පුත්තලම වනාත විල්ලුවේ රජයට අයත් අක්කර 160 ක ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් කැබලි කඩා විකිණියැයි කියන රොෂාන් සමන් රත්නායක නොහොත් හෙල්ගසන් නැමැති නොර්වේජියා ජාතිකයා රුපියල් කෝටියක පෞද්ගලික ඇප දෙකක් මත පුත්තලම මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මෙනවිය විසින් මුදා හරිනු ලැබීය.
ග්‍රීන් ෆීල්ඩ් නම් ආයතනයක සභාපති වශයෙන් ඔහු මෙම ඉඩම් විකුණා ඇතැයි ජනාධිපති විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අධිකරණයට දැන්වීය
සැකකරු අපේක්ෂිත ඇප ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්ද ඉදිරිපත් කැර තිබිණි.
හොරට විකිණු මෙම ඉඩමේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙතියි පොලිසිය උසාවිය හමුවේ කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාට මහා මොලකරු කියන්නේ සුදුසු වචනයක් නැතුවටද? (අ)
වනාතවිල්ලුව කියන්නේ පුත්තලම් දිස්ත්‍රික්කය සහ අනුරාධපුර දිස්ත්‍රික්කය වෙන් වන මායිමේ තිබෙන ,පොලිසියක්, ප්‍රාදේශීය සභාවක්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් , දියුණු පාසලක් තිබෙන ඉතා සශ්‍රීක පොල්,අඹ, කජු, කොස් ඇතුළු වගාවන් සහිත ඉඩම් තිබෙන ප්‍රදේශයක්. පුත්තලමේ සිට බස් සේවයකුත් තිබෙනවා. මේ පළාතේ ඉඩම් අක්කර 160 ක වටිනාකම රුපියල් කෝටියයි. එතකොට අක්කරයක් රුපියල් 65,000/- යි. මේ තරම් අඩුවට ඔය හතර මායිමේ වත් ගන්න ඉඩම් නැහැ. අනේ මන්දා හරි ලාභයි. පොලිසියට වැරදිලාවත්ද? (නදී)
කරුණාකර මෙය ප්‍රචාරය කිරීම සදහා නිෂ්පාදනය කල රුපවාහිනී වෙළද දැන්වීම බලන්න. මොහුගේ මේ ව්‍යාපාර වලට සම්බන්ධ දේශපාලකයන් කවුරුන්දැයි තේරුම් ගන්න. වෙළද දැන්වීම් වල පෙනී සිටින්නේ ප්‍රචාරක ඡායාරූප වල පෙනී සිටින්නේ කවුරුන්ද යන්න බැලීමෙන් ඔබට වැටහේවී මෙහි සත්‍ය පසුබිම. (නදී)
ඇමතිවරු දෙන්නෙක් මෙයාගේ වෙළද දැන්වීමක හිටියා.(නදී)
මොනම දෙයක් වත් නොකරපු විදියට තමා ගමන. (නදී)
කලින් පුවත් පත් වල පළවුණේ ලංකාවේ දේශපාලනයට සම්බන්ද කෙනෙක් නෝර්වේජියානු ජාතිකයෙකුට හොර ඔප්පුවකින් කෝටි ගණනකට විකුණා ඇති බවයි. ඇත්ත මොකක්ද? (නදී)
මෙයා පොතකුත් ලියලා තියෙනවා මම හිතන්නේ.(නදී)
මෙයාගෙන් අල්ලස් ඉල්ලපු අයත් මෙතන ඉන්නවා නේද? (නදී)
කෝටියක් ඇප දෙන්නෙත් මිනිස්සුන්ගෙන් හොරාකාපු සල්ලි වලින් නේ. මේ හොරාට ගාණක් නෑ. (දිල්)
මේවා කරනකම්......හිටියද [නිදාගෙන]? (ස)
මෙයා ඉන්නේ ලොකු හපන්කමක් කළා වගේනේ (දිල්)
අද අපේ රට දුෂණ සහ වංචා වල පාරාදීසයක් වෙලා. . මත්කුඩු, කොමිස් , අල්ලස් සහ මෙවැනි වංචා නවත්වන්නේ කවදද . (දිල්)
මෙයා රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් කළා රජයේ මන්ත්‍රීවරුන් සමග. ඒ අයවත් අත්අඩංගුවට ගන්නේ නැත්තේ මොකද? (නදී)
