(අංජුල මහික වීරරත්න)
ආදි වාසීන්ට නොතේරෙන භාෂා වලින් ගිවිසුම් අත්සන් කරවාගෙන ඔවුන් ශුද්‍ර මූල්‍ය ණය උගුල්වලට හිර කරගෙන ඇතැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව පැමිණිලි කර තිබේ.
ජීවන බරින් මිරිකී සිටින අහිංසක ආදිවාසී ප්‍රජාව දුරදිග නොබලා මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගෙන තිබෙන බව පවසන ආදිවාසී නායකයා හේනානිගල,වාකරේ ඇතුළු තවත් ප්‍රදේශ වල ආදිවාසී ජනතාව මෙම ශුද්‍ර මූල්‍ය ණය ගැටලුව නිසා දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව සඳහන් කරයි.
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගැනීමේ ගිවිසුම් බොහෝ විට ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන අතර ආදිවාසීන් බොහෝ දෙනකුට ඉංග්‍රීසි තබා සිංහල හෝ දෙමළ වත් කියවා ගන්නට නොහැකි බව පවසන ආදිවාසී නායකයා මෙලෙස ණය බරින් පීඩිත ආදිවාසී කාන්තාවන්ට ලිංගික අල්ලස් දීමට පවා සිදුව ඇති බව පවසයි.
ආදිවාසී ජනතාව මෙන්ම සෙසු අහිංසක දුප්පත් ජනතාව ද මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරකරුවන් වී ඇති බව පවසන ආදිවාසී නායකයා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්මාණය කරන ලද යෝජිත ණය නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර එය ක්‍රියාත්මක කළ හැකි නීතියක් බවට පත් කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටියි.
බලපත්‍ර ලාභී ශුද්‍ර මූල්‍ය ආයතන වශයෙන් හෝ සමාගම් නීතිය වැනි වෙනත් නීතියක් යටතේ ලියාපදිංචි නොලත් ආයතන නීතියේ රැහැනට හසුකර ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් සකසන ලෙස ද ආදිවාසී නායකයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
ආදි වාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් සමග රතුගල ප්‍රාදේශීය නායක දානිගල බන්ඩලාගේ සුදු බන්ඩා, පොල්ලේබැද්ද ප්‍රාදේශීය නායක තලා බණ්ඩාලාගේ ගුණවර්ධන, හේනානිගල ප්‍රාදේශීය නායක තලාවරිගේ ගුණ බන්ඩියා සහ වාකරේ ප්‍රාදේශීය නායක නල්ලතම්බි වේලායුදන්,මුතූර් ප්‍රාදේශීය නායක එන්.කනගරත්නම් මෙම ලිපියට අත්සන් තබා තිබේ.
අදාල ලිපියේ පිටපත් මහ බැංකු අධිපතිවරයාට ද ,විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට ද යවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් නොදන්නා භාෂාවකින් ඇති කිසිඳු ලියැවිල්ලකට අත්සන් නොකිරීමට සෑම පුරවැසියෙකුටම අයිතියක් ඇත. එය එක්කෝ දන්න භාෂාවෙන් තිබිය යුතුය... නැත්නම් යම් කෙනෙකු එය පහදා දිය යුතුයි...
ජනාධිපතිවරයාගේ අවධානය වහාම යොමු විය යුතු ඉතාම සාධාරණ ඉල්ලීමක්. නමුත් මේ "විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය" නමැති ඇන්ජීඕ අටමගලයට මේ ලියුම් යැව්වේ අහවල් එකට ද?
බල්ලො මරල හරි සල්ලි හම්බ කරන පවුල්වල අය කරන්නෙ ඔහොම තමයි. එහෙම කරන්ට උල්පන්දම් දෙන එවුන් සහ උන්ගෙ පවුලෙ එවුන් යහතින් ඉන්නවාද දන්නෙ නැහැ.