කන්න නෑ. බෙහෙත් නෑ. සංවර්ධනය නෑ කියමින් ජනතාව හඬ නගද්දී මහජන නියෝජිතයන්ට නිහඬව සිටිය නොහැකි බවත් එය පක්ෂය විවේචනයක් කිරිමක් ලෙස වැරදියට තේරුම් නොගත යුතු බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවරදි පැවැසීය.
තම ජන්ම දිනය වෙනුවෙන් බ්‍රහස්පතින්දා ශ්‍රී දළඳා සමිඳු වැඳ පුදා ගැනිමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහ විහාරවලට ගොස් සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ රාජපක්ෂ මහතා එසේ පැවැසිය.
සුළු සංශෝධන කිහිපයක් හැරෙන්නට විධායක ජනාධිපති ක්‍රමය වත්මන් රජය වෙනස් කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවද රාජපක්ෂ මහතා කීය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඉදිරි පෙළ නායකයින් මහින්ද රාජපක්ෂ විශ්‍රාම ගත යුතු බවත් තමන්ගේ සහාය පක්ෂයට අනවශ්‍ය බවත් පවසද්දී තමන්ගේ සහාය පක්ෂයට ලබා දෙන්නේ කෙසේද යන්න හිටපු ජනපතිවරයා විමසීය.
ඡන්ද ගෙන බලයට ඒමට දුන් පොරොන්දු ඉටු කරමින් කොටි සැකකරුවන් නිදහස් කරන බව ඡන්දයට කලින්ම තමන් පැවැසු බවත් රාජපක්ෂ මහතා කීවේය.
ඇවන්ගාඩ් සිද්ධියට නඩු පැවැරිය නොහැකි බවනිතිපතිවරයා ප්‍රකාශ කර ඇති බවත් වැරදි ඇත්නම් ඒවා නිවැරදි කර කෝටි ගණන් මුදල් රටට ආ මෙවැනි ව්‍යාපාර පවත්වාගෙන යා යුතු බවත් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂකයන් පිරිවරා ගෙන මොකද? (බ)
අනේ දිවුරලා කියන්න (බ)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියල දළදා මාලිගාවේ ඉස්සරහ දිවුරලා බලයට ආපු ඔබ තුමාට ඒක අහෝසි කරන්න බැරි වුණාට හැමෝටම එහෙම වෙනවා කියල හිතන්න එපා හිටපු මහරජාණනි. (ම)
ලුම්බිණි, කොටි නිදහස් කර ඇති බව අමතකද ? (ම)
විධායක බලයේ සිය දිවි ඇති තෙක් රැදී ඉන්නට හැකි ලෙස වෙනස් කළ අයකුට එම හැකියාව සහමුලින්ම නැති කිරීම කළ අයකුට එරෙහිව මෙසේ කතා කරන්නට සදාචාරාත්මක් අයිතියක් ඇත්ද? (ම)
සාටකය ගලවලා මෛත්‍රීව කොපි කරනවා නේද? (ම)
දැන් ඉන්න මහ රජාත් එහෙම තමයි. ඔහුත් කීවේ තමා බලයේ සිටිද්දීම මේ දෙය කරලා අයින්වෙනවා කියලා නමුත් ඇයි 2020 වෙනකන් ඉන්නේ. (බ)
ඔවු ඉතින් එ්කේ රස ඔයත් දන්නවනේ (බ)
මෙතුමා කියන එක හරි (නි)
තමන්ගේ මානසික මට්ටමෙන් තමා හැමදෙයක් ගැනම හැම කෙනෙක්ම බලන්නේ (නි)
ඉෂාර ලුම්බිණිලාට මුල අමතක වෙලා (ම)
මම වගේමයි නේද?මම නොදන්නවයි මම ගැන අනේද කියන්නේ (ම)
පක්ෂයට සහාය ලබාදීමට හදවතින්ම කැමැත්තක් තිබෙනවා නම් සිදුවිය යුත්තේ ඒ ඉදිරිපෙළ නායකයන්ගේ ඉල්ලීම බව ගමේ ගොඩේ අපටද තේරුම්ගත හැකිය. බලයට මෙතුමාගේ ඇති තණ්හාව එදත් අපට දකින්නට ලැබුණු අතර අදත් එය දකින්නට ඇත. හැම පැත්තකින්ම වැරදිකරුවන් වෙනුවෙනුත්, දේශපාලන අනාථයන් වෙනුවෙනුත්, නැවත බලය ලබාගැනීමේ අවස්ථාවාදියකුගේ ප්‍රකාශ මිස පක්ෂ නායකයට අවශ්‍ය තැනට පක්ෂය මෙහෙයවීමට ඉඩදෙන බවක් මෙතුමාගෙන් පෙනෙන්නට නැත. (නි)
