වාසස්ථාන අවම වීම හා ආහාර සොයා දිවියන් ජනාවාස ප්‍රදේශ වලට පැමිණීමෙන් එම සතුන් මිය යාමේ කනගාටුදායක තත්ත්වයක් ඇතිවී ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෞඛ්‍ය වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසයි.
පසුගියදා ආගරපතන ඇල්බියන් වතුයායේදී කොටියන් දෙදෙනකු මියයාම සම්බන්ධව සොයා බැලිමට තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ හා වනජීවී දෙපාර්තමේන්තුවේ උපදෙස් මත එහි ගිය වනජීවි දෙපාර්තමේන්තු වෛද්‍ය කණ්ඩායම මිය ගිය පැන්තරා පාදූස් කොටියන් දෙදෙනකු සොයා ගත් අතර හඳුන් දිවි පැටවෙකුද සොයා ගත්හ.
කොටියන් දෙදෙනා මිය ගියේ කෙසේදැයි සනාථ කර ගැනිම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට එම සිරුරු භාර දුන් බවත් එහි වාර්තාව එනතෙක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් වෛද්‍යවරු කියති.
දිවියන් හෝ කිසියම් වනජීවියකු වස දී හෝ උගුල් අටවා මරණයට පත්කළහොත් දැඩි දඬුවම් ලබා දෙන බව වනජීවී ඇමැතිවරයා කීවේය.
මෙම සතුන් ට හානිදායක වන ක්‍රියාවක් කරන පුද්ගලයන් ගැන හෝඩුවාවක් ලබාදෙන අය සඳහා මුදල් ත්‍යාග පිරිනමන බවද අමාත්‍යවරයා පැවැසිය.
එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් “වනජීවි අපරාධයන්ට එරෙහිව මුරකාවල් පාරසරික සංවිධානය “ දුරකථන අංක 071 9005549 / 077 9495535 / 071 8114492 හා වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තු හදිසි ඇමැතුම් 011 2888585 අංකවලට ඇමතිය හැකිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අලංකාරය මේ සත්තු, ගහකොළ මල්. නමුත් අපේ මිනිස්සු ඒ සියල්ලම වනසනවා. අලි කී දෙනෙක් නම් හක්ක පටස් වලිනුයි, වෙඩි වලුනුයි මැරුණද. කෝ එක මිනිහෙක් අහුවුනාද? මේවා රැක ගන්න නීතිය මගින් පමණක් බැහැ. වෙනත් ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් තිබිය යුතුයි.(හේ)
ඉතාම හොඳ අදහසක් (නි)
දැන් බලද්දී සත්තු වටිනවානේ මිනිසුන්ට වඩා. සතා මිනිසාව මැරුවට කමක් නැද්ද? මිනිසා තමන්ගේ ආරක්ෂාවට සතෙක් මැරුවොත් තමයි ප්‍රශ්නේ. (නි)
ඔත්තුකරයින්ට සල්ලි දෙන එක නම් හොඳ අදහසක් (නි)
සල්ලි නම් ඕනෑ නැහැ, අසරණ සතෙක් බේරෙනවා නම්, වෙන්නේ හොඳ දෙයක් නම්. ඒ දෙන සල්ලිත් ඒ අසරණ සතුන්ගේ සුබසිද්ධිය සඳහා යොදනවා නම් හොඳයි (නි)
විල්පත්තුව පැත්තේත් ගියා නම් හොඳයි නේද? (නි)
අපේ දිවිය සීග්‍රයෙන් වඳ වෙන සතෙක් , ඉන්න ටික දෙනාත් මේ විදියට මරල දැම්මොත් අනාගතේ දරුවන්ට පෙන්නන්න වෙන්නේ පින්තුරවලින් තමා . රවුද්ද්‍ර උනත් බලන්න මොන තරම් සුන්දරතාවයක් පරිසරයට එකතු කරනවද , අනික ඉතින් මේ ලෝකේ මිනිසුන්ට පමණක් උරුම දෙයක් නෙවෙයිනේ සතා සීපාවට ගහට කොළට අපි හැමෝටම , සහයෝගයෙන් ජිවත් වෙමු (බ)
මෙවැනි සතුන් ආරක්ෂා කරගැනීම අපේ යුතුකමක්.මිනිස්සු සතුන්ගේ ජනාවාස ආක්‍රමණය කරද්දී සතුන් මිනිසුන්ගේ ජනාවාස කරා පැමිණීමේ ප්‍රවනතාව වැඩියි.ඒ හේතුවෙන් ඇතිවෙන විපත්ද සුළුපටු නොවේ. (බ)
කාලෝචිත යෝජනාවක්, ප්‍රදේශයේ මහජන සහයෝගයෙන් ම වැරදිකරුවන් නීතියේ රැහැනට හසුකරගන්නට..! (ර)
ඔන්න කාටහරි ඔත්තුවක් දීලා තෑග්ගක් ගන්න හොඳ අවස්ථාවක් (නි)
කැලේ එළිකර ගෙවල් හදාගෙන වන සතුන්ට හානි කරන අයට දඬුවම් නැද්ද? (නි)