IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


විනෝදයට තමයි අපි මුලින්ම මේක කළේ - ජනයි ප්‍රියයි

2016-10-24-ent-99

සමාජ වෙබ් අඩවි අද ප්‍රධාන සන්නිවේදන මාධ්‍යයක් වී හමාරයි. මෙවැනි ප්‍රධාන සමාජ මාධ්‍යයක් ඉදිරිපිට බොහෝදෙනාගේ ආදරය සහ ගෞරවය දිනාගැනීම යන කාරණාව ටිකක් බැරෑරුම් දෙයක් කියල තමයි හැඟෙන්නේ. එවැනි වාතාවරණයක් මත සමාජ වෙබ් අඩවිය ඔස්සේ මිනිස්සුන්ව හිනැස්වූ දෙදෙනක් ලෙස චමල් රත්නායක සහ චමල් ජයකොඩි හඳුන්වන්න පුළුවන්. හැබැයි ඔවුන්ව බොහෝදෙනා හඳුනන්නේ "ජනයිප්‍රියයි" ලෙසයි. මේ ඔවුන් සමග යෙදුණු සංවාදයක්.

 

"ජනයිප්‍රියයි"ගේ ඇත්ත නම් දෙක කිව්වොත්?

2016-10-24-ent-100දෙන්නගේ ඇත්ත නම් දෙක තමයි චමල් රත්නායක, චමල් ජයකොඩි.

 

"ජනයිප්‍රියයි" කියන්නේ ඇයි?

මුලින් අපි අවුරුදු තුනකට කලින් තමයි මෙය පටන් ගත්තේ. ජනයිප්‍රියයි ජනකාන්තායි කියන නමින් තමයි අපි පටන් ගත්තේ. ඊට පස්සෙ අපි කල්පනා කළා වීඩියෝ ටිකක් කෙටි විදිහට කරන්න. මොකද ෆේස්බුක් එකේ ගොඩක් අය බලන්නේ ඩේටා කාඩ් එකක් දාගෙනනේ. ඉතිං අපේ ජෝක් එක පුළුවන්තරම් Short කරන්න තමයි අපි බැලුවේ. ඒකත් එක්ක අපේ නමත් දිග වැඩි හින්දා "ජනයිප්‍රියයි" කියලා කොට වුණා.

 

"ජනයිප්‍රියයි" ආරම්භ වුණේ කොයි කාලෙද?

"ජනයිප්‍රියයි" නමත් එක්ක පටන් ගත්තේ මේ අවුරුද්දේ මාර්තු මුල වගේ තමයි. ඇත්තම කිව්වොත් විනෝදයට තමයි අපි මුලින්ම මේක කළේ.

අපි දෙන්නට Page එකක් තිබුණෙත් නැහැ. අපි දෙන්නගේ ෆේස්බුක් එකේ දාල තමයි මුලින්ම පටන් ගත්තෙ. අපිත් එක්ක වැඩකරන කිහිපදෙනෙක් උනන්දුවෙලා තමයි "ජනයිප්‍රියයි" Page එකක් හැදුවේ.

 

විනෝදයට හදපු දේ දැන් සමාජ වෙබ් අඩවිවල මාතෘකාවක් වෙලා?

2016-10-24-ent-97ඔව්, ලංකාවේ මෙච්චර කල් තිබුණේ ඩිජිටල් මීඩියානේ. දැන් ශීඝ්‍ර ලෙස ෂෝෂල් මීඩියා කියන දේ ප්‍රසිද්ධ වීගෙන එනවා. ඉස්සර අවස්ථාවක් නැහැ කියල හිතපු අයට මේක හොඳ අවස්ථාවක් විදිහට තමයි අපි දකින්නේ. ඒකට තියෙන හොඳම උදාහරණය තමයි අපි දෙන්නා. හේතුව අපි චැනල් එකකින් වැඩසටහනක් කරලා ජනතාව අතරට යනවට වඩා ඉතාමත් ඉක්මනින් ජනතාව අතරට ගියා. ටෙලිවිෂන් තරමට අපි ජනප්‍රියවෙලා නැහැ. නමුත් මාස 9ක් වැනි ඉතාමත් කෙටි කාලයකින් ජනප්‍රිය වුණා කියල කියන්න පුළුවන්. මොකද පාරෙ යනකොට දහදෙනෙක් දැක්කොත් තුන්දෙනෙක්වත් අපිව අඳුරනවා දැන්. ඒ කියන්නේ ඒ තරමට සෝෂල් මීඩියා කියන එක බලවත්. ඉතිං ඒ ගැන ගොඩක් සන්තෝෂයි. හොඳ දෙයක් කළොත් මේක ඇතුළේ ඉතා ඉක්මනින් ප්‍රසිද්ධියට පත්වෙන්න හැකියාවක් තියෙනවා.

