
(චමින්ද වැවතැන්න)
ගලිගමුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් මහා විද්‍යාලයක විදුහල්පතිවරයෙක් අද( 12 ) විශ්‍රාම ගැනීම ප්‍රීතිය නිමිත්තෙන් සාදයක් පැවැත්වීමට කසිප්පු ගෙනවිත් ලාච්චුවක සඟවා සිටියේ යැයි කියන උසස් පෙළ සිසුන් තිදෙනෙක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් සිදු කරන ලද දැනුවත් කිරීමකට අනුව ශිෂ්‍යයින් තිදෙනා හා මත්පැන් පොලිස් භාරයට ගෙන තිබේ.
පංති කාමරයක කබඩයක කසිප්පු සගවා ඇති බවට ලද තොරතුරකට නියෝජ්‍ය විදුහල්පතිනිය ගොස් එය විවෘත කර පරීක්ෂා කිරීමේ දී පාසල් රැගෙන එන වතුර බෝතලයක තිබී කසිප්පු සොයාගෙන ඇත.
අනතුරුව මෙයට සම්බන්ධ වී ඇතැයි කියන සිසුන් තිදෙනා තහවුරු කරගෙන නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් කෑගල්ල පොලිසියට දන්වා තිබුණි.
පසුව සිසුන් තිදෙනා හා බෝතලය පොලිස් භාරයට ගෙන කෑගල්ල මුලස්ථාන පොලිසියට රැගෙනවිත් තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසසර නම් ළමයි වැරදි කලාම ලමයින්ව පෙලිසියට අල්ලලා දුන්නේ දඩුවම් කලා මිසක්
කරලා තියෙන්නේ වැරැදි වැඩක් තමයි. නමුත් කොල්ලෝ කොලු කමට කරන දේවල් ඔහොම තමයි. ඕක පොලිසි නොගිහින් නියෝජ්‍ය විදුහල්පතිනියටම විසඳන්න තිබුණු දෙයක්. පොලිස් නිලධාරීන්ටත් තියෙන්නේ අවවාද කරලා නිදහස් කරන්න. මහා පරිමාණ එතනෝල්, කුඩු ජාවාරම් කාරයෝ නිදැල්ලේ ඉද්දී මේ අහිංසක ළමයින්ට දඬුවම් කරලා වැඩක් නෑ.
කොළඹ පාසල්වල දරුවන්ට වගේ ගමේ දරුවන්ට සල්ලි නැහැ... හොඳ වර්ගයේ බෝතලයක් ගන්න. ඒ නිසා කසිප්පු ගේන්න ඇති. ඔවුන්ට පුළුවන් විදියට කරලා තියෙන්නේ අගය කරමු..!