නිවුන් දරුවන් දෙදෙනකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් 70000ක අල්ලසක් ගත් බව කියන මාලබේ පිරිමි ආදර්ශ විද්‍යාලයයේ විදුහල්පති නන්දසේන ජාසින් පතිරණ ලබන 31 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද නියෝග කෙළේය. අල්ලස් කොමිසම ඔහු අධිකරණයට ඉදිරිපත් කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඩිය වැඩි කරලා ඉල්ලුවාමත් ඒ මිනිස්සුන්ට කෙනෙහිලි කම්. ලෝකෙ නැති බොරු ජනතාවට කියලා ආචාර්‍රවරුන්ව බල්ලට දාලා පෙන්නනව.පී එච් ඩී කරපු මගේ එක යාළුවෙක්වත් ලංකාවට එන්නෙ නෑ. උන්ට මාර ජොබ් ඔෆර් හම්බු වෙනවා. අපිට උගන්නපු ගොඩක් සර්ලා බොහොම දක්ෂයි. ඕනෙනම් ඕනෙ හැටි රට යන්න පුළුවන් රස්සා වලට. ගෝලයන්ට පුළුවන් නම් මොකෝ ගුරාලට බැරි. ඒත් ඒ මිනිස්සු මොනා හෝ හේතුවකට මෙහෙ ඉන්න කැමතියි. එහෙවු මිනිස්සුන්ටත් කෙනෙහිළි.ජනතාව අතර මතයක් ඇති කරන්න හදනවා මේ ගොල්ලො වැඩක් නෑ, ප්‍රක්ටිකල් නෑ කියලා. සර්ලා ප්‍රැක්ටිකල් නෑ නෙවෙයි, ඒ ගොල්ලන්ගේ බුද්ධිය ප්‍රයෝජනේට ගන්න මෙහේ ඉන්න අනිත් මෝඩයන්ට තෙරෙන්නෙ නෑ.මෙහෙන් අහක දාපු මිනිස්සු තමා ඔය පිට රටවල ගිහින් සාර්ථක වෙන්නෙ.මෙහෙ ඉතින් රෝග මූලෙට බේත් කරන්නෙ නෑනෙ. ප්ලස්ටරයක් දාලා වහනවා. එතකොට අපේ රටට හරි යයිද? ප්‍රින්සිපල්ලටත් එහෙමම තමා. වැඩ කරන මිනිහටත් මාසෙට 25000යි වැඩ නොකරන එකාටත් මාසෙට 25000යි.හොරකම් කරන එක අනිවාර් යයෙන් වැරදියි තමා. ඒත් ලංකාව මිනිස්සුන්ව ඒකට පොලඹෝනව.ඒකටත් මොකක් හරි කරන්න වෙනවා.අර කියන්නෙ වරදට පොළඹෝනවා කියලා.ලංකාවෙ මුලු පද්ධතියම එහෙමයි. එතන තමා ලොකුම වරද.
අල්ලස දූෂණය රටෙන්ම අතුගා දැමිය යුතුයි
මම ඉන්නෙ මාළබේ. මේ කියන ඉස්කෝලෙ දිහා මම පිටින් බලාගෙන යනවා. මම ඇතුලාන්තය කියන්න දන්නෙ නෑ. ඒ වුනාට කොළඹ ලොකු ඉස්කෝලයක් නොවුනට යම් පිළිවෙලකට වැඩ කරගෙන යන වගක් පෙනුනා. දෙමවුපියො කැඳවලා නිතර ගුරු දෙගුරු හමු තියනවා. ඉස්කෝලෙත් බොහොම පිළිවලට පේනවා. ළමයින්ගේ විනය එහෙමත් නරකම නෑ වගේ. සමහර ඉස්කෝල ගන්න දෙයක් නෑනෙ. මම දන්න විදියට ඉගැන්වීම සඳහා නව තාක්ෂණය භාවිතා කරළා මේ ඉස්කෝලෙට කීප පාරක් සම්මානත් හම්බුනා. මයික්‍රොසොෆ්ට් එකත් සම්මාන දුන්නද කොහෙද. සමහර වෙලාවටනම් මට හිතුනා ඉස්කෝලෙ උත්සව එහෙම ටිකක් ප්‍රමාණෙට වැඩිද මන්දා කියලා. ඒත් මම ඕව ඔක්කොම හරියටම හොයලා බලලා නෑ. මම නිකන් දැක්ක දේ කිවුවෙ. මේ උත්සාහවන්ත දේවල් වලට මූලිකයා විදුහල්පතිතුමා කියලා තමා ආරන්චි වුනේ. එහෙම හැකියාව තියන උදවියත් මෙහෙම වුන එක ගැන ඇත්තටම කණගාටුයි. අපරාදෙ. වැඩ බැරි දාස කෙනෙක්ට නම් කෙළ වුනාට කමක් නෑ. ඒත් මේ හැකියාව තියන මිනිස්සුත් මෙහෙම කරාම අපරාදෙ. කවුරු කළත් ඉතින් වරද වරදමනෙ. කණගාටුයි.
හැමෝටම හොද පාඩමක්
සරසවියට ගියේ පොල් කඩන්නද දන්නේ නැ. පාරේ හිගා කැවානමි ඊට වඞා හොඳයි