
( වසන්ත චන්ද්‍රපාල)
අම්පාර, දමන නීත්ත අඩි 100 මාර්ගයේදි වනඅලියකු පහරදීමෙන් ගල්ඔය වැවිලි සමාගමේ සේවකයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ගල්ඔය වැවිලි සමාගම විසින් උක් වගාවට පැමිණෙන වන අලින් එලවිම සදහා සේවකයන් යොදා ඇති අතර රාත්‍රි මුර රාජ කාරියේ සිටින විට අද (19) අලුයම 3.30 ට පමණ මෙම වන අලි ප්‍රහාරයට ලක්වි තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ ගල්ඔය වැවිලි සමාගමේ අලි පාලන ඒකකයේ සේවය කළ කෝසල කුමාර නැමැති 39 හැවිරිදි තිදරු පියෙකි.
මෙම ස්ථානයේ තිදෙනකු රාජකාරි කර ඇති අතර වන අලියා පහරදිමට පැමිණෙන විට ඔවුන් බේරිම සඳහා දිවගොස් ඇතත් පන්නාගෙන ගොස් වන අලියා මෙම පුද්ගලයාට පහරදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තවමත් වල් අලි සංගණනය කරමින් සිටිමු...