 

සමාජ වෙබ් අඩවි අද හොඳට සහ නරකටත් භාවිත වෙනවා. ඔබ දෙපළ යම්කිසි කාර්යයක් කරලා ජනතාව හිනස්වන අතරේ ඇතැම් අය දෙයක් කරලා කිසියම් පුද්ගලයෙකු අඬවන්න හැකියාව තියෙනවා?

මොනවා වුණත් ඔය වාණිජ පරමාර්ථවලට ගියහම එවැනි වාතාවරණයක් උදාවෙනවා. වාණිජ පරමාර්ථ නොතිබිය යුතුයි කියනවා නෙමෙයි. නමුත් වාණිජකරණය අභිභවා ගියහමයි එවැනි ප්‍රශ්නයක් උදාවෙන්නේ. තමන්ගේ පේජ් එක ඉහළට ගන්න කියලා යම් යම් වැරදි දේවල් දානවා. ඕනෑම දෙයක් හොඳට සහ නරකට භාවිත කරන්න පුළුවන්නේ. සමාජ වෙබ් අඩවි බහුතරයක් හරි විදිහට භාවිත කරද්දී, තව කිහිපදෙනෙක් වැරදියට භාවිත කරනවා.

 

"ජනයිප්‍රියයි" සමාජ වෙබ් අඩවිවලට පමණක් සීමා වෙන්නද බලාපොරොත්තු?

අපිට මුල ඉඳන්ම බලාපොරොත්තුවක් තිබ්බා ප්‍රසංගයක් පවත්වන්න. නමුත් ඒ දේ සරල දෙයක් නෙවෙයි නිසා අපි තාමත් හිමිහිට සූදානම් වෙමින් ඉන්නවා. දැනට ඇමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ එහෙම ප්‍රසංගයක් පවත්වන්න ආරාධනාවක් තියෙනවා. නමුත් දින වකවානුවක් අපි තීරණය කරලා නැහැ. තවම ඒක යෝජනාවක් පමණයි. අපි ඒ යෝජනාව පිළිගත්තා වගේම කාලයත් අරගත්තා.

 

අද සමාජයේ ජීවත් වන පුද්ගලයන්ට තියෙන් ප්‍රශ්නත් එක්ක ඒ අයව හිනස්සන එක ලේසි කාර්යයක් නෙවෙයි නේද? 

සාමාන්‍යයෙන් අපි විශ්වාස කරන දෙයක් තමයි මේ ලෝකේ විහිළුව තමයි කරන්න අමාරුම කාර්යය කියලා. මොකද ඒකට මැද මාවතක් නැහැ.

එක්කො හිනා යනවා. නැත්නම් නැහැ. භාගෙට දෙයක් නැහැ. කාසිය දෙපැත්ත වගේ දෙපැත්තක් තමයි තියෙන්නේ. විහිළුවක් කරද්දී අපි දෙන්නා පෞද්ගලිකව කතාකරන දේ තමයි මේක කොහොමද කරන්නේ කියන කාරණාව. සාමාන්‍යයෙන් අපි සතියට එක වීඩියෝවක් තමයි කරන්නේ. ඒ සතිය ඇතුළතම අපි කල්පනා කරන්නේ අපි මොනාද මේ සතිය ඇතුළත කරන්නේ කියලා. අපිට හිතට එන ඒවා යාළුවන්ට කතා කරලා, අත්හදා බලනවා. අපි මුලින්ම තෝරගත්තේ ෆේස්බුක් එක. දැන් අපිට යූටියුබ් චැනලයකුත් තියෙනවා. අපි වීඩියෝවක් දැම්මාම දවස් දෙකක්, තුනක් ඇතුළත ලක්ෂ තුනක්, තුනහමාරක් වගේ Views එනවා. එවැනි ප්‍රමාණයක් එනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක් කියල තමයි අපි හිතන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-10-24-ent-98



අදහස් (0)

විනෝදයට තමයි අපි මුලින්ම මේක කළේ - ජනයි ප්‍රියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 237 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 413 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site