වව්නියාව වෙළඳපොළේ රතු ලූනු මිල පහළ බැසීම හේතුවෙන් තම අස්වනු අලෙවිකරගත නොහැකි වී ඇතැයි ගොවීහු පවසති.
අක්කර 18000කට ආසන්න ප්‍රමාණයක් වගා කර ඇති බවත් වව්නියාවේ රතු ලූනු කිලෝවක තොග මිල රුපියල් 30ක් වන අතර ඒ හේතුවෙන් වගාකිරීමේ සිට අස්වනු නෙළීම දක්වා වූ වියදම්වූ මුදලවත් සොයාගත නොහැකිව ඇතැයි ගොවීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අපනයනය කරන්න පුළුවන් නේද? (බ)
මේ කරුණු වලට තමයි විසඳුම් දෙන්න ඕනෑ. බලමු මොකද කරන්නේ කියලා. අතිරික්ත බෝග කල්තබා ගන්නා ක්‍රමයක්, ඉක්මනින් රට තුළට ප්‍රවාහනය කිරීම ඒ කියන්නේ දකුණට බස්නාහිරට, දීර්ඝකාලීන ගබඩා පහසුකම් යන කරුණු සළකා බලන්න ඕනෑ. (නි)
අපේ රටේ ඒවද, වෙන රටකින් ගෙනාපුවද මන්දා? අපේ ගමේ කඩේ නම් කිලෝවක් රුපියල් 120/- - 140/- අතර මිලකට තමයි විකුණන්නේ. ගොවියාට රුපියල් 30/- ටත් විකුණන්න බැරි නම්, මෙහෙම ගසාකන්නේ කවුද කියලා බලන්න රජය නිලධාරීන් පත්කරලා ඉන්නවා නේද? ඒගොල්ලෝ මේවා දන්නෙම නැද්ද? කරුණාකර මේ ගැන සොයා බලා ගොවියාත් පරිභෝගිකයත් යන දෙපාර්ශවයටම සාධාරණයක් කරන්න. (නි)
අජිත් කරුණාරත්න මහතාණෙනි, ඉබ්බෝ පියාඹනතුරු තමයි අපිත් අහස දිහා බලාගෙන ඉන්නේ. (නි)
හැබැයි මෙහේ නම් 150 යි. (නි)
නිහාල්ගේ මතය අනුව එහෙනම් මෙම කන්නයේ අස්වැන්න අමතක කරලා ඊළඟ කන්නයේ අස්වැන්න හරි මුදලට දෙන්න (නි)
තරුණ කෘෂිකර්ම ඇමතිතුමා මේවා ගබඩා කරන්න ක්‍රමවේදයක් හදයි. (ම)
අගමැතිතුමා මොකක්හරි කරයි. ඉවසලා ඉන්න (නි)
ආණ්ඩු මාරු වුණත් මාරු නොවන ගොවි කරුමය (අ)
ඉවසන්න.වෙනස පටන්ගත්තා විතරයි. (අ)