විධායක ජනපති ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා විශේෂ කැබිනට් පත්‍රිකාවක් බදාදා (18) පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසූයේ අද (17) අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ද්විත්ව පුරවැසි භාවය වෙනුවෙන් සහතික පත් බෙදා දීමේ උත්සවයට එක්වෙමිනි.
මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක්ද තමාගේ පෞද්ගලික යෝජනාවක් ලෙස බදාදා කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනපති කීවේය.
අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහන උත්සවයේදී උන්වහන්සේගේ දේහය ඉදිරිපිට විධායක ජනපති ධූරය අහෝසි කරන බවට මීට පෙර ජනපති සපථ කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතාව ඔය සියල්ලටම වඩා බලාපොරොත්තු වෙන්නේ බඩු මිල පහත වැටීමයි. (නි)
ඇමති මණ්ඩලය 20 ට අඩුකරන්නත් හිතුවොත් හොඳයි නේද? (නි)
රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වන මන්දපෝෂණය තුරන් කිරීමට නම් 60% කින්වත් බඩු මිල පහත දාන්න ඕනෑ. රටේ සංවර්ධනයට එය කිරීම අත්‍යාවශ්‍යයි. (නි)
නාලිනී, බොරුවට අඬන්නේ නැතුව ඉන්න. ළඟ එන අයවැය දැවැන්ත ලෙස ආහාර මිල පහත හෙළන අයවැයක් කියලා හැමෝම කියනවනේ. (නි)
සේන, ඔයා ඉන්නේ මවාගත් වෙනම ලෝකයකද? (නි)
අනේ මන්දා මේවා මොනවයින් මොනවා වේවිද කියල?(ම)
මේවා කෙරෙනවා නම් හොඳයි (නි)
පසුගිය කාල වකවානුවේ හොඳට සැප විඳපු අය වගේ මෙතැන ලියපු අය. අනේ වාසනාවන්!!! (නි)
මට හිතෙන විදියට මේ සේන නම් දේශපාලකයෙක්ද කොහෙද? බලාගෙන ඉන්න සේන මොකද වෙන්නේ කියලා. (නි)
විධායක ජනාධිපතිකම රටේ යහපතට භාවිතා කරන්න. ප්‍රථමයෙන් දුෂණ,වංචා නැතිකර ආර්ථිකය,නීතිය සදාචාරය,සහයෝගිතාවය ඇතිකරන්න. (නි)
එහෙම වෙනවා නම් අපිත් කැමතියි (නි)
රටේ ජනතාව කාර්යක්ෂමවීමත්, නව සිතුවිලි පහළවීමත් රටක සංවර්ධනයේ දොරටුවයි. මේ දේ මේ විදිහට සිද්ධවෙන්න නම්, ඉතා ඉහළ තත්වයේ ආහාර ඉතා අඩු මිලට වෙළෙද පොළෙන් ලබාගත හැකිවිය යුතුයි. එවිට ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ ගොස් නව සිතුවිලි, නව නිර්මාණ කරන කාර්යක්ෂම ජාතියක් රට තුළ ඇතිවනු ඇත (නි)
පිටරටින් බඩු ගන්නතුරු බඩු මිල අඩුකරන්න බැහැනේ. ජාතික නිෂ්පාදන, විදේශ ආයෝජන වැඩිකර, මිනිසුන්ගේ ආදායම වැඩිකරන එක තමා කරන්න පුළුවන්. බඩු මිල ටිකක් අඩුකරනවා නම් අතරමැදියන් හළන්න. (නි)
දින 100කින් අවසන් කරනවා කියලා නේද මුලින් කිවුවේ? (නි)
