අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ සුදර්ම කාරක සංඝ සභාව බලපිටිය වැලිතර මහා කප්පින සීමා මාලකයේදී රැස් විය.
අහුන්ගල්ලේ සිරිසීල විසුද්ධි මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සංඝ සභාව සභාව විනය නීති මාලාවක් පැනවු බව සමලේඛකාධිකාරී රුහුණු විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ආචාර්ය බලපිටිය සිරිසීවලී හිමියෝ කියති.
ඒ අනුව එම නිකායේ භික්ෂුන් වහන්සේ උද්ඝෝෂණ පැවැත්වීම ,පෙළපාලී යෑම ,දේශපාලනය කිරීම වැනි ඇතැම් ක්‍රියා මහණ කමට ශ්‍රමණ සාරුප්පියට නුසුදුසු ආකාරයේ ක්‍රියාවන්ය.
අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායික භික්ෂුන් වහන්සේලා උද්ඝෝෂණ,පෙළපාළි යෑම,දේශපාලනය කිරීම, පොලිසිය සමග ගැටුම් ඇති කැර ගැනීම මාර්ග අවහිර කිරීම් තහනම් බව සංඝ සභාව ඒකමතිකව තීරණය විය.
එම විනය නීතී කඩකරන භික්සුන්ට න්‍යායික නීතීවලට අනුව දඩුවම් පමුණුවන බව ලේඛකාධිකාරී හිමියෝ ප්‍රකාශ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂවල අයත් මේවට යටත් ද?
ඉතම හොඳ තීරණයක් හාමුදුරුවනේ........මම හිතන්නේ හැමෝම වගේ තීරනයක ගතහොත් හොඳි.(අ)
බලපියෙන් පටන් ගත් මෙය දිවයින පුරා ක්‍රියාත්මක වේවා..!! බුදුගුණ අනන්තයි...!! (අ)
කාලයට ඔබින ආදර්ශයක් අපේ සංඝ රත්නයට තෙරුවන් සරණයි (අ)
හොද අදහසක් (දිල්)
බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා නායක ස්වාමීන් වහන්සේලා ගත් ඉතාම කාලෝචිත, නිර්භය, දුරදර්ශී තීරණයක්! නිවන් අවබෝධ වේවා! (අ)