රාජකාරි වේලාව අවසානයේ විනෝදයට නැටුම් නටා හසුවූ බි‍්‍රතාන්‍යය පොලිස් පිරිසකට වැඩ වැරදී ඇත.
අන්තර්ජාලයට එක් කෙරී ඇති විීඩියෝවක මේ නිළධාරීන් පිරිස
භූගත රථ වාහන ගාලකදී නර්තනයේ යෙදෙන අයුරු දැක්වේ.
පාපැදි වල නැගී එහි මෙහි කැරකෙමින් ඔවුන් නර්තනයේ යෙදෙන අයුරු හාස්‍යජනක වුවත් ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසියේ ඉහළ බළධරයින්ට නම් එහි ඇති හාස්‍යජනක බවක් පෙනී නොමැති සෙයකි.
මෙය මුළු මහත් පොලිස් සේවයේ ගරුත්වයටම නින්දාවක් යැයි ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසියේ නිළධරයෙක් සදහන් කරයි.රාජකාරි අවසන්වී නම් කළ යුතුව තිබුනේ නිවෙස් බලා යාම විනා
මෙවන් විකාර නොකිරීම බව ඔහු පවසයි.
පොලිස් නිළධාරීන් හය දෙනෙකු නර්තනයේ යෙදී සිටිනු හදුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක්ද කි‍්‍රයාත්මකය. දැනටමත් ඔවුන් අතුරින් එක් අයකු සිද්ධිය නිසා ඇතිවූ කළකිරීමෙන් ඉල්ලා අස්වී ඇතැයිද සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු නේද ඒ කට්ටිය? (නි)
ලංකාවේ පොලිසිය නම් ඉතින් ලොක්ක ගහන පදෙටනේ නටන්නේ. එකයි වෙනස. (අ)
එහෙම බැලුවොත් අපේ මුළු පොලිස් දෙපර්තුමෙන්තුවම වහන්න වෙයි හේතුව දන්නවනේ.(නදී)
අපේ කට්ටිය නම් එහෙම අශෝබනව නටන්නේ නෑ. ආදර්ශමත් ලංකා පොලීසිය. වැඩිම උනොත් බෝතලයක් ගහල පාරේ යන කොල්ලෙක් අල්ලාගෙන ඌට ගහල වැඩිම උනොත් ඌ මැරෙයි. නැත්නම් කුඩු හරි ගංජා හරි දාල මාස 6කට හිරේ යවලා උගේ ජීවිතේම කාබාසිනියා කරලා එකෙන් ප්‍රමෝෂන් අරගෙන් ඉන්ක්‍රිමන්ට් එකෙන් එයාලගේ පොඩි ළමයිට අයිස් ක්‍රීම් ගෙනියාවී.(නදී)
අපේ අම්මේ! ඒකට ලංකාවේ... (නි)
එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ නේද සුනිල් අයියේ.(නදී)
ලංකාවේ පොලිසිය නම් හැම වෙලේම නර්තනයෙන් තමා ඉතින් ඉන්නේ. (නි)
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙම නෑම තමා (අ)
නැටුවේ ගැංග්නම් ස්ටයිල්ද දන්නේ නැහැ නේද? (නි)
මට නම් තේරෙනේනෙ නැහැ මොකද්ද මේකේ වරද කියලා. මේක වෙලා තියෙනේ රාජකාරියෙන් පසුව රථගාලේ.(නි)
පව්,රාජකාරි ඉවරවෙල පොඩ්ඩක් විනෝද වුනාම මොකද වෙන්නේ? අනික එංගලන්තය වගේ රටක ඒක සාමාන්‍ය දෙයක්නේ. අනේ මන්දා ලංකාව වගේ එංගලන්තයත් හදන්න, රටේ දේවල් ගොඩක් තියාගෙන බොරු දේවල් පස්සේ පන්නන්න පටන් අරන් වගේ. (නි)
අපේ ශ්‍රී ලංකා පොලිසියේ අය රාජකාරි වෙලාවේත් සමහර තැන්වල සෙට්වෙලා කරන වැඩ වල හැටියට මේවා මොන විහිළුද? (නි)