පුත්තලම ජාතික පාසලේ පරණ යකඩ පුටු රාමු හා මේස රාමු තොගයක් විකිණීයැයි සැකපිට අත්අඩංගුවට ගත් එම පාසලේ විදුහල්පති සුමන අමරසිංහ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් රසල් අබුතාහීර් මහතා අද නියෝග කළේය. ජනවාරි අට වැනි ද නඩුව යළි කැඳවන්නැයි ද මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට නම් රස්සාව නැති උනත් මොකෝ ? ටික දවසකින් ඇහේවි " බෝතාල් 'පත්තරේ (පරණ යකඩ ).(නදී)
අනේ සත්‍යයා, ඒක තමයි ප්‍රශ්න විසදගන්න බැරුව ගොඩගැහිලා තියෙන්නේ. (නි)
අර ලක්ෂ පහළොවක පරණ යකඩ ගිලපු එකාට නම් (අ)
බඩුත් පරණ නම් වැඩක් ගන්නත් බැරි නම් ඉඩත් නැත්නම් ඕක විකුණලා දැම්ම එකේ වැරැද්ද මොකක්ද ? මමත් කලින් ගුරුවරයෙක් ,හැම ගුරු මණ්ඩලයකම ලොක්කට ලෙඩ දමන්න බලාගන ඉන්න අය තමා ඕවා කරන්නේ.
දැන් කලේ විදුහල්පතිවරු ගොඩක් දෙනා හොරු. එක්කෝ සිසුන් දාන්න අහිංසක මිනිසුන්ගෙන් පගාව ගනීවි. නැත්නම් මේ වගේ හොර වැඩ කරාවී. සොයා බල නිසි දඬුවම් ලබා දෙන්න. (ස)
මොහමඩ්, හිරගෙවල් වලට මිනිස්සු යවනවාද නැත්නම් එකවරම බෙල්ල කපල දානවාද කියල සෞදිය වගේ රටවල් නඩු විසඳන ආකාරය ට මේ රටේ නඩු විසඳන්න බැහැ. (ස)
චන්ද්‍රා වීරසිංහ මහත්තයාගේ කතාවට මමත් එකඟයි. (ස)
දැන් මොකක්ද මේකේ තියෙන වැරැද්ද ,(දිල්)
බුදු අම්මෝ මේ රටේ සිදු නොවුන පුදුම භයානක අපරාධයක් නේ. මලකඩ පොලොවට පස් වෙන්න කලින් විකුණලා. කවුරු හරි ඉරිසියාකාර නිකමෙක් මේ මනුසය අමාරුවේ දාල. (දිල්)
අනේ චන්ද්‍ර මහතයා ඒවා විකුණුවට කමක් නැහැ නමුත් අර සල්ලි ටික ගිය තැන එතන තමඊ වැරැද්ද.අද පරණ දේවල් රස වින්දොත් හෙට අලුත් දේවල් රස නොවිදි කියල කියන්නේ මොන වගකීමෙන්ද? අනේ අමිල මහත්තයෝ එකගතාවය දක්වන්නේ මේවගේ දෙවල්වලටද?(දිල්)
මහේස්ත්‍රාත්තුමනි,මේවගේ හොරුන්ට එපා සමාව දෙන්න එපා,අටවෙනිදාට ආවොත් එහෙම,කෙලින්ම රිමාන්ඩ් කරන්නන හෝ හිරේට යවන්න.(දිල්)
ඔවා මොනවද? හොර වැඩ අනියමි වැඩ හොරට තාප්ප ගහන විදුහල්පතිනියක් තවම හොදට ඉන්නේ...මෙිවා ඉතින් පත්තරෙත් ගියපු විස්තර නේ... අනේ අමිමප අධ්‍යාපන බලධාරීන් නිදිද? . (අ)
චන්ද්‍ර වීරසිංහ හරියටම හරි. ඔය පාසලේ මුල් පුටුවට දත කන අම්මණ්ඩියක් තමයි මෙහෙයුම දියත් කළේ. තවත් ඔය විදුහල්පති නිසා රස්සාව බේරා ගත්ත ගෑණු පෙරේතයෙකුයි ඉස්කොලේ මෙලෝ වැඩක් කරන්නෙ නැති, අනිත් උන්ට කරන්න දෙන්නෙත් නැති පොලී කාරයෙකුයි පුත්තලම් බූරුවෝ ටිකක් එක්ක එකතු වෙලා ලොක්කා එලවන්න ගහපු ගේම් එකක්. හැබැයි විදුහල්පතිත් නෝන්ජල් පොරක්. කොහෙවත් ඉන්න කබ්බො ෆෝම් වෙනකල් උඩ බලන් ඉන්නවා (අ)
ඔය ආකාරයේ හොරකම් වලට කියන විද්‍යාත්මක නම???? (අ)
චන්ද්‍ර වීරසිංහ, රජයේ දේපල වල අලුත් පරණ කියා වෙනසක් තිබේද? එසේ තනි තීරණ ගැනීම අනුමත කරන ඔබ වැනි ගුරුවරුන් හදුනාගැනීම රජයේ බලධාරින්ගේ වගකීමක් වගේම මෙවැනි රජයේ දේපල පුද්ගලිකව විකුණන රජයේ සේවයකයන් හදුනාගෙන නිවැරදි දේ රටට හෙළිකරන එක මාධ්‍යයෙන් ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙමු (නි)
අහුවෙන්නේ මේ වගේ අසරණ රජයේ සේවකයින් විතරද? (නි)
චන්ද්‍ර වීරසිංහ ගුරු තුමත් පරණ යකඩ වෙළඳාම කරපු බව පේනවා. විත්තියයි ,පැමිණිල්ලයි එක්කෙනාම වෙලා නඩුවක් අහන්න අමාරුයිනේ. ඒ නිසා හොරකම සාධාරණී කරන්න හදන්න නම් එපා මහත්තයෝ.(නදී)