
(නිමල් ජයරත්න )
පොළොන්නරුව සිරිපුර කළුකැලේ වෙල්යායේ ගොවිතැන් ආරක්ෂා කරමින් සිටි යුවළකට අද ( 13 ) එල්ල වූ වන අලි ප්රහාරයකින් බිරිඳ එම ස්ථානයේ මියගොස් සැමියා බරපතළ තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව සිරිපුර පොලිසිය කියයි.
මෙම වන අලි ප්රහාරයෙන් මියගොස් ඇත්තේ, පොළොන්නරුව කළුකැලේ අංක 356 ලිපිනයේ පදිංචිව සිටි ඩී.එම්.යසෝමැණිකා යන 68 වියති තිදරු මවක බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන සිරිපුර පොලිසිය සඳහන් කරයි.
වී වගාව වන අලින්ගේ බේරා ගැනීම සඳහා මෙම යුවළ කුඹුරේ පැළට ගිය අවස්ථාවේ දී වන අලි ප්රහාරයට ගොදුරු වී ඇති බවද පරීක්ෂණ සිදුකරන සිරිපුර පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd