මාතර ගන්දර දී පාපැදියකින් ගමන් කළ දස හැවිරිදි පාසල් සිසුවකු අනතුරට පත් කළැයි සැකපිට දෙවිනුවර පාසලක විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය කියයි.
විදුහල්පති මාතර සිට බෙලිවත්තේ සිය නිවසට මෝටර් රථයෙන් යද්දී පාපැදියේ ගැටී ඇත.
තුවාල ලැබූ සිසුවා මාතර මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
අත්අඩංගුවට ගත් විදුහල්පති තලල්ල රජයේ රෝහලට ඉදිරිපත් කළ පසු සිද්ධිය වන අවස්ථාවේ බීමතින් සිටි බව තහවුරු වූ බව පොලිසිය පවසයි.
ගන්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී එන් පුෂ්පකුමාර මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන්වරුන් වන 28488 සමන්ත සහ 26813 අනුර මහත්වරු විමර්ශන සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගේන එතනෝල් පාවිච්චි කරන්නත් ඕනනේ.(නදී)
ලෝකේ කිසිම රටක වෙන්නේ නැහැ.(නදී)
මේක මහා පුදුම දෙයක්නේ ලෝකේ කිසිම රටක වෙන්නේ නැති දේවල්නේ ලංකාවේ වෙන්නේ අපේ රටට මොකද වෙලා තියෙන්නේ.(නදී)
මෙතන බිව්වේ විදුහල් පති කෙන්ක්ද,අනතුරට පත් වුනේ සිසුවෙක්ද කියා හිතනවාට වඩා පොලිසියෙන් සිදුවිය යුතු රාජ කාරී තියෙනවා. බීමත්ව රිය පදවන සියලු දෙනාට නිසි දඬුවන් දෙන්න පොලිසියේ අපක්ෂපාතී රාජකාරීය කරන්න. (නදී)
අනතුරට පත් වූ දරුවාට මොහු වන්දි ගෙවිය යුතුය . (නදී)
ඉතින් කොහොමද ලොකු මහත්තය ළමුන්ට ආදර්ශයක් දෙන්නේ. (නදී)
ආදර්ශේ දෝරේ ගලයි ගම් දනව් සිසාරා ලංකාවට කිරි උතුරා. ඉහළ ඉඳන් පහළට යන ආදර්සය කවදා කොතැනක නවතීදැයි දන්නා කෙනෙක් නැහැ සක්වල.(නදී)
ලොක්කන් අරක්කු ජයටම නිෂ්පාදනේ කරනවා නම් විදුහල්පතිවරු බිව්වාම ඇති වරද මොකක්ද? වැඩි සැපයට අරක්කු වැඩි වැඩියෙන් බොනු කියලා චක්‍ර ලේඛයක් නිකුත් කලොත් නරකද? (නධී)
විදුහල්පතිවරුද මනුෂ්‍යයෝය. නීතිය හරි හැටි ක්‍රියාත්මක නම් අපට සතුටුයි.(නදී)
අද ඉතින් කව්ද පන්සිල් පද පහ රකින්නේ.(නදී)
එයා දන්නා කෙනෙක් හිටියේ නැද්ද පොලීසියේ උසස් නිලදාරීන් දන්නා අදුනන. එහෙම හිටියනම් බාරවෙන්න තිබුන ප්‍රශ්නය නොවෙන්න. මේ වගේ අමනුස්සයින්ට අද නීතියත් නැ. දඩුවනුත් නැ. ඒ නිසා හැමදේම සැහැල්ලුවට හිතනවා.(නදී)
වෙහෙස මහන්සි වෙන අය ටිකක් බොනවා තමයි. බීපු නැති ළමයි පරිස්සමෙන් යන්න දැනගන්න ඕනේ.(නදී)
වැඩි වැඩියෙන් එතනොල්ද. වැඩිවැඩියෙන් බාර් ලයිසං ද වැඩි වැඩියෙන් කුඩුද ඇති කිරීමන් සහ ලබාදීමෙන් ලංකාව ලෝකයේම ආස්චර්යය කල හැකි බව මගේ පුද්ගලික මතයයි. විදුහල්පති විතරක් නෙවෙයි 10 වසරේ කොල්ලෝ ගහනවා කරටිය කැඩෙන්න පාටි වලදී. අම්ම තාත්ත ඉස්සරහම මේ නාකි අපි කැලේ.(නදී)
ආස්චර්යද කොහෙද.(නදී)
ඕනෑතරම් මත්පැන් ඇති රටේ ටිකක් බිව්වට කමක් නැහැ කියල විදුහල් පති හිතන්න ඇති. මැතිඅමති වරුත් බීලා වාහන එලවන එකේ ,මෙයත් බොන්න ඇති. ප්‍රස්නයක් වෙන එකක් නැහැ,හෙට අනිද්දා එලියට ඒවි. (නදී)
තැලෙන යකඩයක් අල්ලාගෙන උඩ පැන පැන තලන්න හදන්න එපා, ඇමති කෙනේක්ගේ කවුරු හරි ඔය වැරැද්ද කරා නම් අද ඔහොම නිවුස් නැහැ, විදුහල්පති කෙනෙක් කියන්නේ සමාජයේ සාමාන්‍ය පුරවැසියෙක්, ඔහු රාජකාරී වෙලාවේ බිමත්ව හිටිය නම් තමයි වැරදි, ඔහුව නිවැරදි කරන්න හදනවා නෙවේ මේ , බීමත්ව රිය පැදවීම වරදක් , දැන දැන බොහෝ දෙනා ඕක කරනවා, අද ලොකුම පුවතක් උනාට , අද පොලිසියේ තමයි ඉන්නේ වැඩිපුරම බොන මිනිස්සු සහ නිතිය කඩන මිනිස්සු.(නදී)
සභාපතිලගේ අපල කාලේ ඉවරයි වගේ. දැන් ඒක විදුහල්පතිලට. ඊළඟට කව්ද? (නදී)