තිස්සමහාරාම බෝගහපැලැස්ස කොඩිගහ වැව අසල දී සැකකරුවන් තිදෙනකු සමඟ අත්අඩංගුවට මුව මස් තොගයක් කතරගම සහකාර වනජීවී අධ්‍යක්ෂ කාර්යාලයයේ උයමින් සිටි බව කියන වනජීවී නිලධාරියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වනජීවී කාර්යාලයයේ මුව මස් පිසින බවට වනජීවී ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතාට ලද තොරතුරකට අනුව ඇමැතිවරයා අද සවස පොලිසිය සමග එහි ගියේය.
ඇමැති යන විට කුස්සියේ මුවමස් පැහැමින් තිබිනි.
කොඩිගහ වැව අසල දී අත්අඩංගුවට පත් මුව මස් තොගය කිලෝ 30කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලොකු තැන් සුද්දෙ දාන්නේ නැතුව පොඩි පොඩි තැන් හදන්න උත්සහ ගත්තට වැඩක් වෙන්නේ නැහැ.(අ)
ඔය මුව මස් ටිකත් රාජසන්තක කරයිද දන්නේ නැහැ නේද.(අ)
මේක මුවා මැරුවේ නැති නිසා ලිහිල් දඬුවම් දෙන්ඩ ඕනා. ඒත් දඩයක් ගැහුවොත් හොඳයි 50000 ක විතර.(අ)
අනේ තාත්තේ ඇයි මේවගේ බාල වැඩ කරන්නේ, හරියට රාජකාරිය නොකර. බලන්න මේ ඔබේ පුතාටත් දුවටත් පාරේ බැහැල යන්න පුලුවන්ද කියා, තාත්තා අදින් පස්සෙ හොඳ තාත්ත කෙනෙක් වෙලා ගෙදර ඇවිල්ල යන්න එන්න, නැතිනම් අපි තරහම තරහයි.(නදී)
අර පුජා කරන ඇත්දළ කපන්නේ කැලේ ගස්වලින්ද? (අ)
පව්නේද කැළේ සත්තු(අ)
ඇමති තුමා හොඳ වැඩක් කරලා තියෙන්නේ. ඔබ තුමාට බොහොම ස්තුති, අර අලි පැටියාගේ හොරත් අලලා ප්‍රසිද්ධ කරන්ඩ. අපේ කැළෑ ටික ,වන සතුන් ටික ප්‍රවේසම් කර දෙන්ඩ.ඔබගුමාට දෙවි පිහිටයි. (අ)
මේ සත්තු මරණ පවු කාරයෝ නොහිතා කරන දේ වලින් ආත්ම ගානක් අවීචි මහා නරකාදියේ පැහෙන වැඩ.හාවෙක් මුවෙක් කියන්නේ කොච්චර අහිංසක සතෙක්ද?(අ)
මේ වැඩේ කරලා තියෙන්නේ ඇමති තුමා යටතේ ඉන්න නිලධාරී. මේ තක්කඩි යොම තමයි දේශපාලුවෝ කැලෑ සවාරි ගහන කොට බෝතලෙත් එක්ක බොර මස් හොද්ද උයල දොළ පිදේනි දෙන්නේ. ඒ තත්වය යටතේ ඔය අපරාධ නවත්වනවා කියන්නේ බොරු.(අ)
පොලිසිය මොකද කරන්නේ? (නි)
සත්‍ය කියන දේ හරි. (නි)
වැටත් නියරත් ගාෙයම් කා නම් කාට පවසම් එ් අමාරුව (නි)
ඇමතිතුමාට අපේ ප්‍රණාමය! (නි)
සිරිල් බාලසුරිය මල්ලී, අල්ලපු මස් අධිකරණ තීන්දු දෙනකොට නරක්වෙලනේ. සත්ව උද්‍යාන වල සතුන්ගේ ආහාරයට පවා නුසුදුසු වෙනවා. මේසය උඩ ඇත්තේ මස් උයන ලද මුට්ටියක් මිස කල්දේරමක් නොවේ. (නි)
ඇමතිතුමා, ඔබතුමා කළ දේ අපි අගය කරනවා. එහෙත් පහුගිය හයමාසය තුළ කොපමණ කැළෑ ප්‍රමාණයක් සත්තු ගණනක් විනාශ කර තිබෙනවද? අලි පැටවු කීදෙනෙක් ලොක්කෝ අල්ලලා තියෙනවද? ජනතාවට මේ අලි හොරු ගැන විස්තර දෙන්න. (නි)
සත්තු මරාගෙන කන එක නවත්තන්න ඉන්න කට්ටියම මරාගෙන කන එකනේ විඳින්න බැරි (දී)
බඩුත් එක්ක හොරු (දී)
චන්දෙට ප්‍රචාරයක් (දී)
මේවා සාමාන්‍ය සිද්ධි. මෙතන කාටවත් මඩ ගැසීමෙන් පලක් නැහැ. මුව මස් කන්න කැමති අයයි කෙසේ හෝ එය කන්නට බලන්නේ (නි)
ධම්ම ඔබගේ ප්‍රකාශයෙන් ඔබගේ නමටත් ලැජ්ජය් (දී)
කුමාරි ඔබ හරියට හරි (දී)
ගාමිණී ;පානාති පාතා වේරමණී පංච ශීලයේ එන සිල් පදය මතක් කර ගන්න (දී)
වනජීවී එකට මේ මොකද වෙලා තියෙන්නේ? (නි)
අත් අඩංගුවට ගත් මුව මස් කිලෝ තිහක් විසි කරන්නද කියන්නේ. උයාගෙන කාපුවාම මොකද වෙන්නේ. පණ පිටින් ඉන්න මුවෝ ටික රැක ගන්න බැරි උනා නම් මස්වලට මොනවා උනාම මොකද හිතන්න ඇති (දිල්)
ඇමති තුමනි මෙය නතර කිරීමට නම් ,තනතුරු නොබලා උපරිම දඩුවම් ලබා දියයුතුය.අපි එය බලාපොරොතු වෙමි .(දිල්)
සත්‍යා නගාගේ කතාව නම් සත්‍යයක්ම තමා. ඇමතිතුමනි, පුලුවන් නම් කැලෑපාලුවන් නැති කරන්න.ඔබ රටට ඇත්තටම ආදරය කරන කෙනෙක් (නි)
කෑදරකමත් විනාශයට මුලයි කිව්වලු (නි)
විශාල අපරාධයක්. මේක නම් ලේසියෙන් අත්හරින්න එපා (නි)
අදහස් දාන අය වැඩිය කලබල වෙන්න එපා. (නි)
මේකෙන් පැහැදිලි වෙන්නේ, අපරාධයක් මැඩලන්න ඒ හා සම්බන්ධව කටයුතු කරන පුද්ගලයන් තමයි ඒ අපරාධය වැඩියෙන්ම කරන්නේ කියා නොවේද? (නි)
කාට කියන්නද මේ අවනඩු? (නි)
මට මේවාට කියන්න තියෙන දේ මෙතන ලියන්න බැහැ (නි)
වැටත් නියරත් ගොයම් කා නම්... (නි)
අනේ දෙවියනේ! (නි)
මිනිසුන්ට තනතුරු නිලතල දීලා තියෙන්නේ අවංකව හරියට රට ජාතිය වෙනුවෙන් සේවය කරන්නයි. එසේ කරන කාටත් ජාතියේ ප්‍රණාමය හිමිය. රාජ්‍ය නිලධාරීන් පත්කළේ ජනතාව නොවේ. මේවා පළකරනවාට ලංකාදීපයට තුති! (නි)
මේ මිනිස්සුන්ට මොනවා කරලා මදිද (දී)
ධම්ම, ඔබගේ අදහස් අනුව අල්ලන ඒවා පරිභෝජනය කළාට වරදක් නැහැ කියලාද කියන්නේ? එතකොට උසාවියට ඉදිරිපත් කරන්නේ මොනවද? වන ජීවි නිලධාරීන් එක්ක මස් වැද්දන් එකට රැකියාව කරාවි ඔහොම වුණොත් (නි)
මේ සම්බන්ධව පොලිසියට දැනුම් දීලා වැරදි කරන අයව අත්අඩංගුවට ගෙන නඩු පැවරීමයි කළයුත්තේ. (නි)
