මෙවර පළාත් සභා මැතිවරණයේදි මාතලේ මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි භාවිතා කිරිමට පියවර ගෙන ඇති බව මාතලේ තේරිම් භාර නිලාධාරි හෙලන් මිගස්මුල්ල මහත්මිය පැවසුවාය.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් පරිදි මෙම ඡන්ද පෙට්ටි භාවිතා කරන බවත් මාතලේ මහ නගර සභා බල ප්‍රදේශයේ මධ්‍යස්ථාන වල මෙම 21දින පාවිච්චි කිරිමට පියවර ගෙන ඇති බවද මිගස්මුල්ල මහත්මිය පැවසුවාය.
මාතලේ තේරිම් භාර නිලාධාරි හෙලන් මිගස්මුල්ල මහත්මිය හා සහකාර තේරිම් භාර නිලධාරි ශානික රුපසිංහ යන මහත්ම මහත්මින් ඡන්ද පෙට්ටි පරික්ෂා කළ අයුරු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර ඡන්ද පෙට්ටි එහෙම නැද්ද අපිට බලන්න? (නි)
ඇයි බැරි විනිවිද පෙනෙන පෙට්ටි අපටත් ගන්න? (නි)
ඡන්දයත් විනිවිද පෙනෙනවාද? (නි)
විනිවිද පෙනෙන ඡන්ද පෙට්ටි පාවිච්චි කරනවා නම් ලියුම් කවරයකුත් දෙන්න වෙයි ඡන්ද පත්‍රිකාව ඒක ඇතුලට දාලා පෙට්ටියට දාන්න. 2007 ප්‍රංශ ජනාධිපතිවරණයේ දී කළා වාගේ. (නි)
පෙට්ටිය වගේම ඡන්දයත් විනිවිද පෙනෙනවා නම් බොහොම හොඳයි (නි)
මොන විනිවිදය තිබුණාත් පරාජිතයෝ පිළිගන්නේ නැනේ (අ)
ඡන්දෙ ලකුණු කරපුවත් එළියට පේනවද? (නි)
මී හරක්! (අ)
පෙට්ටි කොහොම වුණත් ඡන්දෙ දිනන්නේ කොහොමද කියලා අපි දන්නවා (නි)
අතේ සලකුණ හරි ඇගිලි සලකුණ හරි තියලා ඡන්දෙ ප්‍රකාශ කරනවා නම් හොර කරන්න බැහැ. (නි)
කාගේ අදහසක්ද? සැපයුම්කරු කවුද? (නි)
විනිවිද පෙනෙන අපේක්ෂකයෝ නැද්ද? (නි)
අළුත් යෝජනාවක් වගෙයි (නි)
විනිවිද පෙනෙන්න ඕනේ ඡන්දය පවත්වන සහ කෙරෙන ආකාරය මිසක් පෙට්ටිය නෙවෙයි. අනේ මෙහෙම මෝඩයෝ ටිකක්.(නදී)
විනිවිද නම් ඉතින් දුහුල් රෙද්දක් ඇන්දත් පේනවා නේද ?(නදී)
විනිවිදය කෙසේ වෙතත් පවතින ක්‍රමය කිවවනේ. දරන් ඉතින් කරන්න බැරි එකම දේ දන්නවනේ.(නදී)
අනේ අහිංසක, මම කියන්න හිටපු දේ මට කලින් ඔයා කියලනේ.(නදී)
හොරු,තක්කඩි, ස්ත්‍රී දුෂකයෝ, ලමා අපචාර කාරයේ සහ මැරයෝ එක් අයෙක්වත් නොමැති අපේක්‍ෂකයින් ඇති පක්‍ෂවල නාම ලැයිස්තුව විනිවිද පෙනෙන පෙට්ටියට දමන්න. කියන දේ කරන කරන දේ කියන නායකයින් ඉන්න පක්‍ෂවල නායකයින්ගේ නම් විනිවිද පෙනෙන පෙටිටියට දමන්න.(නදී)
මම හිතනවා මේ පෙට්ටි හසුරුවන්න පහසුයි කියා. බොහෝ රට වල ඡන්දෙට තියෙන්නේ කාඩ් බෝඩ් පෙට්ටි. (නදී)
විනිවිදව පෙනෙන ඇදුම් ටිකකුත් දෙමු කට්ටියට ඡන්දෙ දාන්න. රෙදි ඇදගෙන ඡන්දෙ දෙන්න පුළුවන් අය නැහැනේ! (නි)
අනේ මන්දා......? (නි)
ඉන්මනින්ම ඉලෙක්ට්‍රොනික ක්‍රමය ඇති කරනවා නම් හොදයි.(නදී)
ඉලෙක්ට්‍රොනික් ක්‍රමය ගෙනාවෙත් අපේ අය, ඒකත් කඩලා ජිල්මාට් වැඩක් කළා. (නි)
කිසිම ආරක්ෂාවක් නැති මේ පෙට්ටියට මාතලේ මහා නගර සභාවේ වෙසෙන ජනතාවගේ අවධනාය නිතර යොමු ව්මටත් මෙවැනි ඔලුමොට්ටල ක්‍රියා කරන නිලදාරින්ටත් නුවන පහළවී මේ පෙට්ටියේ පටන් ගැනීම සහ අවසානයත් මේ මැතිවරණයෙන්ම සිදුවේවා!(නදී)
මට නම් නිකන් මොකක්ද මොකක්ද වගේ (නි)
පෙට්ටිය පිටින්ම මරුකරනවා නම් තක්කාලි පෙට්ටි වුණත් කමක් නැහැ. (නි)