ඉෂාර හිටපු කොටි නිදහස් කළෝ ආයුධ අතට දීල නෙමෙයි අනෙක උසාවියෙන් තමයි එයාලව නිදහස් කළේ. අ)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියල දළදා මාලිගාවේ ඉස්සරහ දිවුරලා බලයට ආපු ඔබ තුමාට ඒක අහෝසි කරන්න බැරි වුණාට හැමෝටම එහෙම වෙනවා කියල හිතන්න එපා හිටපු මහරජාණනි, විධායක බලයේ සිය දිවි ඇති තෙක් රැදී ඉන්නට හැකි ලෙස වෙනස් කළ අයකුට එම හැකියාව සහමුලින්ම නැති කිරීම කළ අයකුට එරෙහිව මෙසේ කතා කරන්නට සදාචාරාත්මක් අයිතියක් ඇත්ද? මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද (අ)
අනුරුද්ද ඔයාට මහා රජා කියන්න එපා මොකද ඒ වචනය උතුම් වචනයක් (අ)
මෙතුමාට මොකුත් හිත රිදෙන දේවල් කියන්න එපා. (නි)
අනේ තමුන්නාන්සේ ඉන්නකොට අපිට ගජරාමෙට කන්න බොන්න තිබ්බ නේ, අපි කන හැටි ලිපා දනී කිව්වා. ලුම්බිණි ආරක්ෂකයෝ පිරි වරාගෙන ඉන්නෙ දැන් සෙනග නැතුව, පිරිස ඉන්නවා කියල පෙන්නන්න. විශ්‍රාම නොගිහින් කර ගත්තු විජ්ජාවක්. (ස)
කන්න නෑ. බෙහෙත් නෑ.කන්න නැතිව අම්මල දරුවන් සමග ගඟට මුහුදට පැනල මැරෙනවා....... රජවරු,කුමාරවරු,බිසෝවරු ගහපු හතරවරම් ගැහිලි වලට ලංකාවක් ඉතිරි වීම ගැනයි මම පුදුම වෙන්නේ.ලංකාවට දෙවිවරුන්ගේ අල්ල බැල්ම තියෙනවා කියල විස්වාස කරන්නෙත්. (ස)
විධායක ජනාධිපති කුමය නැති කිරීමේ සහ මේ රටේ සියලුම ජාතින්ට එකම නීතියක් යටතේ ජීවත්වීමට සැලැස්වීමේ හැකියාව ඉහලින්ම තිබු ඔබතුමාත් එය කලේ නැහැනේ, මේ රටේ හැම දේසපාලන නායකයෙකුටම සහ ඔවුන්ට ඉහලින්ම ගැතිකම් කරන්නන්ගේ එකම ආසාව බලය. ඔබත් එය කලා නම් අද රට මේ තත්වයට පත්වෙන්නේ නැහැ. හමුදා කඳවුරු වලට විදේශිකයන් පරීක්ෂණ සඳහා එන්නේ නැහැ.කොටින්ම රට විදේශික පදයට නැටවෙන රටක් වෙන්නේ නැහැ. (ස)
වහල්ලු තවමත් වහල් කම් කරත්. (ස)
කොටි එක්ක ලඟින් ඇසුරු කලෙත් නිදහස් කලෙත් මෙයාමනේ අනේ. කරුණාව පිල්ලියාන් කේපීව. මේ ආණ්ඩුවෙන් නිදහස් කලේ නිකන්හිරේ දාගෙන සැක පිට ඉන්න අයව. (ස)
ගසා කාපු මහජන මුදලින් දැන් පින් දහම් කරනවා.මොනවා කලත් කල පව් පස්සෙන් එලවනකොට දුවන්න පාරවල් මදි වෙනවා.ඒක ඒකාධිපතියටත් එකයි හිඟා කන හිඟන්නටත් එකයි. (ස)
...ඇයි දන්නවාද...එයා කියන කරන දේවල් එයාම දන්නේ නැහැ. හිත රිදෙන දේවල් කියන්න එපා.හැබැයි...(ස)
මහින්ද මහතාණෙනි දවසක ඔබ අතේ ඇඟිලි පහේ ඇති මැදෙගිල්ල වගේ අන්අයට වඩා ඉහලින් සිටියා මතකයි පසුව ඔබ සුලෙඟිල්ලටත් වඩා පහලට ආවාද මතකය. එදා ඔබ සැමැ බලයක්ම අත තබාගෙන , අවලංගු කිරීම් , නැතිකිරිම් නොකර , අද ඔබ ආණ්ඩුවෙන් අහෝසි කරන්න කියා ඉල්ලන ඉල්ලීම් දැක්කාම .....? මම යනවා දොස්තර කෙනෙක් ගාවට මොලේ චෙක්කර ගන්න (අ)