
(බී.එච්.රම්‍යා)
ගාල්ල පිටිගල අමුගොඩ ශ්‍රී විජයාරාම පන්සල අසල ක්‍රීඩාංගනයේ දී අද ( 17 ) දින පැවැත්වීමට නියමිතව තිබු බක්මහ උළෙලේ අඩි 40 ක් පමණ උසින් යුත් ග්‍රීස් ගසෙහි ඉනිමගක ආදාරයෙන් ග්‍රීස් ආලේප කරමින් සිටියදී ඉන් ඇද වැටී වයස අවුරුදු 16 පාසල් සිසුවකු මියගොස් ඇතැයි පිටිගල පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අමුගොඩ මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි කාරියවසම් කනත්තගේ චේතන නිවන්දන නම් කැල්පත දෙණියවත්ත ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
සිද්ධියෙන් අනතුරුව එම දරුවා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

COMMENTS
හරිම කණගාටුදායකයි. අනතුරුදායක ලෙස මෙවැනි දේවල් සංවිධානය කරන අයට විරුද්ධව නීතියෙන් කටයුතු කළ යුතුයි...
ඕකේ ග්‍රීස් ගාන්නේ හිටවන්න ඉස්සෙල්ලා නෙමෙයිද ....සොයුර ඔබට නිවන්සුව අත්වේවා...!
ගහ බිම තියෙද්දී ග්‍රීස් ගල හිටවන්න මොලයක් නැති අප්පලාද මේක සංවිධානය කළේ?
ග්‍රීස් ගාලා ඉන්දන්නේ කොහොමද? වැරැද්ද ගොන් සංවිධායකයන්ගේ, ඔය තරම් උසකට නගිනවා නම් ආරක්‍ෂක පියවරක් විදියට කඹයක් දාන්න ඕන නගින උන්ට. එතකොට අතෑරුණත් කඹය නිසා නොවැටී බේරෙනවා, ගිනි නිවන හමුදාවේ සහයෝගය සහ උපදෙස් අරගෙන එහෙම ජීවිතාරක්ෂක උපක්‍රම සවිකළා නම් ඔහොම අනතුරක් වෙන්නේ නෑ.
අඩි 10ක් විතර ඉතුරු කරලා ග්‍රීස් ගාලා හිටවන්න පුළුවන්. අනික මේ නොතෙරෙන පොඩි ළමයි ඕකට නග්ගපු අයට නඩු දාන්න ඕනේ හරි නම්...
හැමතැනකම සංවිධායකයින්ගේ අඩුපාඩු නූගත්කම් පෙන්නුම් කරනවා දුටුවා.
අවුරුදු උත්සව පැවැත්වීම සඳහා ප්‍රමිතීන් සෑදීමට කාලය පැමිණ ඇත
ගුණරත්න මෙතැනත් තම ඤාණවන්තකම පෙන්නලා තියෙනවා ග්‍රීස් ගාලා හිටවන්න බැරි ඇයිද කියලා... ඒක එච්චර අමාරු දෙයක්ද?