අන්තර්ජාතික හෙද දිනය සැමරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සංවිධානයෙන් අද (10) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සමුළුවක් පැවැත්විණි.
රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා ධනාත්මක චින්තනය ගැන දේශනයක් පැවැත්වීය. වෙනස් වූ පාෂාණවලට මිනිසුන් වැඳුම් පිඳුම් කරන බවත් වෙනස් නොවූ ගල්වලට පොල් ගසන බවත් ඔහු කීවේය. වෙනස් වූ ගල් වශයෙන් ඔහු හැඳින්වූයේ ගලින් නෙළූ පිළිම ගැනයි. ඔහුගේ කථාවට සභාවේ සිටි පිරිස ප්‍රීති ඝෝෂා පවත්වා අවසන් වෙද්දීම වාගේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එහි පැමිණියේය.
මෛත්‍රිපාල සිරිසේන ජනපති හා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න උත්සවයට එන බව සංවිධායකයන් පැවසුවද ඔවුන් පැමිණියේ නැත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ හාමුදුරුවරු දේශපාලනය කරනවා නම් සිවුර අතඇරලා එය කරන්න. එහෙම නැතුව දාන මාන ලබන ගමන් තමන් කැමති දේවල් කරන්න යාමෙන් පව් සිදුවෙනවා (නි)
ගල් වම් අතේ, පොල් දකුණු අතේ තියාගෙන වදින තැනකට වැදියන් කියලා අපිත් ගහනවා පොල් (නි)
චතුරි, අපි දන්නවා ඔයාට තියෙන්නේ මහින්ද අප්‍රසන්නතාව කියලා. දැන් කාලේ හාමුදුරුවන්ට මහින්ද මේනියාවවත් නැත්නම් බුදුදහම රැකගන්න බැරි බව මොළේ ඇති ඕනෑම කෙනෙකුට තේරෙනවා. බුදුදහම රැකගන්න ඉස්සර ඒක රැකගන්න ඉන්න පුද්ගලයා රැකගත යුතුයි. (නි)
ඇසළ, ඔබේ අදහස බොළඳයි. මහින්ද බුදු දහම රැකගන්න කළ දේ බලය තිබෙන කාලේ අපි දැක්කා. (නි)
අැසළ මහත්තයෝ, චතුරි හරියටම හරි. බුදුදහම රැකගන්න ඉන්න පුද්ගලයා මහින්ද වෙන්නේ මොකද? මෙරට දියුණු වෙන්න නම් ඔය පක්ෂ පාට, ගිහි පැවිදි බේද වලින් වැඩක් නැහැ (නි)
ඇසළ, මහින්ද නැතිදාට බුදුදහමත් ඉවරයිද? ලංකාවේ තවත් ඉන්නවද මේ වගේ කට්ටිය? හරිම කණගාටුයි (නි)
අැසළලා, චතුරිලා ඇතුළු මේ පක්ෂ, විපක්ෂ අදහස් දක්වන සැමටම කියන්න කැමතියි මේ හාමුදුරුවෝ ගැනත් මෙහි ඉන්න හෙදියන් වැඩි දෙනෙක් ගැනත්, එදත් අදත් සිටින දේශපාලකයෝ ගැනත් ඔයගොල්ලන්ට වැඩිය මම දන්නවා. හාමුදුරුවෝ හෙදි අයිතිය මිසක් සිංහල බෞද්ධ අයිතිය ගැන නම් එතරම් කතාකරනවා අසා නැහැ. දේශපාලකයෝ ගැන නම් කියන්න දෙයක් නැහැ. හිටපු ජනපතිතුමත් බෞද්ධ අයිතිය ගැන හරියටම බැලුවේ නැහැ. (නි)
