(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක පස්වැනි වසරේ සිසුන් තිදෙනකු විදුහල්පතිවරියගේ දැනුම් දීම අනුව පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින්  පාසලෙන් එළියට රැගෙන ගොස් දණගස්වා යටිපතුල්වලට පහරදී විදුලිය (කරන්ට්) වැදීමට  සලස්වන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජාතික ළමාරක්ෂක අධිකාරිය ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එම විදුහල්පතිවරියටද  ගුරුවරියකට   සහ  පොලිස් නිලධාරීන්   තිනෙකුටද  ඒ ආයතනය හමුවේ හෙට (8) පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් අප ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය  උදයකුමාර අමරසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමසීම සඳහා ඔවුන් මෙසේ කැඳවා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට හෙට (8) කරුණු වාර්තා කරන බවද  ඔහු සඳහන් කළේය.