IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විදුහල්පතිගේ සමුදිමේ පාටියට කොල්ලෝ කසිප්පු ගෙනල්ලා

(චමින්ද වැවතැන්න)

ගලිගමුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් මහා විද්‍යාලයක විදුහල්පතිවරයෙක් අද( 12 ) විශ්‍රාම ගැනීම ප්‍රීතිය නිමිත්තෙන් සාදයක් පැවැත්වීමට කසිප්පු ගෙනවිත් ලාච්චුවක සඟවා සිටියේ යැයි කියන උසස් පෙළ සිසුන් තිදෙනෙක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් සිදු කරන ලද දැනුවත් කිරීමකට අනුව ශිෂ්‍යයින් තිදෙනා හා මත්පැන් පොලිස් භාරයට ගෙන තිබේ.

පංති කාමරයක කබඩයක කසිප්පු සගවා ඇති බවට ලද තොරතුරකට නියෝජ්‍ය විදුහල්පතිනිය ගොස් එය  විවෘත කර පරීක්ෂා කිරීමේ දී පාසල් රැගෙන එන වතුර බෝතලයක තිබී කසිප්පු සොයාගෙන  ඇත.

අනතුරුව  මෙයට සම්බන්ධ වී ඇතැයි කියන සිසුන් තිදෙනා තහවුරු කරගෙන නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් කෑගල්ල පොලිසියට දන්වා තිබුණි.

පසුව සිසුන් තිදෙනා හා බෝතලය පොලිස් භාරයට ගෙන කෑගල්ල මුලස්ථාන පොලිසියට රැගෙනවිත් තිබිණි.



අදහස් (3)

විදුහල්පතිගේ සමුදිමේ පාටියට කොල්ලෝ කසිප්පු ගෙනල්ලා

kasun Tuesday, 12 November 2024 06:19 PM

ඉසසර නම් ළමයි වැරදි කලාම ලමයින්ව පෙලිසියට අල්ලලා දුන්නේ දඩුවම් කලා මිසක්

:       0       0

Pradeep Kumara Tuesday, 12 November 2024 07:46 PM

කරලා තියෙන්නේ වැරැදි වැඩක් තමයි. නමුත් කොල්ලෝ කොලු කමට කරන දේවල් ඔහොම තමයි. ඕක පොලිසි නොගිහින් නියෝජ්‍ය විදුහල්පතිනියටම විසඳන්න තිබුණු දෙයක්. පොලිස් නිලධාරීන්ටත් තියෙන්නේ අවවාද කරලා නිදහස් කරන්න. මහා පරිමාණ එතනෝල්, කුඩු ජාවාරම් කාරයෝ නිදැල්ලේ ඉද්දී මේ අහිංසක ළමයින්ට දඬුවම් කරලා වැඩක් නෑ.

:       0       0

ඉන්දික Tuesday, 12 November 2024 09:24 PM

කොළඹ පාසල්වල දරුවන්ට වගේ ගමේ දරුවන්ට සල්ලි නැහැ... හොඳ වර්ගයේ බෝතලයක් ගන්න. ඒ නිසා කසිප්පු ගේන්න ඇති. ඔවුන්ට පුළුවන් විදියට කරලා තියෙන්නේ අගය කරමු..! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site