පාකිස්තානු ජාතික ජ්‍යෙෂ්ඨ විනිසුරු අසාද් රවුෆ් මහතා සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කිරීම නිසා ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් ඉවත් කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි. සී. සී.) තීරණය කර තිබේ.
ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) විනිසුරුවකු ලෙස කටයුතු කරමින් සිටින අසාද් රවුෆ් මහතාට මුදලට තරග පාවා දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතා පවසන්නේ අසාද් රවුෆ් මහතා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට විශාල සේවයක් කළ විනිසුරුවකු වුවත්, ඒ මහතාගේ කටයුතු පිළිබඳව මුම්බායි පොලිසිය පරීක්‍ෂණයක් ක‍්‍රියාත්මක කර ඇති බැවින් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ විනිසුරු කටයුතුවලින් ඉවත් කිරීමට සිදුවූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ ඔලුව ඉදිමිලා වැඩීයි. කතාකරත් කතා කරන්නේ නැහැ.(නදී)
අයි.පී.එල්. නිසා අපේ ක්‍රිකට් වෙනස් වෙනවා. එම නිසා ක්‍රිකට් තහනම් කළ යුතුය (නි)