
(ප්‍රසාද් රුක්මල් )
හපුතලේ දබේතැන්න වත්තට අද (29) අලුයම කඩා වැදුණු වන අලි දෙදෙනකු එළවළු , කෙසෙල් වගාවන් රැසක් විනාශ කර දමා ඇතැයි හපුතලේ දබේතැන්න ග්‍රාමසේවා නිලධාරී ඩබ්ලිව් .ආනන්දරාජා මහතා පවසයි .
කොස්ලන්ද පූනාගල මකල්දෙණිය වන රක්ෂිතයේ සිට පැමිණ ඇති මෙම වන අලීන් දෙදෙනා දබේතැන්න වත්තේ වතු ජනතාව ගේ එළවළු වගාවන් රැසක් පාගා කඩා විනාශ කර දමා ඇති අතර කෙසෙල් වගාවන් රැසක් විනාශ කර දමා තිබේ.
අරාත්‍රි කඩා වැදුණු මෙම වන අලින් යලි පූනාගල මකල්දෙණිය වන රක්ෂිතය ට අලුයම ගොස් ඇත.
මීට පෙර මෙම හපුතලේ දබේතැන්න වත්තට මෙසේ වන අලීන් නොපැමිණි බවත් , මෙසේ වන අලින් කඩා වැදීම නිසාවෙන් දබේතැන්න වත්තේ වතු කම්කරු පවුල් 500ක පමණ ජීවිත වලට තර්ජනයක් එල්ලවී ඇතැයි හපුතලේ දබේතැන්න ග්‍රාම සේවා නිළධාරි ඩබ්ලිව් .ආනන්දරාජා මහතා සදහන් කළේය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කොළඹනේ ඉන්නේ. අපිට නම් ඔය වල් අලි ප්‍රශ්න නැහැ.