මේ අය කැලේ ඉදන් කරන්නේ මේ අසරණ සත්තු ටික ගණන් කරන එකයි ගංජා වවන එකයි තමයි. මේ අයගේ දේපල වස්තුව සියල්ලම රාජ සන්තක කරන්න ඕනා. අපේ ජාතික සම්පත් මේ පව් කාරයෝ විනාශකළේ. ඔබලාට යන්න අපායක් නැහැ. ජාතික වනෝද්‍යානයක් කියන්නේ අභය භූමියක්. මරණයෙන් නිදහස් කර ජීවිතය සදහටම නිදැල්ලේ ගතකිරීමටත්, කිසිවෙකුට නීතියෙන්වත් මරන්න අවසර ගන්නට බැරි තරමේ නීතියකින් බැදුණ සතුන්, වාසය කරන වනොද්යානයකින් සතුන් මරාගෙන ඒ වගකීම දරන පුද්ගලයෝම උයාගෙන කනවා. ඒ භාර අමාත්‍යවරයාත් දුටුවා නම් තවත් මොකක්ද ශාක්ෂිය (නදී)
වනයේ ජීවිත කාලයම ගතකරන නිලධාරීන්ට එහෙමවත් වරප්‍රසාදයක් දියයුතුයි කියලයි මම නම් කියන්නේ. සතෙක් මරලා කුස්සියට ගෙනාවා නම් තමයි ඔන්න වැරදි. (නි)
ඕක මොකක්ද ඔය පොඩි හට්ටියක්. වනාන්තර රක්ෂිත අයිනේ හදපු මහා තැන් වල අයගේ හෝටල් වල මුව මස් ගෝනා මස් දින පතා විකුනනවා. අලි පැටව් 63 ක් ගණන් ඇතුවම. ඊයෙත් අලි පැටවෙක් අහු වෙලා. ඇමති පුතෙක් පිටුපස. ඔය මුව මස් උයලා තියෙන්නෙත් වන ජීවී එකේම අය නේද? වනාන්තර , වන සතුන් විනාස කරන්නේ වනජීවී එකේ අය ගේ අනුමැතිය ඇතිව කියලා මම හිතනවා. ඇමති තුමා මස් හට්ටිය ඉස්සරහ තියලා පොටෝ එකේ ඉන්න හැටි දැක්කම අපටත් සන්තෝසයි. අර හෝටල් වල විකුණන මහා මස් හට්ටි ගැනත් බැලුවා නම් කොච්චර හොඳද? රටේ සිද්ධවෙන දේවල් පාලකයන්ට නොපෙනෙන එක ගැන මට නම් පුදුමයි. ඒ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා වෙන්න ඇති. (නදී)
ඇමති තුමා ඔබ බොහොම නිර්භීතව හිතට එකඟව ක්‍රියා කරන හොඳ පුද්ගලයෙක්. සමහර ඇමතිවරු තමා යටතේ තිබෙන ආයතනවල වැරදි දැනගන්ට ලැබුනත් ඒවා නැතිකරන්ට නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැතුව ඒවා වහනවා. ඒ අතින් ඔබ ශ්‍රේෂ්ටයි. ඔබට හොඳ දිගු දේශපාලන ගමනක් යා හැකිය. නමුත් මිතුරන් සේ පිටට තට්ටු කරන සතුරන්ගෙන් ප්‍රවේසම් වෙන්න. නිතිය ගරුකරන ජනතාව හැමදාම ඔබ සමග සිටීවි. (නදී)
අනේ මගේ කටට කෙල උනනවා , මටත් මේකෙන් මස් කැල්ලක් කන්න ඇත්නම්...මුවමස් එක පාරක් කාල තියෙනවා. හරිම රසයි. (දී)
ධම්ම සහ ගාමිණී මස් වැද්දන්ගේ යාළුවෙකු හෝ නෑයෙකු වාගේ (අ)
වල ලන්න තියෙන මස් වලින් කොටසක් ආහාරයට ගත්ත එකට දොස් කියන්න එපා. රාජකාරිය හරියට කරලා තියෙනවා නේ ? මස් ටික හොරට විකුණුවා නම් එතන වරදක් තියෙනවා . වලලන්න තියෙන මස් වලින් කොටසක් අරන් තියෙන්නේ. අපේ අප්පේ අපේ දේශපාලකයෝ කරන ජරා වැඩ දැක්කම මේවා මොන වරදවල් ද ? මේක විශාල පබ්ලිසිටි එකක් දෙන්න වටිනා වරදක් නොවෙයි (නදී) .