෙන ලොකුම ප්රශ්නය ඉරිසියාව දරාගන්න බැරි එක.
ටිල්වින් සීයා Wednesday, 17 September 2025 12:05 PM
මහින්දට මිනිස්සු වඳින වැඳිල්ලට අපේ එකාගේ පපුව පැලිලා මැරෙයිද දන්නෑ. සේරිවාණිජ ජාතකේ කච්චපුටයාව මතක් වෙනවා...
ගුණරත්න Wednesday, 17 September 2025 12:17 PM
ඇත්ත, මැරිච්ච සුද්දෝ ටිකක ෆොටෝ එල්ලගෙන අවුරුදු පතා කැබ් වලින් ගිහින් නටපු මොට්ට වැඩ කියලා තේරිලා වගේ...
Nihal Dharmatileke Wednesday, 17 September 2025 12:19 PM
මේ විදිහට කතා කරන්නේ ජනාධිපතිගෙන් ඉගෙන ගන්නේ... විහිළු නෑ.
රටවැසියා Wednesday, 17 September 2025 12:21 PM
හොඳ අදහසක් ජනාධිපතිතුමා, අපි නං හිතුවේ ඔබතුමන්ලා මේ රටේ "ගැලවුම්කරුවන්" කියලා, මොකද මේ රටේ මිනිස්සු දේශපාලනය දේවත්වයේලා සලකපු ජාතියක්...!!! ඔබලා දැන් රටට පෙන්වමින් ඉන්න දේශපාලන නිරුවත නිසා, ඔබලා රට වැසියාගේ ගරු බුහුමනට ලක්නොවන බව ඔබලාගේ හෘද සාක්ෂියම සාක්ෂි දරනවා නේද? ඒ නිසා මේ ආකාරයේ කියමන් ප්‍රායෝගිකයි..! ස්තූතියි...
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 17 September 2025 12:43 PM
ඒ දේශපාලකයින්ගේ මලපහ හෝදන අපි වාගේ ඩෝබිලාවත් අවශ්‍ය නැද්ද?
පිටරැටියා Wednesday, 17 September 2025 12:54 PM
ජනතාවගේ චන්දෙන් බලයට ආපු ,රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේසපාලුවන්ට වන්දනාමාන කරන හැටි දැක්කම නොහිතෙන දෙයක් නැහැ.