කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ නෙළුම්දෙණියේ දී වෑන් රථයක් හා ටිපර් රථයක් අනතුරට ලක්වී එකම පවුලේ කාන්තාවන් දෙදෙනකු ඇතුළු හතර දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔවුහු කළුතර පදිංචි කරුවෝය. අනතුරින් වෑන් රථය පාරෙන් ඉවතට විසිවී පල්ලමට පෙරළුණු බවත් වැලි පැටවූ ටිපර් රථයත් වෑන් රිය මතට ම පෙරළුණු බවත් ගැමියෝ කියති. වෑන් රියේ ගමන්ගත් හත්දෙනා බරපතල තුවාල සහිතව කෑගල්ල රෝහලට ගෙන යනු ලැබීය. රෝහල් ආරංචි පවසන්නේ ඉන් හතර දෙනකු රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිපර් රථ රියදුරන්ට වයස සීමාවක් පැනවිය යුතු කාලය එළඹ ඇත. සියලුම රියදුරන් දැඩි නීති වලට යටත් කළයුතුය. සියලුම ටිපර් රථ ධාවනයට සුදුසුද කියා පරික්ෂා කළයුතුය (නි)
වරදකරුවන් වන රියදුරාට හෝ රියදුරන්ට අනිවාර්යයෙන්ම උපරිම දඬුවම් දියයුතුය. (නි)
මම ඒ මියගිය පවුල හොඳින්ම අඳුනනවා. අහන්නත් දුකයි ඒ වගේම ඒ පවුලේ ළඟම නෑදෑයන් ඉතාමත් දුකින් ඉන්නේ වුණු දෙයට. මියගිය තරුණ මවගේ දෙමාපියන් සහ සොයුරන්ට දැනෙන ගින්දර කියන්න වචන නැහැ, (බ)
ලංකාවේ අලුත්ම මාරයා තමයි ටිපර් රථ. මේ මිනිස්සු පාරේ යන පොඩි වාහන ගැන කිසිම සැලකිල්ලක් නෑ. මොකද හැප්පුනත් යකඩ කඳන් වැනි ටිපර් රථයටවත් එහි යන අයටවත් අනතුරු සිදුවෙනවා අඩුනිසා. (ර)
ලංකාවේ මම දැකපු දෙයක් තමයි මේ ටිපර් රථ නිතරම මාර්ග නීති උල්ලංගනය කරමින් තමයි ධාවනය කරන්නේ . මෙතරම් බරක් දරාගෙන අධික වේගයෙන් ධාවනය කිරීම අපේ රටේ මාර්ග වලට ඔරොත්තු දෙන්නේ නෑ. බර වාහන වලට වේග සීමාවක් තිබිය යුතුයි. ඒ වගේම මෙවැනි රියදුරන්ට දැඩි දඬුවම් දිය යුතුයි. (ර)
ටිපර් රථ විතරක් නොවෙයි, බස්, කන්ටේනර්, පොඩි වාහන ගෙන කිසිම තැකීමක් නැහැ. (ර)
අනේ දෙවියනේ! (නි)
මම මේ සිද්ධිය වුණ තැනින් ගියා. එතන ලොකු ප්‍රපාතයක් තියෙන්නේ. මියගිය අයට නිවන් සුව! (නි)
මොවුන්ගේ සියලු දේපොළ රාජසන්තක කරන්ට නීතියක් දැමිය යුතුයි (බ)