විධායක ජනපතිධූරය අහෝසි කළ යුතු වුවත් ජාතික ආරක්ෂාවට බලපාන එහි පවත්නා බලතල වෙනස් නොකොට එසේම රඳවා තබාගත යුතු බව මහජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
විධායක ජනපති ධූරයේ හා ඡන්ද ක්‍රමයේ පමණක් නොව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී අනෙකුත් වෙනස්කම් සම්බන්ධයෙන් ද පොදුජන මතය විමසිය යුතු බව ගුණවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් දැන් ඒක කරනවනේ. ඔබතුමාගේ අදහසුත් දෙන්න. එතකොට සළකා බලා ඔබතුමා වැනි අය තවත් ඉන්නවා නම් ඔවුන්ගේ අදහසුත් ඇතුව වැඩේ කරන්න පුලුවන් (නි)
විධායක ජනපතිධූරය අහෝසි කළ යුතු වුවත් ජාතික ආරක්ෂාවට බලපාන එහි පවත්නා බලතල වෙනස් නොකොට එසේම රඳවා තබාගත යුතු බව කියන කතාවට මමත් එකඟයි නැත්නම් අපේ රටේ ඉන්න දේසපලකයෝ අපේ රට විනාස කරලා තමයි නතර වෙන්නේ. අනෙක හදිසි අවස්තාවකදී පාර්ලිමේන්තුවෙන් අවසර ලබාගන්න බලා ඉන්න අවශ්‍ය නෑ. ජනපතිට කෙලින් තීරණයක් ගැනීමේ බලය තිබිය යුතුයි. ප්‍රධාන වශයන් ත්‍රස්තවාදී ක්‍රියා හා බලපෑම් හමුවේදී සේනාදී නායක තනතුරේ කිසිදු බලතලයක් අඩුකළ නොයුතුය. (ස)
දැන් නිකන් බොරුවට මාධ්‍ය සංදර්ශන තියා තියා ජනතාව රවට්ටන්න එපා. (හේ)
කාට නැතත් දිනේෂ් ට කන් දිය යුතුයි. (හේ)
අාවේනම් එහෙම කියාගෙන දැන්, කොහොම වුනත් දැන් රස ඇති (බ)
ඔය කෑගහන කට්ටිය 18 වන සංශෝධනයට අත උස්සලා ව්‍යවස්ථාවට කෑලිඑකතුකලේ ජනතාවගෙන් අහලාද..?ඔවා දෙනු පරහට...අපි මැරිලා ඉපදුනේ නැහැ. (අ)
පොදු ජන මතය විමසන එකනම් බොහොම හොද දෙයක්. (අ)
නවින්;මාධ්‍ය සංදර්ශන තියන්න තරම් ඒ අය බොළඳ නැත. රටට වෙන දේවල් ගැනත් වෙන්න තියන දේවල් ගැනත් මනා අවබෝදකින් තමයි යමක් කීවොත් කියන්නේ,දැනටමත් සිද්ද වෙන්නේ මොනවද කියල ඔබට නොතේරෙන එක කණගාටුවට කරුණක්. (අ)
දැන් මොලේ පීදීගෙන එනව වගේ . මහජන එක්සත් පෙරමුණ . අනේ මැරිච්ච පක්ෂයක්. පියා නතර වුන තැන මෙයත් නතර වුනොත් පුදුම නැහැ . කාලය නාස්ති කරපු මෝඩ දේශපාලකයෝ.(අ)
ඇයි දියවන්නාවේදී කියන්න බැරිද? (අ)