ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යධූර ගත් කණ්ඩායමත්, ඒකාබද්ධ විපක්ෂයේ පිරිසත් ව්‍යවස්ථා සංශෝධනයේදී දෙපිළක් නොවී එක මතයක සිටීමට තීන්දුවක් ගත් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (26) පැවසීය.
ඔහු මේ බව පැවසුවේ එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.
‘ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා. අහි දැක්කා මෙහි නරක දේවල්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි වෙන්වෙලා ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක කණ්ඩායමක් ඉන්නවා. අපි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් ඉන්නවා. හැබැයි ව්‍යවස්ථා සංශෝධනයේදී අපි දෙපිළක් නෑ. මේ ව්‍යවස්ථා සංශෝධනය රටට හිතකරව ගේනවා නම් අපි අත උස්සලා සහයෝගය දෙන්න ලෑස්තියි.
රටට අහිතකර කිසි දෙයක් කරන්න ඉඩක් දෙන්නේ නෑ කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යධුර ගත් කණ්ඩායමත්, ඒකාබද්ධ විපක්ෂයේ අපිත් ව්‍යවස්ථා සංශෝධනයේදී එක තීන්දුවක් ගත්තා. ඒ නිසා බුල්ඩෝසර් කර ව්‍යවස්ථා සංශෝධනය කරන්න ගියත් ඒ දේ වෙන්නේ නෑ. ව්‍යවස්ථා සංශෝධනයේදී අපි එක මතයක ඉන්නවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කවුරු කවුරු ගැනත් අපි දන්නවා (නි)
පුළුවන් නම් කොච්චර හොඳද? (නි)
මේ කියන්නේ ''එකට කෑවත් බොක්ක වෙනස්" කියන එක නේද? (නි)
ඔය ඔක්කොටම ඉස්සෙල්ල අපිට පැහැදිලිකරන්න පුලුවන්ද ඔබතුමා ඉතාම කෙටි කාලයක් තුල ප්‍රකෝටිපතියෙක් වුණ විදිහ ? (බ)
මේ රජයට මුක්කු ගහපු අයට අපේ මනාප නැත.(බ)
කොහොමටත් හිරේ යන්න වෙනවනේ. එ්කෙන් බේරෙන්ඩ කඹ හොරාගේ එල්ලිලා ඉන්න වෙනවා. බලාපොරොත්තු වෙන්න එපා එයාට අගමැතිකම. ඔහුටත් නිවාස අඩස්සියේ තමා ඉන්න වෙන්නේ තව ටික කලකින් සිරිලිය මැඩම් එක්ක. (බ)
තමන්ගේ තනතුරු රැක ගන්න මේ කට්ටිය ඕනෑම දෙයක් කරන බව අපි දන්නවා. (බ)