ව්‍යාපාරිකයන් ලෙස වෙස්වලාගෙන ගිය වනජීවී නිලධාරීන්ට හූනන් දෙදෙනකු විකිණීමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙක් දොම්පේ දී අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීන් පවසයි. කිඹුල් හූනන් යනුවෙන් හදුන්වන හූනන් දෙදෙනා සතුන්වත්තට බාර දීමට නියමිතය. සැකකරුවන් දෙදෙනා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිත ව තිබිණි.