විධායකය අහෝසි කරලා ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක තමයි වඩා වැදගත්. සෝභිත හාමුදුරුවන්ව මේවාට පටළවා ගතයුතු නැහැ. මොකද දේශපාලන විචාරකයෝ මේ ගැන විවිධාකාර මත පළකර තිබුණා. මොනවා කරයිද කියලා අපි අවදියෙන් සිටිය යුතුයි. (නි)
අපිට නම් දැන් කොහොමත් කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ (නි)
සේන, ලැබු නිදහසක්වත්, අපමණ අගයක්වත් ජනතාවට ලැබී ඇතැයි ඔබට සිතේද? (නි)
මේ රටේ දුප්පත් මිනිසුන්ට විධායක ජනපති ක්‍රමය නෙමෙයි ප්‍රශ්නය. මිනිසුන්ට අවශ්‍ය බඩු මිල අඩුකිරීම (නි)
මට නම් මේ වෙන දේවල් මොකුත් හිතාගන්න අමාරුයි (නි)
මම නම් මෙය සිදුවනතුරු විශ්වාස කරන්නේ නැහැ (නි)
ඔය පනත සම්මත වෙන්න ලැබේවා නමුත් ඕක ජනතාවගේ බොඳවුණු සිහිනයක්. (ම)
ගරු ජනාධිපති තුමනි, පුද්ගලික අංශයේ 2500/- වැටුප් වැඩි කිරීමේ යෝජනාවත් කැබිනට්ටුවට දාන්න (ම)
කෝඳුරු තෙල් හත් පට්ටියක් සොයන නොකෙරෙන වෙදකමක් නොවේවා (ම)
කෑම යනු දවසකට තුන් පාරක් අවශ්‍යවන දෙයක් නේ (බ)
සොෆිට ඕකවත් තේරෙන්නේ නැද්ද..ඕක අහෝසි වෙන්නේ මෙයාගේ කාලසීමාව අවසන් වුණාට පස්සේ.. (ම)
හොඳ වැඩක්. නමුත් කැබිනට් එක පිරිසුදු කරන්නත් ඕනේ. එ්කේ ඉන්නවා දුෂිතයන් ආරක්ෂා කරන්නන්. (ස)
සියලුදෙනා කල්පනා කරන්නේ කෑම ගැන පමණි.......!!!!! (ස)
අනේ මන්ද එක ප්‍රශ්නයක් විසඳද්දී අපේ මිනිස්සු වෙන වෙන ප්‍රශ්න ගැන කතා කරනවා.හැම දෙයක්ම අපි පියවරෙන් පියවරට කතා කරන්න හුරු වෙමු මාතෘකාවට අදාලව. (ස)
කොහොමත් විධායක ජනපති ක්‍රමය ඉවත් කරනවා කියන එක හොඳ ප්‍රවනතාවයක්. හොඳ කෙනෙකුට හම්බ වුනොත් හොඳයි.නැතිනම් වෙන්නේ වඳුරට දැලි පිහිය ලැබුන වගේ දෙයක්.අපි අමිහිරි අත්දැකීම් අත්වින්දනේ. (ස)
ජනපති තුමනි ඔබට මොනවා වෙයිද කියල අපි නං දන්නෙ නෑ. (ස)
ඕක තියලා ගියොත්, කියපු අඩි ගානට යටට යන්නත් පුළුවන්.තව සමහරුන්ට ෆීල්ඩ් මාර්ෂල් තුමාට වගේ සිර මැදිරියට යන්නත් පුළුවන්. සමහරු අතුරුදහන් වෙන්නත් පුළුවන්. රාජ්‍ය ආයතනවලට පොලු තියන්නත්,ඩුබායි බැංකු තර කරන්නත් හැකිවෙන නිසා එය ඉවත් කිරීම කාටත් ඇඟට ගුණය. (බ)
අන්ත දුෂිත දේශපාලුවන්ගෙන් පිරුණ පාර්ලිමේන්තුවේදී ඔය පත්‍රිකාව සම්මත වෙන්නේ නැහැ කියලයි මටනම් හිතෙන්නේ. අපි බලාගෙන ඉමුකො..(බ)
මම දන්නවා ඔබතුමා සත්‍ය, සාධාරනය වෙනුවෙන් නොබියව කටයුතු කරන නායකයෙක්. ඔබතුමා වගේ නායකයන් සමග අපිත් ඉන්නවා. (ර)
හොඳ වැඩක්. අපි ඔබ සමගයි. (ර)
කී දේ කරන කරන දේ කියන යුගයේ නිහතමානී මිනිසා , ගරු ජනපති තුමනි ඔබතුමාට මගේ ප්‍රණාමය (ම)