කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වන හා නීති විරෝධී කටයුතුවල යෙදෙන්නන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් වනසතුන් ගේ නිදහසට බාධාවන අයුරින් බීමත්ව හා කලහකාරී ලෙස හැසිරෙන සංචාරකයින්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීම සඳහා කටයුතු කරන බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඉකුත් 3 වැනිදා වනෝද්‍යානයට ඇතුළුවී බීමත්ව කලහකාරී ලෙස හැසිරුණු 9 දෙනෙක් ඔවුන් පැමිණි යතුරු පැදිද සමග අත් අඩංගුවට ගෙන පොලිසියට භාරදුන් බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කවුඩුල්ලට විතරද නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කල යුත්තේ විල්පත්තුවටත් නීතිය ක්‍රියාත්මක කරන්න. (ර)
මේක හැම ජාතික වනෝද්‍යානයක් වෙනුවෙන්ම ක්‍රියාත්මක කරන්න (නි)
මේක නම් නියමයි (නි)
අහිංසක වන සතුන්ගේ නිවස්නට ඇතුළුවන බිමත් දෙපාසතුන්ගේ විකාර හැසිරීම උන්ගේ ජිවිත චරියාවන්ට හානිකරයි. එබැවින් හැම වන උයනකටම මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. (බ)
බොහොම හොඳ තීරණයක් (නි)