දෙනියායෙන් අල්ලා ගත් කිඹුල් හූනන් දෙදෙනකු මාතර දී රුපියල් තිස් දෙලක්ෂයකට විකිණීමට ගිය බව කියන තරුණයෝ දෙදෙනෙක් වනජීවී සංරක්ෂණ නිලධරයන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වනජීවී උපාය දූතයාගේ ගැටයට අසුවූ මේ දෙදෙනා දෙනියාය හා පිටබැද්දර පදිංචිකරුවන් බවත්, ඔවුන් මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ ප්‍රධානී පී එස් සුමනරත්න මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුණට ගිය කලක් අපේ ගෙදර ගමකට හුනෝ අාවනම් නොමෙලේම දෙනවා හුනෝ ටිකක් .(ස)
අනේ අපිව මේ තරමට මිලට ගන්න රට කුමක්ද කියන්නකෝ. අපි මුහුදට බැහැල පීනාගෙන ගිහින් ඔයාලට විදේශ විනිමය එවන්නම්. (නදී)
ඔය කිඔුල් හුනන්ගෙන් සුප් ඒකක් හදනවා හරි රසයි ඒ වාගේම ගුණයි ලෙඩගණනාවක් හොදකරනවා විද්‍යාත්මක පරික්ෂණ මගින් දැන් තමයි සොයාගන තියෙන්නේ ඒකයි මෙචිචර ගණන් (දී)
කිඹුල් හූනට ගිය කලක්. (ස)
සොබා දහම විනාස කරන්න හදන මොවුන්ට නිසි දඩුවම් ලබා දෙන්න.වන ජීවි එකට අපේ ප්‍රණාමය. (ස)
ඔය කිඹුල් හූනට ඔච්චර වටිනාකමක් තියේ නම් ඇයි අපිට බැරි කිඹුල් හුනන් ටිකක් බෝ කරලා විකුනන්න. දුප්පත් අයට ඒක කරන්න දෙන්න පුළුවනි. (ස)
ඔය හුනෝ දෙතුන් දෙනෙක් අපේ බිත්තියේත් දුවනවා. මට බය කවුරුත් දැක්කොත් හොරෙන් අල්ලන් යයි කියලා. (ස)
දැන් ඔය අල්ලාගත් හුනන් කැලේට මුදා හරියිද? (නි)
වනජීවී එකට තොරතුරක් ලැබුණා හූනන් අල්ලාගෙන විකුණන්න උත්සාහ කරමින් ඉන්නවා කියලා. මොවුන් මාසයක පමණ කාලයක් මෙම හූනන් අල්ලාගෙන විකුණා ගන්න බැරුව තියාගෙන ඉඳලා තියනවා. එතනදී තමයි වනජීවී එක මෙයට සම්බන්ධ වෙලා මෙම හූනන් දෙදෙනා අල්ලාගෙන නිදහස් කරන්න මැදිහත් වුණේ (නි)
අයියෝ! ගමත් කනවා. අපි පොඩි කාලේ හුනන්ට ඉරටුවේ ගහලා බත් අැට කැවුවා (නි)
වනජීව එකට ස්තූතියි! (නි)
පවු කිඹුල් හූනන්! (නදී)
අහිංසක සත්තු පව් තමයි.අන්ත අසරණ තත්ත්වයෙ ඉන්න මිනිස්සු මොනවා හරි කරලා කීයක් හරි හොයන්න තමයි හදන්නෙ. මිනිසුන් වරදට පොලඹවලා අත් අඩංගුවට ගන්න එක වැරදි වැඩක් නෙමෙයිද?මම ගිය සතියෙ දුර ගමනක් ගියා. පාර දිගටම පොලිසියෙන් හෑංගිලා ඉන්නෙ ගස් අස්සෙ,ගල් අස්සෙ...හැංගිලා ඉඳලා එකපාරටම පාරට පනිනවා. ගොඩක් දුර ඉඳලා ආවෙ කියලා දැනගත්ත ගමන් ලයිෂන් එක ඉල්ලනවා. මට ගමන ගිහින් එන්න 6 පොළකට 500/= ගානෙ දෙන්න වුණා. පුදුමෙ කියන්නෙ 50ට ගියත් මීටරේ අල්ලලා 90 කියලා පෙන්වනවනෙ.මට කියන්න තියෙන්නෙ අයියෝ මගෙ සල්ලි කියලා විතරයි. (නි)