කොච්චර අපුරුවට නිදහසේ ජීවිතය ගතකරන්න තිබුන කෙනෙක්ද? (නි)
අපි වැරදුන පාර හදාදෙමු. ඔබ සමඟ ඇති වෛරය ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය ඉවරම කළ නිසා නේද? දැන් දරුවන්, බිරින්දෑවරුන්, ස්වාමිවරුන් හෙට දවස ගැන බලාපොරොත්තු තියාගෙන වැඩ රාජකාරි වල නියුතු වෙන්නේ ඔබටද බැණවදිමිනි (නි)
පාෂාණ කොහොමත් වෙනස් වෙනවා. වැඳුම් පිඳුම් කරන්නේ නිර්මාණකරුවන් විසින් වෙනස්කළ පාෂාණ වලටයි. (නි)
ජෝර්ජියෝ හරි. කම්බා හොරු ඉදිරියේ නිවට, නියාලු, බියගුළු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් යහපාලනය දැන් අපිට බදු පිට බදු ගහලා අසරණ අපිව තවත් අසරණ කරනවා. (නි)
ජෝර්ජියෝ ඔබ හරි.මෙවැනි මිනිසුන් සිටින රටක අපිත් ඉපදුනානේ! (නි)
අනේ අපි නම් ඔය ගල් දන්නෙත් නැහැ. පොල් ගහන්නෙත් නැහැ (නි)
ඇසළ, බුදු දහම රකින්න නම් හොරු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, කප්පම්කාරයෝ, මිනීමරුවෝ ළංකරගන්න ඕනෑමද? ජනතා මුදල් යටිමඩි ගහගන්න ඕනෑමද? (නි)
ඔබතුමා මෙහෙමහරි දකින්න ලැබීම අපේ පිනක් සර්... (ර)
විරල නමුත් හරවත් විග්‍රහයක්. (ර)
ලෝකයේ එක දිගටම රාජ්‍ය පාලනය කළ නායකයින් තමන්ට අතවැසි පිරිසක් බිහිකර ගත්තා. ඒ සඳහා තෝරාගත්තේ සමාජයේ යම් කොටසක් මෙහෙයවිය හැකි ගිහි පැවිදි පුද්ගලයින් (නි)
මුරුත්තටේටුවේ හාමුදුරුවන්ගේ ජාත්‍යන්නර හෙද දිනය හැමදාම දේශපාලඥයෝ දෙන දිනය මිසක් මැයි 12 නෙමෙයි. (ම)
කෝ අනේ අර නිළිය පුෂ්ප...ඒදවස්වල හාමුදුරුවෝ එක්කමයි. අපි පහුගිය දවස්වල දෙකක මේ ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක ජාතික රෝහලේ ඉඳන් රඟපානවා...(බ)
චතුරි හරියටම හරි. අපේ රටේ වැඩිදෙනෙක් අදහන්නේ මහින්ද රාජපක්ෂව (නි)
මොනවා වුණත් නියම කතාවක් කරලා තියෙන්නේ (නි)
අනුර , මැදමුලන වලව්වේ පොල් කඩන දවසට ඒ පැත්තේ ගිය නම් හොදට බලාගන්න පුළුවන් ......(බ)
ඔබ තුමා අපේ රටේ එකම නායකයා සදාකල් හදේ ඇති තෙරුවන් සරණයි (බ)
රටට ආඩම්බරයක් ඔබ වැනි නායකයන්ගෙන් (බ)
මෙතන දෙන්නෙකුට කාන්තාවන් පිරිවරාගෙන ඉන්න පුදුම ආශාවක් තියෙන්නේ. සමහර වෙලාවට ලැජ්ජයි ලැජ්ජයි වගේ (බ)
ආවේ නෑ කිව්වට අර ඉන්නේ බිත්තියේ එල්ලිලා හිනාවෙවී.(බ)
