ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතා සිය ධූරයෙන් විශ‍්‍රාම ගැනීම සඳහා වන අදාළ ලියකියවිලි රජයට බාර දී ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
විනිසුරු ආබෲ මහතා සිය ධූරයෙන් විශ‍්‍රාම ගැනීමේ ලියකියවිලි මේ වන විටත් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
විනිසුරු ආබෲ මහතාට විශ‍්‍රාම ගැනීමට තවත් වසරකුත් මාස කිහිපයකට වැඩි කාලයකුත් තිබෙන බව දැන ගන්නට ලැබේ.
දිවයිනේ ප‍්‍රදේශ ගණනාවක මහේස්ත‍්‍රාත් ධූරයේ කටයුතු කළ විනිසුරු ආබෲ මහතා පසුව පිළිවෙළින් මහාධිකරණ විනිසුරු ධූරයන්හිද ,අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී පසුගිය රජය සමයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයට පත් කරනු ලැබීය.
විනිසුරු ආබෲ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයේ කටයුතු කරමින් සිටින අතරවාරයේදී සිය නිවසේ සේවිකාවකට පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විනිසුරුවරයාට එරෙහිව නඩු විභාගයක්ද මීට මාස කිහිපයකට පෙර විභාග වින.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක් ඩුබායිට මොකටද අනුන්ගේ නඩු තීන්දු ඇයි ඇපිල් කරන්නද ? (බ)
ඇයි කලින්ම විශ්‍රාම යන්නේ. (ර)
මේ යනවා නෙවි . යවනවා නම්බුකරපිටින්. විශ්වාස බංගේ ගෙනත් විශ්‍රාම වැටුපට කෙලව ගන්නවට වඩා මේ ක්‍රමය හොද බව මහත්තයට තෙරුම්ගිහින්. යනවට ස්තුති. (බ)
හොඳ නඩු තීන්දු දුන්නු විනිසුරුවරයෙක්. මගේ නඩුවක ඔබ දුන්නු තීරණයක් හින්ද අද බත්ටිකක් කාල ජීවත් වෙනවා. ඔබට සියලු දෙවි ආරක්ෂාව ලැබේවා! (අ)
තිලක්-ඩුබායි, ඔබගේ අගනා අදහසට ස්තුතියි. සාමා නැවත අදහස් දැක්වීමට සභයට පැමිණීම ගැන සතුටුයි. සමදරා අක්කේ, ඔයත් එන්න. ඔය පරණ ප්‍රශ්න වලට ඕනෑවට වැඩිය පසුතැවිලි වෙන්න එපා (නි)
සමහරු කල් ඉල්ලනවා. මෙතුමා කලින් යනවා. (අ)
වැදගත් මහත්මයෙක්. (ර)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
ඔබගේ සේවය අගයමි.! (ර)
රාජකාරිය හරියට කල කෙනෙක්. (ර)
ගෙදර වැඩට හිටිය කෙනාග නමත් "සාග.......වගෙයි මතක. (බ)
මෙතුමා හොඳින් සිය ධූරයේ රාජකාරිය කළා (නි)
වැරදි නැති මිනිස්සු කොහේද ඉන්නේ? (නි)
ඔබතුමාගේ කටයුතු සාර්ථක වේවා! (නි)
මෙහි සමහර ප්‍රතිචාර දක්වා තිබෙන අය දිහා බැලුවහම පුදුම හිතෙනවා. කමක් නැහැ (නි)
මට නම් තේරෙන්නේ නැහැ අපේ කට්ටිය මේකටත් දොස් කියන්නේ ඇයි කියලා (නි)
ඔබට සුබ අනාගතයක් වේවා! (නි)
හොද විනිසුරු වරයෙක්. (ර)
පසුගිය කාලයේ මෙතුමා ගැන නොයෙක් කතාන්දර තිබුණා කියලා මට මතකයි (නි)
එතුමා ගත්තේ හොඳ තීරණයක් (නි)
ඔබගේ ඉදිරි කාලය සුබ වේවා! (නි)
ඔහු දුන්නේ ලොකු ආදර්ශයක්. මොකද අනෙක් අය කාලය දිගු කරගන්නනේ ඉල්ලන්නේ (නි)
සාගරිකා,මොනවා සම්බන්ධ නඩුවක්ද? (නි)
මේ හුගක් ප්‍රතිචාර කලින් විශ්‍රාම යාම ගැන පමණක් හිතලා දාපුවා. (ර)
අපරාදේ අධිකරණයට හිටපු හොඳ නිලධාරියෙක් නැතිව යනවා. (ර)
ඔබේ සේවය අගයමි. (ර)
වැරදි වෙන්නේ මිනිස්සු අතින්නේ... (නි)
කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තිබෙන බව අපි පිළිගන්නවා. විනිසුරු වෘත්තිය කියන්නේ ගෞරවනීය වෘත්තියක්. එහි ගෞරවය ආරක්ෂා වන පරිදි එහි කටයුතු කළයුතුයි (නි)
රත්තරන් උනත් පිහිය පිහියම තමයි. (ර)
සාගරිකාට මොකක්ද දුන් තීන්දුව? (නි)
හොඳ තීරණයක් (නි)
මෙතුමා හොඳ කෙනෙක් (නි)
ඒක ඉතින් එතුමාගේ කැමැත්ත (නි)
මට පෙන්නේ මේ ප්‍රතිචාර ලියන අය ඔහේ ලියන්නම් වාලේ ලියනවා මෙතුමා ගැන පසුගිය කාලේ එක එක ප්‍රශ්න තබුන ගෙදර මෙහෙකාරියට ගිනි අවියෙන් පහරදීම වගේ අපචාර සිදුවීම් අන්න ඒ නිසා තමා කලින් යන්නේ. (බ)