උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් පිහිටවූ දෙමළ ජනතා සංසදය නම් නව පෙරමුණට සහාය පළ කරන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලයක් පක්ෂ නායකත්වයට නොමැති බව එම සන්ධානය නියෝජනය කරන පක්ෂ ත්‍රිත්වය සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධානය යනු ඉලංගයිතමිල් අරසු, ටෙලෝ, ප්ලොට් හා ඊ පී ආර් එල් එෆ් යන පක්ෂ එකතුවක් බවත් පක්ෂ ත්‍රිත්වයක් එක් තීරණයක සිටින සම්බන්ධන් මහතාට ඊට එරෙහිව කිසිවක් කිරීමට හෝ  එරෙහිව විනය පියවර ගැනීමට හැකියාවක් නොමැති බවද ඔවුහු සඳහන් කරති.