මිට දෙවසරකට පෙර නියං සහනාධාර වැඩට ගොස් ගසකින්  වැටි සුසුම්නාව බිදී එක්තැන් වී සිටින දේවහුව නාරන් ගස්වැව පදිංචි ආර් .එම් .නිශාන්ත රණසිංහ (27 ) තරුණයා නිසියාකාර ප්‍රතිකාර නැතිව ඉනෙන් පහළ කොටසක් කුණු වී දැඩි අසරණ තත්වයෙන් සිටි

 පියා අහිමි මෙම තරුණයාට පිහිටට හිටියේ මව පමණි .තම දරුවාට ප්‍රතිකාර කර ගැනීමට ඇති අගහිග කම් පිලිබඳවත් තුවාල සුව නොවීම පිලිබඳවත් කල්පනා කර දැන් ඇය දැඩි ලෙස අසනීප වී සිටින්නීය.

එම් .ආර් .යු .ආරියවතී  (52)  මාතාව අයට හැකි පරිදි පුතාගේ පණුවන් පවා සිටින තුවාල වලට බෙහෙත් දමන්නිය ,ගමේ අහළ පහළ අයගේ සහයෝගයද ලැබෙන බව අය කීවාය .

දින ගණන් තේ වතුර වලින් පමණක් මේ අය ජීවිතය ගැටගසා ගනී .මෙම මවට තව පුතෙක් සිටි න බවත් ඔහු කලාතුරකින් නිවසට පැමිණ පිටව යන බව නිශාන්ත කියයි .තමා මේ ඇද මත කුණු වී මැරෙන්නට නොදී තුවාල සුව කර රෝද පුටුවෙන් යන්නට හැකිවන පරිදි සුව කර දෙන්නැයි ඉල්ලා සිටි .නිශාන්ත ගේ දුරකථන අංකය 072-6859910 .ලිපිනය නාරංගස්වැව ,දේවහුව

 ප්‍රදේශවාසීන් එක්ව ගලේවෙල රෝහලට ප්‍රතිකාර සඳහා ඔහු ඇතුළු කැර ඇත.  ගලේවෙල  ලංකා බැංකුවේ කළමණාකරු ඒ ඩී හුලංගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය මණ්ඩලය ද එක්ව.එම් .නිශාන්ත රණසිංහ  නමින් විවෘත කැර ඇති ගිණුමට ආධාර කළ හැකිය.

ලංකා බැංකුව ගලේවෙල  - 76290102

swift code - BCEYLKLX

branch code -432

 

 kaku2 kaku5