දැන් කාලේ හාමුදුරුවන්ට. තියෙන්නේ. මහින්ද මේනියාව බුදුහාමුදුරුවෝ. ගැනවත් මේ විදියට. පුරසාරම් දොඩන්නේ නැහැ. බුදුදහම. නැතිවේගන යන ලකුණු. පේනකොටත්. මහජනතාව උසි ගන්වමින් මහින්දව. රකින්න. හදනවා මේවගේ. කට්ටිය ඉන්නකොට පොඩි නමක්වත් හදාගන්න. අමාරුයි (බ)
ඔබතුමා අපේ රට අඳුරෙන් අාලෝකය කරා ගෙනාවා (නි)
හාමුදුරුවන්ගේ දේශපාලන කතාව නම් නියමයි. ශාලාව විසිල් හඬින් දෙවනත් කරන්න පුළුවන් කතාවක්නේ ඔබවහන්සේ කරලා තියෙන්නේ. සමහරවිට අපේ රටේ හෙදියන් රෝගීන්ට මේ විදිහට කරුණාවෙන් සළකන්නේ හාමුදුරුවන්ගේ මේ මනරම් දේශනා අහලාම වෙන්න ඇති. (නි)
රට කෑ ඇත්තෝ කවුද කියලත් අපි හොඳට දන්නවා (නි)
සමහරුන්ව නම් බිත්තියේ එල්ලලා තියන්නවත් වටින්නේ නැහැ අපිට දැන් (නි)
"කම්කරුවන්ට අහිමි සැමරුම" (නි)
අනේ බුදු හිමියනේ ශාසනයට ගිය කලක්. (නි)
සමහරුන්ගේ කතා නම් අහන්නත් හරිම අප්‍රසන්නයි. (නි)
හාමුදුරුවරු සමහරු දැන් කාලේ අදහන්නේ මහින්දාගම. ඒකෙන් මෙලොව වශයෙන් බොහෝ ආනිශංස ලැබෙනවා ඇති (නි)
ජාත්‍යන්තර හෙදි දිනය අන්තිමට යොදාගන්නෙත් කෙනෙකුගේ ප්‍රතිරූපය හදන්න. හෙද දිනයේ පරමාර්ථයට මොකද වෙන්නේ අන්තිමට? ඔතන ඉන්න කවුරුහරි කෙනෙක් අඩුම තරමින් ඒ ගැන හිතුවද? (නි)
සමහරු හැමදාම ඒකපාක්ෂිකයි. කවදාවත් ඇත්ත තේරුම් ගන්නේ නැහැ (නි)
අවුරුදු 68 ක් තිස්සේ දේශපාලකයන්ව පාෂාණ වලින් නෙළා කළ වැඳුම් පිඳුම් හොඳටම ප්‍රමාණවත්ය. ඒ වගේම නෙළපු නැති පාෂාණ වලට හොඳ පොල් වගේම හොර පොල් ගැසීමද, පාෂාණවල අඹරපු මිරිස්ද හොඳටම ප්‍රමාණවත්ය. නෙළුවත් නැතත් පාෂාණය එකම බව ජනතාව තේරුම් ගත යුතුය. පාෂාණය කුමක්ද යන්න තේරුම් ගැනීමට ඉඩ නොදෙන අය ගැනද අප දැනුවත් විය යුතුය. (නි)
චතුරි හරියටම හරි. (නි)
මහින්ද ඉඳිද්දි රටේ කිසිම මිනීමැරුමක් වුණාද,රටේ කප්පම් තිබුනද, සුදු වෑන් තිබුනද, මංකොල්ල කන්න දුන්නද, අයථා ක්‍රමයට මැති ඇමතිවරු නිකමටවත් හම්බ කළාද, කුඩු ගංජා හසිස් නිකමටවත් තිබුනද? අවුරුදු 10 සංවර්ධනයක් කළේ මහින්ද විතරයි. තිබුණු මුළු සේසටම දුප්පත් ජනතාවට දුන්නනේ (නි)
චතුරි, ඔබ හරි. පැරදුනදා සිට අපි මහින්දව පන්සල් පල්ලි දේවාලවල දැක්කා. මහින්දත් සමඟ ජනතා මුදල් හොරා කෑ අයට තමයි දැන් ඒ අවස්ථාව නැතිවිම ගැන දුක. නැතුව මහින්දට රටට අාදරයට නොවෙයි. (නි)
බුදුන්ගේ ප්‍රධාන දේශනාව ගිලනුන්ට උවැටන් කිරීමයි. නමුත් නූතන බුද්ධ පුත්‍රයන් වහන්සේලා එම කාර්යභාරය ඉටුකරනවාද? (නි)