මේ වසරේ ජූනි 26 වැනිදා හෝ ආසන්න දිනයක ගෙදර සේවිකාව දූෂණය කළැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර සරත් ද ආබෘට එරෙහිව නීතිපති නියමයෙන් කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.
දණ්ඩ නීති සංග්‍රහයේ 365 බී වගන්තිය යටතේ චෝදනා දෙකක් මත නඩුව ගොනු කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව ගොනු කළ ප්‍රථම නඩුව මෙයයි.
තිස්නව හැවිරිදි ගෘහ සේවිකාව ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ල අනුව මෙම නඩුව පවරා තිබේ.
මේ අතර මෙම විනිසුරුවරයාට එරෙහිව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ තවත් නඩුවක් පවරන ලෙස නීතිපති පොලිසියට උපදෙස් දී ඇත.
ගෙදර සේවයකළ පුද්ගලයෙකුට පහර දුන්නැයි එම නඩුවේ චෝදනාවෙන් කියැවේ.
ලබන ජනවාරියේ සිට බලපැවැත්වෙන පරිදි සරත් ද ආබෘ පසුගිය ඔක්තෝබර් මාසයේ සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමේ ලියැවිලි ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට තිබේ.
ඔහුට රාජකාරි කිරීමට ඉඩ නොදෙන්නැයි ශ්‍රීලංකා නීතිඥ සංගමය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා දැන් විශ්‍රාමිකද? වැරදි කර ඇත්නම් දඬුවම් දියයුතුයි! (නි)
ඔය එළිවෙන්නේ ටික ටික... (නි)
කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ (නි)
අනේ මන්දා... (ර)
වහාම මේ සම්බන්ධයෙන් කටයුතු කළයුතුයි! (නි)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කිවුවලු (නි)
මෙවැනි අය තවත් ඉන්නවා.(ම)
හරි හොඳයි ඇමතිවරුන්ට වැරදි කළා නම් දඬුවම් ? (ම)
වරද කවුරු කළත් තරාතිරම නොබලා දඩුවම් ලැබෙන්න ඕනෑ. ඒකයි අපි බලාපොරොත්තු වුණ යහපාලනය. (නි)
මට නම් හිතාගන්නත් අමාරුයි (නි)
රටේ නීතිගරුක පුරවැසියන් විදියට අපි මෙම සිද්ධිය ඉතාම අගය කරනවා. අපේ රටේ අධිකරණය ගැන බිඳවැටුණු විශ්වාසය නැවත ඇතිවේවි. (නි)
නීතිය කාටත් පොදුය (නි)
වගකිවයුතු නිලධාරීන් නේද මේ? (නි)
මොහුට මෙම වරදට දඬුවම් කරන්නේ නැද්ද? (නි)