ඔයවගේ කපටි වැඩකරන්න දේශපාලන පසුබිමක් සහ තල්ලුවක් දැන් කාලේ ඉතා පහසුවෙන් ලබාගන්න පුළුවන්.අනේ අනේ අපේ ලංකාවට ගිය කලක්.(දිල්)
අපේ රටේ දේශපාලඥයන් බොහෝ දෙනෙක් මේ පල්හොරාට උදව් කළා. මාලිනි අක්කේ ඔයාත් මේ මිනිහට උදවු කළා නේද? ඔය කණ්ඩායමට අපි ඔක්කොම රැවටුනා. අනේ අපේ දහදිය මහන්සියෙන් පිටරටදී හරිහම්බ කරගත් සල්ලි. ජනාධිපතිතුමා මේ ගැන සොයා බලා අගතියටපත් අපට සහනයක් ලබා දෙන්න. (නදී)
මුහුණ දැක්කම පේනවා පට්ට හොරෙක් කියල. (අ)
පිටරට වල සිටින ලාංකිකයන් පවා මොහුට රැවටී ඇත. මෙවැනි අපරාධ කරුවන් සමාජයෙන් ඉවත් කල යුතුයි. එන්.ජී.ඕ වල බලල් අත් නොයෙක් වෙසින් රටට කුරිරුකම් කරයි. සුද්දාට ආවඩා නොර්වේ ලේබලය අලවාගෙන ලංකාවට ඇවිත් උජාරුව පෙන්වන අයුරු. (නදී)
නෝර්වේජියානු ජාතිතයෙක් කිව්වට ශ්‍රී ලංකා සුද්දෙක්නේ. (නදී)
ලැජ්ජාවටද හිනාවෙන්නේ ? (නදී)
මොහු ශ්‍රී ලංකාවේ සිංහල නමකින් සිටින්නේ කෙසේද ? වීසා ලබා ගත්තේ කෙසේද ? (නදී)
ආචාර්‍ය පට්ටමකුත් තියෙනවා මෙයාට. පිටරට ගිහින් දුක් විදලා හම්බ කරපු සෑහෙන දෙනෙකුගේ මුදල් මෙයා වංචා කලා ඔය ග්‍රීන් ෆීල්ඩ් එක පෙන්නලා. (නදී)
මෙවැනි නරුමයෝ මිනිස් ආත්මයක් ලබා ගත්තේ කොහොමද කියල කවුරු හරි දන්නා කෙනෙක් කියලා දෙන්නකෝ.(නදී)
මමත් දැක්කා අන්තර්ජාලයේ. එක කාලෙකට ඉස්සෙලා පොල් වගාවක පින්තුර දාලා තියනවා. මිනිස්සු රැවටෙනවා මේ වගේ අයට. මෙවන් වංචනිකයින්ට දැඩි දඩුවම් දිය යුතුයි.(නදී) .
පෙනේද ලැජ්ජාවක් නැතිව යන උජාරුව. මේ වගේ මිනිස්සු පය ගහල ඉන්න පොළවටත් බරක්.(නදී)
හෙල්ගසන්ලාගේ නම් කියනකොට මතක් වෙන්නේ කොටි සංවිධානයට පන්දම් අල්ලපු නොර්වේජියා ජාතික විඩා හෙල්ගසන්ව, මුන්ගේ වරිගෙම අපේ රටට කොඩිවින කලා මිසක් හොඳක් නම් කලේ නැහැ.(නදී)
ලොකු දේශපාලකයොත් මෙයාව මහා ලොකුවට වර්ණනා කරලා තිබුනා පත්තරේ සහ අන්තර් ජාලේ. ප්‍රසිද්ධ නිළියක් යොදාගෙන පත්තරවල දැන්වීම් පිරිලා තිබුනා.(නදී)
මේ ගොල්ල වෙනුවෙන් ඉදිරිපත් වෙන්න අයත් ඉන්නවනේ.(නදී)
බලන්න මූනේ තියෙන සිරියාව? (අ)
මොනරටක පුරවැසියෙක් උනත් හොරා හොරාම තමයි, (අ)
මෙයාගේ ඒජන්තවරුත් ඉන්නවා ඉඩම බලල ආවට පසුව උදේ හවස කතා කරන වදකයෝ, (අ)
මේ ලෝක හොරුන්ට ඉහලම දඩුවම් ලබා දිය යුතුහි. (අ)
පුදුම සිරියාවන්ත හිනාවක් .මේ අනිත් කෙනා ඊටත් වඩා ලස්සනට හිනාවෙනවා දක්ෂ කම තමයි .හැමතැනම හොරකම දුෂණය ,අල්ලස රජවෙලා හරිම ආශ්චර්යක් .අනික ඉඩම් පුදුම විදියට ගණන් බැහැල .අක්කර 160 ම කෝටියයි .අනේ අපේ රට .(අ)
අමුනුස්ස වැඩ කරලා මනුස්සයෝ වගේ හිනා වෙන හැටි විතරක්. අනේ මොකටද ඔහොම සල්ලි හොයලා. (අ)
මෙයාව මම දන්නවා . හොරට රටට විරුධව කියල නොර්වල පුරවැසි භාවය ගත්තේ මෙයා හොරෙක් .(අ)
මෙයාවනම් කර අඹන්න වටිනවා. තව පොඩ්ඩෙන් අපිත් ඔය ඉඩම් ගන්නවා.(අ)
ඒ අයට ලැජ්ජාවක් නැහැ අපටයි ලැජ්ජාව,පේනවා නේද උසාවි භූමියෙන් හිනහ වේවි යන ආකාරය. (අ)